Tuesday, February 8, 2011

මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ 2

********************************************************************
"මේ සිද්ධිය වුනෙත් තාත්තා අසනීප වෙලා මට තනිවම හදහන් බැලිල්ල කරන්න සිදු වූ මුල්ම අවදියේ.ඔන්න දවසක් අම්මා කෙනෙකුයි ලාබාල වයසෙ උන්නු එයාගෙ දුවයි මගේ ලගට ආවා.
කේන්දර දෙකක් මගේ අතට දුන්නු අම්මා එම කේන්ද්‍ර දෙකේ පොරොන්දම් ගැලපීම කෙසේදැයි විමසුවාය.කේන්ද්‍ර දෙක පරීක්‍ෂා කරන විට  ග්‍රහ ගැලපීම ඉතා අසුභ බව පැහැදිලිව දක්නට විය.සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකක ගැලපීම කෙසේ වෙතත් නොගැලපීම බැලූ බැල්මටම කිව හැක.ප්‍රධාන ග්‍රහ නැකැත් පොරොන්දම්වල විශාල දෝෂයක් ඇත්නම් දෝෂ භංග වීම නිසි ලෙස නැති විට පොරොන්දම් පරීක්‍ෂාවට නොගොස් එම කේන්ද්‍ර වල ඇති නොගැලපීම වේලාසනින්ම දැක්වීම සාමාන්‍ය සිරිත වුවත් එය එකවරම නොපවසා කේන්ද්‍ර දෙක අයිති දෙදෙනා අතර දැන හැදුනුම් කමක්(ප්‍රේම සබද කමක්)ඇත් දැයි ඇසුවමි.
  මම - "මේ කේන්ද්‍ර දෙකේ අයිතිකාරයෝ යාළු වෙලා වගේද?"
     අම්මාටත් කලින් උත්තර දුන්නේ දුවය
  දුව - "ඔව් අයියේ ඔව්"
  අම්මා - "උඹ හිටහන් කට වහගෙන මට ඕන මේක ගැලපෙනවද දැන ගන්න.මම තනියම එන්න හැදුවෙත් ඒකයි."
  අම්මා දුවට සැර දැම්මාය.
     දැන් හරි වැඩේ තමයි.තරුණ දුව අසරණව මදෙස බලයි.ඇගේ බැල්මේ "අනේ අයියේ ඕකෙ ගැලපීම හොදයි කියන්න" වැනි ඉල්ලීමකි.දෙදෙනාගේ විස්තර තව දුරටත් විමසුවෙමි.ගෑනු ළමයා ඉතා ලාබාලය.එතරම් උගත් කමකුත් නැත.රැකියාවක් නොකරයි.පිරිමියාද සංචාරක හෝටලයක මධ්‍යම පන්තියේ රැකියාවක් කරන්නෙකි.පවුල් දෙකද සාමාන්‍ය පවුල්ය.ඒ අනුව බලන විට දෙදෙනා අතර විවාහයට වරදක් නැත.නමුත් අම්මා පාරම්පරික අදහස් දරන්නියකි.ඈ මාවෙතට පැමිණ ඇත්තේ කේන්දර දෙකේ ගැලපීම පිළිබදව දැන ගැනීමටය.මා ශාස්ත්‍රීය ගෞරවය රැකිය යුතුය.නමුත් අර කෙල්ල ඉතා ලාබාලය.වැඩිදුර ඉගෙනීම නොකළ එවැනි බොලද යුවතියන් ගන්නා හදිසි මෝඩ තීරණ ගැන අමුතුවෙන් කිව යුතු නැත.අයියෝ මේ අම්මාට ඒක තේරෙන්නේ නැති හැටි.අනික කෙල්ලගෙ පවුල් තත්ත්වය මහා ඉහල තත්ත්වයේද නැත.අපොයි මා පැටලී ඇති පඹගාල,කෙල්ලන් කොල්ලන් යාළු වෙන්නේ අපේ කරුමෙට වැනිය.එක පැත්තකින් ශාස්ත්‍රීය ගෞරවය රැකිය යුතුය.අනක් අතින් මානුෂික හේතූන් සලකා බැලිය යුතුය.පෙම්වතුන් ගැන සිතා ගැලපීම වරදක් නැතැයි කිවහොත් ශාස්ත්‍රීය අගෞරවයකි.මා හොදයි කීවද වෙනෙකෙකු (වෙනත් හදහන් බලන්නෙකු ) මෙය නරකයි කියනු ඇත.ගැලපීම නරකයි කිවහොත් කෙල්ලයි කොල්ලයි මට සාප කරනු නිසැකය.මට පමනක් නොව මුළු ජ්‍යොතිෂ ශාස්ත්‍රයටම සාප කරනු ඇත.
     නැවත වරක්  කේන්ද්‍ර දෙකේම හරි වැරදි බැලු වෙමි.කේන්දරද හරියටම හරිය.
   "මේ කේන්දර දෙකේ ගැලපීම පිරිමි පැත්තෙන් බලල නැද්ද?යාළුවෙලා කොච්චර කල්ද?"
   "ඒ ගොල්ලො කේන්දර ගැලපීම ගැන එච්චර බලන්නෙ නැහැ.පිරිමි කේන්දරේ ඉල්ල ගත්තෙත් හරිම අමාරුවෙන්.දෙන්නා යාළුවෙලා නම් දැන් අවුරුද්දක් විතර ඇති"
  අවසානයේදී මා ශාස්ත්‍රීය අන්දමින් සලකා බලා ගැලපීම සුදුසු තත්ත්වයේ නැති බව මවට පැවසුවෙමි.දෙදෙනා යාළු වෙලා නිසා හා පොරොන්දම් ගැලපීම නැතත් අනිත් දේවල් හොදින් ගැලපෙන නිසා මානුෂික හේතූන් සලකා විවාහය කරන මෙන් මව්ට පැවසුවත් ඇය එය අසා සිටියා විනා කිසිත් පැවසුවේ නැත.යුවතියගේ මුහුණේ තිබුනේ දුක්මුසු පෙනුමකි.
  ටික කාලයක් ගෙවී ගියේය.පසු දිනෙක මව වෙනත් හදහන් වැඩකට පැමිණි විට පැවසූවේ තමා සම්බන්ධයට තදින් විරුද්ධව සිටියත් හදිසියේ දෙදෙනා හොරෙන් පැන ගොස් විවාහ වූ බවයි.මට යටි සිතින් සිනාවක් ගියේය.


*****************************************************************************
    එදා හදහන් බැලීමට පැමිණි පිරිස අතර විශේෂීවූ දෙදෙනෙක් විය.ඔවුන් දෙදෙනාට පසු වෙනත් අය පැමිණියත් ඔවුන් තමන්ට පසු පැමිණි අයටද ඉඩ දෙමින් අවසානයේ කව්රුත් නැති අවස්ථාවක දෙදෙනා කේන්ද්‍ර දෙකක් මා අතට දී මේ දෙකට විවාහයට සුභ දිනයක් බලන ලෙස කීවේය.විවාහයට සුභ දින බලන්නැයි කිවූ විට මා පොරොන්දම් ගැලපීම බලන්නේ නැත.අසුභ දෙයක් දැක්කත් කියන්න යන්නේද නැත.නමුත් එදා දුන් කේන්ද්‍ර දෙක දුටු විට මගේ ඇස් උඩ ගියේය.ස්ත්‍රිය පුරුෂයාට වඩා වසර 17ක් පමණ වැඩිමල්ය.වැරදීමක්දෝයි සිතා ඒ බව දැන්වූ විට ඔවුන් දෙදෙනා ලැජ්ජාවෙන් මෙන් කීවේ එම කේන්ද්‍ර දෙක ඔවුන්ගේ කේන්ද්‍ර බවත් දෙදෙනා විවාහ අපේක්‍ෂාවෙන් සිටින බවත්ය.මා දෙදෙනා දිහා බැලුවෙමි.කාන්තාවට වයස එතරම් නොපෙනුනත්  දෙදෙනා අක්කා මල්ලී වැනිය.මෙවැනි විවාහ වල පසුකාලීනව ඇති විය හැකි ගැටළු සහගත තත්ත්ව පිළිබදව දැනුවත් කලත් පලක් නොවීය.දෙදෙනාට අවශ්‍ය විවාහයට නැකතක් පමනි.පිරිමි ලමයා ඉතා ලාබාලය.නිවෙස් වලින් ගැටළුවක් නැති බව පැවසුවත් දෙදෙනා තනිව පැමිනීම හා වෙනත් සැක කිරීම් තිබූ නිසා මා නැකැත් සෑදීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළෙමි.
  සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය අනුව බිරිද සැමියාට දනගසා වැදීමට(පාද නමස්කාර) සුදුසු වීම හා ජීව විද්‍යාත්මකව ස්ත්‍රීන් වයස 55 -60 වන විට පුරුෂයන්ට සාපේක්‍ෂව ලිංගිකව දුබල වන නිසා මෙවැනි විවාහ නුසුදුසු ලෙස දක්වා ඇතත් ඇතැම් විශේෂ ග්‍රහ පිහිටීම් ඇති ස්ත්‍රීන්(ඔවුන් තරුණ අවදියට වඩා ........වන්නේ මැදි වයසේදීය) සැලකූ විට වඩාත් සුදුසු ලාබාල සැමියන්ය.මෙය තවදුරටත් මෙතැන විග්‍රහ කරන්නට ගියහොත් මාගේ බ්ලොගය හෙට සිට සින්ඩි වල දක්නට නොලැබෙනු නිසැකය.


*******************************************************************************   
       වයස අව් 65 ක පමන වයසැති මාමා කෙනෙක් දිනක් පලාඵල බලන්නට ආවේය.හේ කේන්ද්‍රය මා අතට දුන්නේය.එය පුස්කොළ ජන්ම කේන්ද්‍රයකි.එහි වැඩි කොටසක් විනාශ වී තිබුණි.උපන් වේලාව තිබූ නිසා මා ඒ අනුව පලාඵල බැලීමට අවශ්‍ය දළ කේන්ද්‍රයේ කොටස් ගනනය කිරීම ආරම්භ කළෙමි.අරුමයකි.මා හට කීප විටක්ම ගනන් වැරදුනි.තද හිසේ කැක්කුමක්ද ඒ සමගම විය.මෙවැනි දෙයක් කිසි දිනෙක සිදුවී නැත.මා වැඩය නවතා කුස්සිය පැත්තට ගියේය.දැන් අමාරු නැත.අම්මා කුස්සියේ වැඩකි.ඇය අසලට ගොස් ටිකක් හුරතල් වී නැවත පැමින කේන්ද්‍රය සෑදීම ආරම්භ කළෙමි.මෙන්න ආයිත් අර ඔළුවෙ කැක්කුම,මා වැඩය නවතා පැමිණ සිටි පුද්ගලයා දෙස බැලුවෙමි.ඔහුගේ පෙනුම තරමක් වියරු ආකාරයකි.මට අමුතු බියක් දැනුනද ඒ බව නොපෙන්වා
  "මාමේ මේ කේන්දරේ  ඕනම කරන හරිය කැඩිලා ගිහිල්ල.ඒවා ආපසු හදල ගන්න ඕන.මේකට ටිකක් කාලය අවශ්‍යයි.මාම අනිද්දට එන්න මම වැඩේ කරල තියන්නම්"
  "හරි හරි මම එහෙනම් අනිද්දට එන්නම්" කියා ඔහු යන්නට ගියේය.ගියා ගියාමය ඔහු තවමත් ආවේ නැත.


**************************************************************************
    මා පහේ ශිෂ්‍යත්වය සමත්වී ගියේ කොළඹ  පාසැලටය.එය ප්‍රසිද්ධ බෞද්ධ පාසැලකි.මා හත වසරේ පමන සිටින විට දිනක් පාසැල් නේවාසිකාගාරයේදී මා සමග සිටි ළමයින් කිහිප දෙනෙකුගෙන් ගුරුවරයකු තම තමන්ගේ දෙමව්පියන් කරන රැකියාවන් ගැන විමසීය.අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු,අපේ තාත්තා සී.ජී.ආර් එකේ අම්මා මුකුත් කරන්නෑ,අපේ තාත්තා ඉංජිනියර් කෙනෙක්.......ආදී වශයෙන් ළමයින් පිළිතුරු දුන්හ.මගේ වාරය ආවේය."අපේ තාත්තා බිස්නස් ..අම්මා මුකුත් කරන්නෑ."මගේ කටින් බොරුවක් පිටවූයේ "අපේ තාත්තා හදහන් බලන්නෙක් " කියල කියන එක එතන හිටිය අනිත් ළමයින්ගෙ දෙමව්පියන්ගෙ රැකියාවන් එක්ක බලන කොට ලැජ්ජාවක් කියල මගේ පුංචි හිතට දැනුන නිසාමය.


***************************************************************************  

20 comments:

රත්ගමයා said...

මාර අත්දැකීම් තමා තියෙන්නේ...ඔක්කොම ටික කියෙව්වා ..සමහර තැන් වලදි රාජකාරී වැඩ වලින් අපහසුතාවයන් කොච්චර එනවද..වැඩියෙන්නම් මේ වගේ පාරම්පරික් රස්සාවක් කරනකොට,,
ඉස්සරහටත් මේ වගේ රසබර කතා දාන්න,,,
ජය!!

``` Outsider``` said...

මේ බ්ලොග් එක නිතරම කියවනව. මේ අත්දැකීම්නම් නියමයි. ඉස්සරනම් මාත් මේ ශාස්තරේ ඉඟෙන ගන්න ආශාකලා. ඒත් අවශ්‍ය පහසුකම් ලැබුණෙ නෑ. අර නවීන විද්‍යාව සහ ජ්‍යොතිෂය ගැන ලියවුණු ලිපි ටික ගොඩක් වැදගත්. මේ කේන්දර ගැන එතරම් විශ්වාසයක් හෝ දැඩි අවිශ්වාසෙකින් නෙවෙයි කවදත් හිටියෙ. ඒත් නිවැරැදි ඵලාපල කීමක් කවදාවත් පුද්ගලිකව අත්විඳල නැති නිසා එතරම්ම ගොඩක් මිනිස්සු වගේ කේන්දර ගැනම හිතන්නෙත් නෑ. ඒත් ඔ‍බේ ලිපි පෙල සාමාන්‍යයෙන් අපිට තේරෙන විදියට ලියවෙන නිසත්, අපි දන්න දේවල් සමග සම්බන්ද කරන නිසත් ජ්‍යොතිෂය ගැන යම් වැටහීමක් දැන්නම් ඇතිවෙමින් පවතිනව.

Sagara said...

මනුෂ්‍ය ජීවිත පුදුමාකාරයි. මේ වගේ අත්දැකීම් ලබන එක ජීවිතය මොන වගේද කියලා අපට අවබෝධ කරනවා. තවත් ඔබගේ අත්දැකීම් ලියන්න.

මාරයාගේ හෝරාව said...

ඔන්න දැන් තමයි නියම පාරට ආවේ...
මාත්තුරුකාවත් ටිකක් සැරට වැටුනනං මල් හතයි...

අර වයසක මනුස්සයා ‍ගෙනාව කේන්දරේ කතාවට සමාන එකක් මටත් එක පාරක් අත්දකින්න ලැබුණා...

බොහෝම වටින කියන අත්දැකීම් සහිත කතා ටිකක්

Ravi said...

ඇත්තටම ඔය වගෙ රැකියාවක් කරන ඔබ වගේ කෙනෙකුට ජීවිතේ ලැබිය හැකි අත්දැකීම් ඉතාම විවිධාකාරයි, ස්තූතියි ඔබේ අත්දැකීම් අප හා බෙදාගත්තාට,

dinesh said...

ඇත්තටම මොකද අර වයසක මනුස්සයගෙ කේන්දරේ බලපුවාම ඔයා අපහසුතාවයට පත් උනේ?ගොඩක් වෙලාවට අහන්න නොලැබෙන සිදුවීම් ටිකක් .
අම්මෝ......අඩුම ගානෙ අවුරුදු 5ක්වත් වයස අඩු එකක් හොයා ගන්න ඕනෙ.නැත්තන් ...හික්....හික්....

jhothishalanka said...

කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි.
වෘත්තීය අත්දැකීම් ලිපි ලිවීමට අදහස දුන්නේ මාරයා තමයි.
@dinesh
ඇත්තටම එදා මොකද වුනේ කියල මටත් හිතා ගන්න අමාරුයි.හැබැයි සමහර වෙලාවට තද අපල කාරයන්ගෙ නරක වෙලාවට අදෘශ්‍ය බලවේග ක්‍රියාත්මක වෙලා කේන්දර බලන අයටත් පටලැවිල අපල නොපෙන්වන අවස්ථා තියෙනවා.එම අපල වින්දවීමට සිදුවන අයුරින් වැඩ කටයුතු සිද්ධ වෙනවා.

හිස් අහස said...

ඔයාගේ අද්දැකීම් හරිම අමුතුයි ..මමත් අහම්බෙන් තමා ඔයාගේ බ්ලොග් එක දැක්කේ ..මම නිතරම මේ පැත්තේ ඇවිල්ලා යන්නම් . වෙනස් දෙයක් කියවන්න ලැබුනට සතුටුයි ..

jhothishalanka said...

@හිස් අහස
මම නම් ඔයාගෙ බ්ලොග් එක නිතරම වගේ කියවනවා.අර වල් අලියා පෝස්ට් එක කියවල මට පැය ගානක් හිනා ගියා(සමාවෙන්න මම හිනා වුනේ ඕගොල්ලන්ට අලින්ගෙන් තියෙන කරදර වලට නෙවෙයි.ඔයා පෝස්ට් එක ලියලා තිබුණ විදියට)

Naleen Dhanushka said...

නියමයි.......නියම අත්දැකීම් ගොන්නක්.....

Anonymous said...

මරු අත්දැකීම් ටික නියමයි...අයියෙ මට ගැටළුවක් තියෙනවා මගේ කේන්දරේ කොටු වල සිකුරු නෑ හත් වෙනි කොටුව හිස් මොන කෙහෙල් මලකටද එහෙම වුනේ ඒ කියන්නෙ මම බදින්නෙ නැද්ද? අනේ කියන්නකෝ...

jhothishalanka said...

@subashblog
කේන්දරේ හදපු කෙනාට සිකුරු ලකුණු කරන්න අමතක වෙලා ඇති.හැමෝගෙම කේන්දරේ සිකුරු කොතන හරි ඉන්නවා.හත් වෙනි කොටුව හිස් වීම විවාහයට වරදක් නොවේ.හත්වැන්න ග්‍රහයන්ගෙන් හිස් වීම විවාහයට සුභදායකයි.හැබැයි අනිත් ග්‍රහයොත් බලල ඉන්න ඕන.

කුරුම්නියා said...

මම මෙහෙම කියන එක හරිද මන්ද...මේ එක කතාවක තිබුණ විදියටමද මගේ ගැටලුවත් විසදුවේ කියල මට හිතුන...සමාවෙන්න...මම පැහැදිලි කිරල ඔයාට විස්තර ඇතුව මේල් කරන්නද?...මට ඒක ඔයාගෙ රැකියාවෙ ගරැත්වය රැකෙන ක්‍රමයට කියන්න ... මම කැමතියි ඒක දැනගන්න ..මම ප්‍රශ්න ඇතිකරගන්නෙ නෑ..නෑ..නෑ මයි..

jhothishalanka said...

@kuma
නෑ නෑ මට ඔයාව මතකයි.ඔයාලගේ කේන්ද්‍ර බලලයි මම කිව්වේ.

කුරුම්නියා said...

ස්තුතියි ...මමත් මහ ඇණයක් වගේ නේද?...සමාවෙන්න.

jhothishalanka said...

@kuma
එහෙම නැහැ.ඔයා හොද කෙනෙක් ඔයාලට යහපතක්ම වේවි.

~:: My Cottage ::~ said...

නිතර comment නොකලට මම ඔයාගේ ඔක්කොම පොස්ට් කියවනවා. දිගටම කරගෙන යන්න.

Anonymous said...

mata singala typing wediya be aiiye...et hoda sinhalayek...oyage me utsahayata pin....-supin-

MaRLaN said...

මොනා කියන්නද මංදා.. ඒත් නියමයි...

THUSITHA said...

mama ada thama meka dakke. mama nam mewa piliganne nehe. hebey asay igena ganna mokada wenne kiyala dana ganna. a wnata ape thaththa me wada karanawa. godak aya enawa samahara ayage palapala kiyaddi hariyatama kiya wna welawal nisa mage thiyanawa mokak hari aththak athi kiyala. niyamay godak dewal lassanata liyala thiyanawa. me wage paramparika sasthray danna godak aya thaksanaya paththe danuma aduy. ath oba.... a gana godak sathutuy.

theruwan saranay

Related Posts Plugin for WordPress, Blogger...