Saturday, December 18, 2010

ගර්භාරක්‍ෂාව සදහා ජ්‍යොතිෂ හා සාම්ප්‍රධායික පිළිවෙත්

 ගර්භාරක්‍ෂාව සදහා ජ්‍යොතිෂ හා සාම්ප්‍රධායික පිළිවෙත්

  1)තද රතු හා කළු ඇදුම් ඇදීමෙන් වැලකීම
  2)අවේලේ ළිං,ඇළ,දොළ,ගංගා ඉවුරු වල මුහුදු වෙරළේ තනිනොවීම.
  3)මස්,මාළු,ඇට වර්ග බැදගෙන නොකෑම(මින් අදහස් කෙරෙන්නේ ඒවා නොකෑම නොව තෙලෙන් බැද කෑම අගුණ බවයි.)
  4)ස්ත්‍රිය ගැබිනිව  සිටියදී ගෙවල්වලට මුල්ගල තැබීම,අත්තිවාරම් දැමීම,දොර උළුවහු තැබීම,වහලය ගැසීම නොකළ යුතුය.(වර්තමානයේ බොහෝ දෙනා මින් ආරක්‍ෂා වීමට ගැබිනිය වෙනත් නිවසක තබා එම කටයුතු සිදුකිරීමට පෙළඹී ඇතත් එය ඉතා නුසුදුසුය.)
  5)මව ගැබිනිව සිටියදී අනිත් දරුවන්ගේ හිසකේ නොකැපිය යුතුය.
  6)ගැබිනිය තැන් තැන්වල මුත්‍රා නොකිරීමට වග බලා ගත යුතුය.
  7)ගැබිනියගේ ඇදුම් රාත්‍රී කාලයේ එළිමහනේ නොදැමිය යුතුය.
  8)ගැබිනිය වැට කඩොළු පැනීම,රෙදි වැලවල් යටින් යාම අගුණය
  9)ගැබිනිය හිස පීරනවිට ගැලවෙන කෙස් පෑගෙන්නට නොදැමිය යුතුය.
 10)ගැබිනිය පිටින් ආහාර ගැනීමේදී විශ්වාස තැන් තෝරා ගත යුතුය.
 11)මළගෙවල්,කොටහළු ගෙවල් වල රැදී සිටීම අගුණය.
 12)අධික ශබ්ද ඇති ස්ථාන,හදිසි අනතුරු වලින් මියගිය අය බැලීම,බෝධි වෘක්‍ෂ අසළ රැදීම මඟ හැරිය යුතුය.

6 comments:

ඉලංදාරියා said...

මෙසේ වීමට කඩවර දොස් බලපානවද..?/

jhothishalanka said...

කඩවර(කළුකුමාර) දෝෂය ගැබිනි මව්වරුන්ට පමනක් නොවේ කාන්තාවන්ට පොදුවේ බලපෑ හැකි අමනුෂ්‍ය දෝෂයක් ලෙස තමයි පැරන්නෝ සැලකුවේ.ගැබිනි මව්වරු මෙයින් විශේෂයෙන් ආරක්‍ෂා විය යුතුයි.ඉහත දැක්වූ 1,2,3 පිළිවෙත් වලින් දක්වා ඇත්තේ ගැබිනියන්ව කළුකුමාර ඇතුළු අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්‍ෂා කිරීමටයි.

jhothishalanka said...

කඩවර යනු තොටුපලවල් ආශ්‍රිත ක්‍රියාත්කම අර්ධ දෙවි අමනුෂ්‍ය බලවේගයක් ලෙසටද මතයක් ඇත.

9XM said...

/බෝධි වෘක්‍ෂ අසළ රැදීම මඟ හැරිය යුතුය./
එතකොට පන්සලේ බෝධි පූජා වලට යන්නත් හොඳ නැද්ද? ඒක නම් වෙන්න බෑ...

jhothishalanka said...

@saman ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කරාවි කියලා මම හිතුවා.ඇත්තටම මෙහිදී ආගමික හා සාම්ප්‍රධායික අදහස් පටලවා නොගත යුතුය.ගැබිනියන්ට බෝධි වෘක්‍ෂ අසලට යාම අකැප ලෙස දැක්වීම තිරිසන් කතාවක් ලෙස තමයි පෙනෙන්නේ.නමුත් මෙය විස්තර කළ නොහැකි ගුප්ත විශ්වාසයක් මත රදා පවතින්නක්.ගැබිනිය හා කුස තුල සිටින දරුවාට සෙත් පතා බෝධි පූජා කිරීමේදී ගැබිනිය නිවසේ සිටියදී අන් අය විසින් එය සිදුකරයි.දරුවා ඉපදී මාස තුනක් පිරෙන තුරු දරුවාව පන්සල් රැගෙන යාම ප්‍රමාද කිරීමද මෙම සිද්ධිය හා බැදී ඇත.

janaka said...

'බෝධි වෘක්‍ෂ අසළ රැදීම මඟ හැරිය යුතුය'.මෙය මීට පෙරද ප්‍රවීන විද්වත් මහතුන් පිරිසක් ප්‍රකාශ කිරීමත් සමගම ශ්‍රවනය කලා වු පිරිසක් මහා කාල ගෝට්ටියක් කලහ. මේ මෑතක ඡන්ද සමයක "ගැබිණී මව්වරුන්ට දානයක්දී,තෑගි බෝග ලබන විටදී X ගේ නමකියා 'වැද, නමස්කාර කර Xගේ ග්‍රහ අපල දුරුවේවා බලයට සෙත් පතන්නයි' කීවාය, ළු. මෙයද මහා පාපයකි! මන්ද "නූපන් දරුවෙකු ටද කියා වැද නමස් කාර කර ගැනීමකී" මෙය වක්‍රෝර්ති පිදුමකි. ඈය විසි කලද: බොහෝ පිරිස් ගැබිණී මවගෙන් වැදුම් නොලබයී. නුපන් දරුගේ ​​දෛවය නොදනී!

Related Posts Plugin for WordPress, Blogger...