Sunday, November 20, 2011

Mathematical Background of computer astrology - part 6 ( චන්ද්‍ර ස්ඵුථය හා රාහු කේතු ග්‍රහස්ථුට ගනනය සදහා සමීකරණ)

  මීට පෙර ලිපි මගින් චන්ද්‍රයාගේ පිහිටීම ගනනය සදහා සිද්ධාන්ත පද්ධතිය විස්තර කරන ලදී.මෙම ලිපියෙන් චන්ද්‍රයාගේ හා රාහු කේතු ග්‍රහයන්ගේ ග්‍රහස්ඵුට හා එමගින් එම ග්‍රහයන් පිහිටි රාශීන් සෙවීමට අදාළ සමීකරණ ඉදිරිපත් කෙරේ.
 වර්ෂය = year ,  මාසය = month ,   දිනය= day   
 වේලාව  පැය =hour   මිනිත්තු =minutes   (පැය 24 ඔරලෝසු වෙලාවෙන්)    ලෙස ගත්විට

 මෙම ලිපි පෙලේ පලමු ලිපියේ දැක්වූ පරිදි(නැවත එම පලමු ලිපිය බැලීම අවශ්‍ය නැත.)



                             ජූලියන් දින අංකය (JDN)

              

 ඉතා වැදගත් 
         ඉහත සමීකරණවල දැක්වෙන බෙදීම් කොටස් වලදී ලැබෙන දශම අගයන් ඉවත් කර පූර්ණ සංඛ්‍යා අගයන් ගත යුතුය.  එනම් 
  (14-month)/12 ,  (153m +2)/5  , y/4 , y/100 , y/400   කොටස් වල තෝරා ගන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයයි.

    අදාල දිනයේ කිසියම් වූ වේලාවකට අනුරූප "ජූලියන් ඩේට්" අගය(JD)

                        

     සමීකරණ වලින් දැකවේ.
     ඉහත JDN  අගයෙන් 1720995 ක් අඩු කල විට ලැබෙන අගය j ලෙස ගත්විට
                              j = JDN - 1720995


                    b6 = (j - 694025 + h6) /36525

           මෙහි  h6 = (h + mt / 60 - 17.5) / 24


       g1 = 360* {fract[ 0.71455 + (99.99826) *(b6) ] }
        මෙහි fract [ x ]   මගින්  x අගයේ fractional අගය අර්ථ දැක්ව.
         * ලකුනින් ගුණිතය(වැඩි කිරීම) දැක්වේ.
         (මෙහි පසුවට දැක්වෙන ප්‍රකාශණ වලත් මෙම fract[] , *  පදවල අර්ථය මෙලෙසම වේ.)
         උදා  x = 10.53 නම්   fract[x]= 0.53

     h1 = 258.76  + 0.323 * (b6)
     a0  = 360* {fract[ 0.68882 + (1336.851353) *(b6) ] }
     b0 = 360* {fract[ 0.8663 + (11.298994)*(b6) - (3.0)*(e-5 )*(b6)*(b6) ] }  
 c0 = 360* {fract[ 0.65756 - (5.376495) *(b6) ] }                                                 
c0 < 0 නම්    c0 අගයට 360 ක් එකතු කර එම අගය c0  ලෙස ගත යුතුය 
g0 = (a0 -b0)
e0 = (g1 - h1) 
d0 = (a0 - g1)
f0 = (a0 – c0) 
L1 = a0 + 6.2888 *sin(g0) + 0.2136*sin(2*g0) + 0.01*sin(3*g0) 
           + 1.274*sin(2*d0 - g0) + 0.0085*sin(4*d0 - 2*g0)
L2 = - 0.0347*sin(d0) + 0.6583*sin(2*d0) + 0.0039*sin(4*d0)
           – 0.1856*sin(e0) - 0.0021*sin(2*e0) + 0.0052*sin(g0-d0)
 L3  = - 0.0588*sin(2*g0-2*d0) + 0.0572*sin(2*d0-g0-e0)
              + 0.0533*sin(g0+2*d0) + 0.0458*sin(2*d0-e0)
                +0.041*sin(g0-e0) -0.0305*sin(g0+e0)
L4  = - 0.0237*sin(2*f0-g0) - 0.0153*sin(2*f0-2*d0)  +0.0107*sin(4*d0-g0) -0.0079*sin(g0+e0+2*d0)   -0.0068*sin(e0+2*d0)+0.005*sin(e0+d0)
                                                                                                                                                                                                                       
L5 =  - 0.0023*sin(g0+d0) + 0.004*sin(2*g0+2*d0)  + 0.004*sin(g0-e0+2*d0) -0.0037*sin(3*g0-2*d0) -0.0026*sin(g0-2*d0+2*f0)+0.0027*sin(2*g0-e0)     
  
L6 = -0.0024*sin(2*g0+e0-2*d0)+0.0022*sin(2*d0-2*e0)  - 0.0021*sin(2*g0+e0) 
             + 0.0021*sin(c0*z2)+ 0.0021*sin(2*d0-g0-2*e0)  
L7= -0.0018*sin(g0+2*d0-2*f0)+0.0012*sin(4*d0-g0-e0)-0.0008*sin(3*d0-g0) R0=2*(L1+L2+L3+L4+L5+L6+L7-c0)       
D3 =  (L1 +L2 +L3+L4+L5+L6+L7) + 0.004  - 0.1143*sin(R0)                                                             
D3<0.0 නම්  D3 අගයට 360 ක් එකතු කර එම අගය  අගය D3 ලෙස ගත යුතුය.                                                                         D3 >=360.0 නම් D3 අගයෙන් 360 ක් අඩු කර එම අගය  D3 අගය ලෙස ගත යුතුය.                                              
  මෙලෙස ලබා ගත් අවසාන අගය  D3Fනම්  D3F මගින් චන්ද්‍රයාගේ ග්‍රහස්ඵුටය ලැබේ.                                                                          
         D3F/30 හි නිඛිල අගයට 1 ක් එකතු කල විට චන්ද්‍රයා සිටින රාශිය ලැබේ                                                  ( 1 නම් මේෂ ,2 නම් වෘෂභ ,.....12 නම් මීන )
       d4 = c0  හා d5 = c0 + 180.0      ලෙස ගනිමු d5 >= 360.0 නම් d5 අගයෙන් 360.0 ක් අඩුකර එම අගය  d5 ලෙස ගත යුතුය.  මෙලෙස ලැබෙන  d4 හා අවසාන d5 අගයන් වලින් පිළිවෙලින් රාහු හා කේතු පිහිටීම ලැබේ.     ((d4 /30 ) හි නිඛිල අගය  + 1) මගින් රාහු පිහිටි රාශියේ අංකයත් ((අවසාන d5/30) හි නිඛිල අගය  + 1)  මගින් කේතු පිහිටි රාශියේ අංකයත් ලැබේ.    

No comments:

Related Posts Plugin for WordPress, Blogger...