Tuesday, November 29, 2011

ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම .


 ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම
 ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්‍රයකි.ලොවපුරා විවිධ ජාතීන් ජ්‍යොතිෂයෙන් වැඩ ප්‍රයෝජන ගන්නා අකාරයෙන් මෙය මොනවට පැහැදිලිවේ.
    ජ්‍යොතිෂය පිළිගන්නා අය අතර දේශපාලඥයන්ද ඉදිරියෙන්ම සිටී.එදා මෙදා තුර මෙරට පාලනය කළ ජන නායකයින් රාශියක් ජ්‍යොතිෂය විශ්වාස කලෝය.වර්තමාන ජනාධිපති තුමාද විටින් විට 
     "අනේ මම ඔය කේන්දර කාරයෝ කියන දේවල් ගනන් ගන්නේ නෑ.ග්‍රහයන්ට පුළුවන්ද අපේ වැඩ නවත්වන්න" 
         වගේ කතා මූනිච්චාවට කිව්වත් එතුමාද ජ්‍යොතිෂය ඉතා හොදින් පිළිපදින බවට සාක්‍ෂි එමට ඇත.මෙහි සත්‍ය අසත්‍ය බව විමසා බැලීමට අවශ්‍යනම් ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ 1945 නොවැම්බර් 18 දින පාන්දර 2ත් 4ත් අතර වේලාවක් සිතා එය ජනාධිපති තුමාගේ උපන් වේලාව ලෙස දක්වා පෝස්ට් එකක් දමා බලන්න.ඔබගේ අඩවිය නිසැකවම රහස් පොලිසියේ අවධානයට ලක්වනු ඇත.සිරිමාවෝ බණ්ඩාරණායක,ජේ.ආර් ජයවර්ධන ,ආර් ප්‍රේමදාස ,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්‍ෂ යන ජනනායකයන්ගේ උපන් දින ලග්න සොයා ගැනීම අසීරු නොවුනත් ඔවුන්ගේ නිවැරදි උපන් වේලාවන් සොයා ගැනීම අසීරු වන්නේ එය ප්‍රසිද්ධ කිරීම අනතුරුදායක බව එම ජන නායකයින්ට ජ්‍යොතිෂ උපදෙස් ලැබී තිබුනු නිසාමය.

        නොවැම්බර් 15 ශනි මාරුව අපේ රටට බලපෑ හැකි ආකාරය පිළිබදව පසුගිය දිනවල වැඩිපුර කතාබහට ලක්විය.ඉන් වඩාත් කතාබහට ලක්වූයේ ශනි මාරුව සිදුවී දින තුනකට පසු ජනාධිපති තුමාගේ උපන් දිනය දා ජනරාල් සරත් ෆොන්සේකා මහතාව සුදු කොඩි නඩුවේ වැරදි කරුවකු ලෙස වසර තුනකට සිර ගතවීමය.තුලා ලග්න හිමියකු වූ ෆොන්සේකා මහතාටත් කන්‍යා ලග්න හිමියකු වූ මහින්ද ජනාධිපති තුමාටත් ශනි මාරුව සමඟ එතෙක් පැවති ඒරාශ්ඨක අපල අඩු වීමක් සිදු විය.ශනි 12 වැන්නේ ගෝචර ගමනින් මිදී ලග්න ගත වීම නිසා ෆොන්සේකා මහතාට යම් සහණයක් ලැබේ යැයි ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති බොහෝ අය බලාපොරොත්තු වුවත් කිසිවකු නොසිතූ පරිදි ෆොන්ස්කා මහතාට තවත් වසර තුනක සිරදඩුවමක් හිමිවිය.
      සුදු කොඩි නඩුවේ තීරණ දිනය ජනාධිපති තුමාගේ උපන් දිනය දාට යෙදී තිබීම අහම්බයක් ලෙස පෙනුනත් ජ්‍යොතිෂය ගැන මනා වැටහීමක් ඇති අයකුට එතුල ගැබ්වී ඇති බුද්ධි සංග්‍රාමය වටහා ගත හැකිය.අහඹු හා සැලසුම් සහගත අයුරින් පසුගිය සති කීපය තුල දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ සිදුවූ සිදු වීම් සලකා බැලූ විට නොවැම්බර් 21 අයවැය ඉදිරිපත් කිරීම ,නොවැම්බර් 23 ෆොන්සේකා මහතා මුදවා ගැනීමට විපක්‍ෂය වැඩපිළිවෙලක් ආරම්භ කිරීම,නොවැම්බර් 27 අධිවේගී මාර්ගය විවෘත කිරීම ප්‍රධාන තැනක් ගනී.
        පසුගිය සතියේ සිදුවූ මෙම සිද්ධීන් සමුදාය ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීමේ ඵල විපාක මැනවින් දර්ශනය කලේය.මින් ඇතැම් ක්‍රියා වල ක්‍ෂණික ප්‍රතිවිපාක දැක ගත හැකි විය.කලින් දින නියම කරගෙන සිටි පරිදි නොවැම්බර් 21 අයවැය ඉදිරිපත් කිරීම ජනාධිපතිතුමා විසින් සිදුකල අතර අයවැය කතාව ආරම්භ කරන විට යෙදී තිබූ උත්‍රපල් නැකත ජනාධිපතිතුමාගේ උපන් නැකත වූ අස්විද නැකතට අසුභදායක විය.දෙපාර්ශ්වය විසින්ම පෙරසූදානමකින් අයවැය දිනයට සූදානම් වී තිබූ නමුත් ජනාධිපති තුමා අයවැය කතාව ඉදිරිපත් කරන විට පෙර කිසිදිනෙක නොතිබුනු විරෝධයක් බාධාවක් එල්ල විය.ගැලරිය දෙසින් ජනාධිපතිතුමා වෙතට වතුර බෝතලයක්ද එල්ල වි ඇත.ජනාධිපතිතුමා වෙත එල්ල වූ වතුර බෝතලය එතුමාගේ දෙපා මුල වැටී මූඩිය ගැලවී වතුර පොඩ්ඩක් එළියට ගිය බව මාධ්‍ය වාර්තා වල තිබූ නමුත් බෝතලය තව ටිකක් එහාට මෙහාට වුනානම් එය ජනාධිපතිතුමාගේ හොස්සේ වදින බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
     මෙවර අයවැය පිළිබදවද විවේචන වැඩිපුර එල්ල වූ අතර මෙවර අයවැයෙන් ලබා දුන් ඇතැම් දීමනා මාධ්‍ය වලින්ද උපහාසයට ලක් කලේය. අඩු ආදායම් ලාභී පවුල් සදහා පොල්පැළයක් ලබා දීම හා හමුදා පවුල් වල තුන්වන දරුවා වෙනුවෙන් රු ලක්‍ෂයේ දීමනාවක් ලබා දීම ඇතැම් අය උපහාසයට ලක්කලේ කුලී නිවෙස් වල ජීවත් වන ඉඩම් අහිමි අඩු ආදායම්ලාභී අය පොල් පැලය සිටුවන්නේ අනුන්ගේ වතුවලද යන්න ප්‍රශ්ණ කරමිනි.යුද්ධයෙන් මියගිය හමුදා සෙබළුන්ගේ පවුලක මේවන විට සිටින්නේ එක් දරුවකු හෝ දෙදෙනෙකු පමනක් නම් එම පවුල් වලට මෙම දීමනාව කිසි දිනෙක හිමි නොවනු ඇත.මේ දක්වා මෙම ලක්‍ෂයේ දීමනාවට සුදුසුකම් ලබා ඇත්තේ හමුදා පවුල් දෙදහස් ගනනක් පමනක් වීම මෙය පෙර සිටම ගනන් බලා වෙන් කල දීමනාවක් වැනිය.
    අයවැය කලබල අස්සේ විපක්‍ෂය ක්‍රියාත්මක වෙමින් ෆොන්සේකා මහතා මුදවා ගැනීමේ සටනක් ආරම්භ කළේය.ශනි මාරුවත් සමඟ තුලා ලග්න හිමියාගේ ලග්නයේ "සස" නම්වූ පංච මහා පුරුෂ යෝගය ක්‍රියාත්මක වීමෙන් ඔවුන් වටා සේනා බලය වැඩි වීමේ ජ්‍යොතිෂ සිද්ධාන්තය පිළිඹිබු කරමින් ෆොන්සේකා මහතා වටාපිරිස් බලය වැඩි වීමක් සිදු වුවත් ජනාධිපතිවරණය්දී ඔහුට ජන්දය දුන් 47%  ක සේනාව පසෙක සිටියදී 2010 වසරේදී එතුමාව බළලෙකු කරගනිමින් කොස් ඇට බා ගැනීමට මාන බැලූ වදුරු සේනාවම මෙවරත් ඔහු වටා එක්වෙමින් ඔහුගේ සිර දඩුවම දඩමීමා කොටගෙන ආණ්ඩු පෙරලීමට උත්සාහ කිරීමක් දැකිය හැකි විය.ෆොන්සේකා මහතාට විරුද්ධව ක්‍රියා කිරීමට පවා ජ්‍යොතිෂ සිද්ධාන්ත යොදාගැනීමක් සිදුවන බව විමසිල්ලෙන් බලන අයකුට පෙනුනත් ෆොන්සේකාගේ ආරක්‍ෂණ ක්‍රියාපාටිපාටියට ජ්‍යොතිෂ සිද්ධාන්ත යොදගැනීමක් හෝ උපදෙස් ලබා දීමක් නැති බව පැහැදිළිව පෙනී යන්නේ ඔහු වෙනුවෙන් අත්සන් කෙරෙන අන්තර්ජාල පෙත්සම ඇරඹීම පවා ෆොන්සේකා මහතාගේ උපන් නැකතට සතුරු නැකතක් යෙදී ඇති නොවැම්බර් 23 දිනය යොදා ගැනීම නිසාය.
    රැවටිලි අයවැයක් ඉදිරිපත් කිරීම නිසා යම් ජනතා අප්‍රසාදයක් ආණ්ඩුව වෙතට පැමිණියත් මේ සියල්ල නැවත කණපිට පෙරළමින් අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් ජනාධිපති තුමාත් රජයත් ජනතා ප්‍රසාදයක් ලබා ගත්තේය.කවුරුන් කෙසේ කීවත් අධිවේගී මාර්ගය විවෘත කිරීම ජනතාව අතර ප්‍රසාදයට ලක්වීමට ඒ සදහා ජ්‍යොතිෂය යොදා ගැනීමද පැහැදිළි ලෙසම බලපෑමක් විය.
    අධිවේගී මාර්ගය විවෘත කිරීමට ජ්‍යොතිෂය  ඉතා සුපිරි අයුරින් යොදාගෙන ඇති බව ජ්‍යෙතිෂව්දීන් ලෙස අපහට කිව හැකිය.නොවැම්බර් 27 දිනයේ උදේ 10.45 වේලාවට සෙනසුරු හෝරාව යෙදී ඇති නිසා ධන හානී තුවාල අනතුරු අවධානමක් ඇති වුවත් එම වෙලාවට යෙදී ඇති තුරදේව සිවලිත මුහුර්තයත් ඉරිදා දින මුල නැකත යෙදී උදාවන "සිද්ධි" යෝගයත් නිසා විවෘතයට අතගසන රාජ්‍ය නායකයාට සර්ව ජන වශී බලයක් ලැබෙනු ඇත.කාලගුණය පවා එදින යහපත්ව පැවතුණි.
     සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මතදාරී ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවේ පුරාජේරු ගසමින් විරුද්ධ පාර්ශ්වයන්ට අසීමාන්විතව මඩ ගසමින් විකාශය වන රජයේ රූපවාහිනී මාධ්‍ය නැරඹීම අප්‍රිය කරයි.ඒවායින් එළියට විසිවෙන පුරාජේරු හා මඩ තමන්ගේ ඔළුවට දාගන්නේද නැත.ඒ කෙසේ වුවත් අම්බානක නයවී හා ඒ තරමටම යටිමඩි ගසමින් හෝ "අධිවේගී මාර්ගයක්" ලංකාව තුල ඉදිවීම අප ලද භාග්‍යයක්මය.
  ඉහත සටහන දැක්වූයේ දේශපාලන මතිමතාන්දර දැක්වීමට නොව දේශපාලඥයන් ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම ඔවුන්ටත් ජනතාවටත් ඇති කරන බලපෑම්  මෑත කාලීනව සිදුවූ සිදුවීම් කිහිපයක් ඇසුරින් පෙන්වා දැක්වීමට පමණි.

17 comments:

Anonymous said...

මම මහින්දගේ කේන්දරේ හදල බැලුව. එක හිතාගන්න බැරිතරම් බලවත් ග්‍රහ පිහිටීම් ගානක් පිහිටලා තියෙනවා.
එකොලොස් වැන්නේ කුජ සෙනසුරු යෝගය පිහිටීමේ ප්‍රතිපල මොනවද?

jhothishalanka said...

@Anonymous
එම යෝගයේ සුභ මෙන්ම අසුභ ඵලද තියෙනවා.(අඟහරු නීච නිසා)කොහොමත් අවු අසූ ගානක් යනතුරු ලග්නයේ දිග්බලවෙලා ඉන්න ගුරුගේ මහදශාව තිබීම කොහොම වෙයිද කියලා හිතන්න ලොවෙත් නෑ නේද?ඔය ගමන්ම සරත් ෆොන්සේකා මහතාගේ කේන්දරෙත් ගහලා බලන්න මෙන්න උපන් වෙලාව
1950 දෙසැම්බර් 18 පාන්දර 2.4 අම්බලන්ගොඩ

Anonymous said...

මන් හිතන්නේ වෙලාව 2.6 වෙන්න ඕනේ.කොහොම උනත් මට හිතෙන විදිහට ෆොන්සේකාගේ කේන්දරේ 4 රුචක යෝගයත් 3 ත්රිග්‍රහයෝගයත් යුද සෙනදිපතියෙක් කරන්න පිහිටපු යෝග.කේන්දර දෙකම වර්ගොට්ටමයි.බලවත් නායකයෙකුට බලවත් ප්‍රතිවාදියෙක්. මට හිතෙන විදිහට ෆොන්සේකාගේ කේන්දරේ මහින්දගේ කේන්දරේ තරම් බලවත් නැහැ.. මම හරිද? ඔව් මහින්දගේ කේන්දරේ චන්ද්‍රදියෝගයට අයිති ලග්නයේ දිග්බල වෙච්ච ගුරුගේ මහදසාව යන්නේ. එක නිසා සෙනසුරු එරෂ්ටකේ එච්චර බලපෑමක් කරයිද? කොහොම උනත් එළඟට අෂ්ටමක එරෂ්ටකයකුත් තියෙනවා.මොකද හිතන්නේ ජනාදිපති කමින් හොල්ලන්න බැරිවෙයිද?

jhothishalanka said...

@Anonymous
ෆොන්සේකා මහතාගේ කොන්දරේ ජනාධිපති තුමාගේ කේන්දරේ තරම් බලවත් නැහැ කියන කතාවෙ නම් ඇත්තක් තියෙනවා.කාලානුරූපීව.අනිත් දේවල් වලට උත්තර දෙන්න බෑ යාළු මොකද ඔයා ඇනෝනිමස් මම රියල් ප්‍රොෆයිල්.

Anonymous said...

මාරයිනේ පරණ බමුණෝ දෙන්නෙක් සෙට් වුණා වගේ

Anonymous said...

හෑ....කව්ද බොලේ බමුනෝ....හික්..

mevan said...

6ye kuja kethu.7 chandra.8sikuru buda ravi senasuru.12 guru rahu.lagne kumba.meke kala sarpayogaya thiyada

තිරිසනා said...

මම නම් දැනන් හිටිය ෆොන්සේක මහත්තයට සාදාරනයක් ඉෂ්ඨ නොවෙන විත්තිය.මොකද සෙනසුරු මාරුවත් එක්කම ෆොන්සේක මහත්තයගේ කේන්දරේ චන්ද්‍රයාගෙන් 8 වැන්නට සෙනසුරු ඇවිල්ල ජන්ම ඒරාෂ්ඨක සහ ලග්න ඒරාශ්ඨක අපලෙට අහුවෙලා ඉන්නේ.ඒ හින්ද නඩු තීන්දුවෙන් සහනයක් එයි කියල හිතන්ඩ අමාරුයි. 2013 පෙබරවාරි කුජ මහදසාව අවසන් වෙලා සතුරුනාශක 6වැන්නේ රාහු මහදසාව පටන් ගන්නව.

ජනාදිපතිතුමාගේ කේන්දරේ 2වැන්නට සෙනසුරු ඇවිල්ල තියෙනව.කසාද බැඳපු පිරිමියකුගේ 2 වැන්න........ක් විදිහට තමා ගනන් ගන්නේ.එතනට සෙනසුරු ඇවිල්ල 11 වැන්නේ කුජගෙන් දෘෂ්ඨියක් දෙනව දෙවැන්නට.මාරකස්ථානයකට සෙනසුරු ඇවිල්ල නරක ග්‍රහයෙකුගේ අසුබ දෘෂ්ඨියක් ලැබිල තියෙනේ.ඊටපස්සේ එන අවුරුදු දෙකහමාර ඒරාශ්ඨ්කය.ඒ එක්කම කන්‍යාවට අසුබ ගුරු මහ දසාව.ගුරා මේදවස් වල ඉන්නෙත් අටේ

mevan said...

mmmmmm

Anonymous said...

ජ්හොතිෂ්‍යයේ තියෙන වරදම ඕකයි. එක න්‍යායක් තව න්‍යායකින් කැපිල යන්න පුළුවන්. තම තමන්ට පේන විදිහට ග්‍රහ පිහිටීම් විස්තර කරනවා. ජ්යෝතිශ්යානුකුලව හැම තර්කෙම හරි. එත් වෙන එක හරියටම කියන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ..

Anonymous said...

මට මේ ලග්න පලාපල බලද්දි ඇතිවෙච්ච ගැටලුවක් ..මේ නෙට් එකේ එහෙම තියෙන හැටියට මම කටක..(ජූනි21-ජූලි22) ඒත් කේන්දරේට අනුව මම මකර..ඉතින් මේ නෙට් එකේ එහෙම තියෙන පලාපල වලදි මම බලන්න ඕන කොයි එකද කියල හිතාගන්න බෑ..ජෝතිශ්ය කෝම බාවිතා කරන්නද මන්ද?...

jhothishalanka said...

Last Anonymous ඔබගේ කමෙන්ටුව සම්පූර්නයෙන් පැටලිලි සහිතයි.ඔබ මේවා කිසිවක් නොබලා කටයුතු කිරීම වඩාත් හොදයි.

unknown said...

@Last Anonymous

ජුනි 21 - ජුලි 22 අතර ඉපදුන කෙනෙක්ගේ ලග්නය කටක වෙන්නේ උපතේදි රවි සිටි රාශිය ලග්නය හැටියට සලකාගෙන. එකට කියන පලාපල එතරම් නිවැරදි වෙන්නේ නෑ. ඔබ කියන දේ අනුව 'මකර' තමා ලග්නය හැටියට සලකන්න ඔනේ.

Anonymous said...

ඇත්ත මගේ විස්තරය පැහැදිලි මදි..ජෝතිශ් ල0කා මහතාටත්..මගේ ප්‍රශ්නය තේරුම්ගත් අනෙක් මහතාටත් ගොඩක් ස්තුතියි..

jhothishalanka said...

@Anonymous
සමාවෙන්න .මගේ අඩවියට ගොඩවූ අයකුගේ සිත් රිදවීමට කිව්වා නොවේ.ඇත්තටම මට එතනදී කියලා තිබුනේ මොකක්ද කියලා තේරුනේ නැහැ.

Anonymous said...

ජ්‍යොතිෂලංකා මේ ලිපියේ අන්තර්ගතය පැහැදිලි නැහැ.ඔබ මෙයින් කියන්නේ ජ්‍යොතිෂය පිලිගන්න දේශපාලඥයන් එය පිළිනොගන්නා දේශපාලඥයන්ට වඩා සාර්ථක බව නේද?එතකොට විදේශීය දේශපාලඥයොත් ඉහළ තනතුරු වලට ආවේ ජ්‍යොතිෂය භාවිතා කරලද?

Anonymous said...

ෆොන්සෙකා මහතගෙ කෙන්ද්‍රයේ කාලසර්ප යෝගය අනුව ඉහලම තලයකට ජීවිතය නන්වා නැවත ගොඩ ඒමට නොහැකි ලෙස පහතට ඇද දමා ඇත.ඉදිරියට ඇති දශාවන් අනුවනම් කිව හැක්කෙත් එයමයි.

Related Posts Plugin for WordPress, Blogger...