Saturday, February 5, 2011

යටලී තැබීමේදී හා උළුවහු පැනීමේදී සිදුකළ යුතු වත් පිළිවෙත්


වහළ ගැසීමේදී(යටලීය තැබීමේදී)
  මෙහිදී දෛවඥයා ලබාදුන් නැකැත් වේලාවට අනුව පෙර සූදානම සකසා ගත යුතුය.නැකත පෙරවරුවේ යෙදී ඇති නිසා යට ලී පිරිද්දීමට ඇත්නම් ඒ සදහා කටයුතු නැකැත් වේලාවට ප්‍රථම ලෑස්ති කළ යුතුය.
ඉන්පසු ගෙහිමියා පවුලේ අය හා වහලේ වැඩ කටයුතු කරන වඩුවන් අත් උදවු කරුවන් ආදී සියළු දෙනාම ආගමික කටයුතු කර(බුදුපහන දල්වා තෙරුවන් වැඳ) වහල ගැසීමේ කටයුත්ත සාර්ථකව කර ගැනීමට තෙරුවන් බලය පිහිට ආරක්‍ෂාව දෙන මෙන් ඉල්ලා සිටින්න.අනතුරුව ගෙහිමි මූලිකයා විසින් නැකැත් වේලාවට ප්‍රථම යටලීයේ කොණකින් විශ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් පඩුරු ගැටගසන්න.තෙරුවන් නැමදීමේදී හා දෙවියන්ට පඩුරු ගැටහැසීමේදී පහත දැක්වෙන පරිදි සිතින් සිතා බාරවීම් කරන්න.
 * අද දිනයේ  සුභ නැකතින් යටලීය තබා ආරම්භ කරන නිවසේ වහල ගැසීමේ කටයුත්ත වහළේ වැඩ කරන අය, ගෙහිමි මෙන්ම වෙනත් අයටත් කුඩා සතකුට පවා හිරිහැරයක් කරදරයක් නොවන පරිද්දෙන් සිදුකර ගැනීමටත් කාළගුණයෙන් කිසිදු බාධාවක් නැතිවත් වාස්තු දෝෂ වැනි දෝෂ වැරදීම් මෙන්ම වෙනත් කිසිදු අයුරකින් බාධාවක් නැතිව ඉතා අඩු කාලයක් තුළ ධන හානිය අඩුම වී ශක්තිමත්ව හා අලංකාරව කර ගැනීමටත් වහල ගැසීමෙන් පසු නිවසේ ඉදිරි කටයුතුත් ඉතා ඉක්මනින් සාර්ථකව කර ගැනීමට පිහිට ආරක්‍ෂාව ලබා දෙන්න.
  මෙසේ සිතා පඩුරු ගැටගැසීමෙන් පසු වඩුවන් විසින් යටලීය උඩට ගෙන නැකැත් වේලාවට යටලීය තබන්න.ගෙහිමි මූලිකය යටලීය උඩට ගැනීමට පෙර බිමදී පඩුරු ගැටගසා අතගසා ඉවත් විය යුතුය.යටලීය බිත්තිය මත තැබීමේ කාර්යය ගෙහිමියා සිදු නොකළ යුතුය.එය වඩුවන් සතු කාර්යයකි.යටලීය තබන විට ඇතිවිය හැකි වස් දොස් වලින් තමා ආරක්‍ෂා වීමට බොහෝ කපටි වඩුවන් මෙම කටයුත්තට ගෙහිමියාවත් යොදා ගත්තද එය නුසුදුසුය.වහළේ වැඩ කටයුතු නිම වීමෙන් පසු ගැටහසන ලද පඩුර ගලවා ගෙන ගොස් හෝ එදෙස මද වේලාවක් බලා සිට අදාළ පරිදි  ආගමික සිද්ධස්ථානයකට ගොස් බාරය ඔප්පු කරන්න.


උළුවහු පැනීමේදී
  උළුවහු තැබීමේදී ඇතිවන වස් දොස් ඉවත් කිරීමට දෙවියන්ට ස්ත්‍රොත්‍ර යාදිනි කියා දෙවියන් සතුටු කර වඩුවාටත්(කර්මාන්ත කරු) ගෙහිමියන්ටත් සෙත් පැතීමේ චාරිත්‍රයක් පවතී.
   උළුවස්සේ වස්දොස් වැදීම උළුවස්ස පනින පළවෙනි ප්‍රාණියාට අත්වෙන බවට මතයක් ඇත.වඩුවා විසින් සුදුසු පරිදි චාරිත්‍ර ඉටුකොට උළුවහු පැනීමෙන් දොස් ඉවත්වේ.වස් දොස් වලට ඇති බිය නිසාත් වෙනත් අයකු (වඩු මඩුවක) විසින් සාදන ලද උළුවස්සක් නිසා දෝෂ පිළිබද ඇති සැකයත් තමා විසින්ම නොදැනුවත්කම හෝ වෙනත් හේතුවක් නිසා උළුවස්ස සෑදීමේදී දෝෂ ඇතිවූවාදෝයි යන සැකයත් නිසා  බොහෝ වඩුවන් උළුවහු පැනීමට මැලිකමක් දක්වයි.කුකුළකු උළුවස්ස හරහා විසිකිරීම බොහෝ දෙනා සිදු කළත් එවැනි ක්‍රියාවක් කළ යුත්තේද චාරිත්‍රානුකුලවය.උළුවහු පැනීමේ කටයුත්ත මගහැරීමට හා තමාට පැමිනිය හැකි වස් දොස් වලට වෙනත් අයකු හසු කිරීමට වඩුවන් දක්වන උපක්‍රම කීපයකි.බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස ඉන් කිහිපයක් පහත දැක්වේ.
 *  උළුවහු පැනීම අනිවාර්ය නැති බවත් එහි චාරිත්‍ර ඉටු කිරීමට විශාල වියදමක් දැරිය යුතු බවත් පැවසීම
 * උළුවස්ස පැනිය යුත්තේ අවිවාහක,තුන් කුළුදුල් වැනි අය බවට කටට එන බොරුවක් පැවසීම
 * නිවසේ බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන් හා කුඩා දරුවන් සිටින විට ඇතැම් වඩුවන් උළුවස්ස තැබීමෙන් පසු "අනිත් නැකැත් වේලාවට තව වෙලා තියෙනවනේ අපි තේ එකක් බීල ඉමුද?" මෙසේ පවසා හේ කලින් ලෑස්ති කරගත් මස්,මාළු කැබැල්ලක් හෝ දවටනය සහිත චොක්ලට් එකක් හොර රහසේ උළුවස්සෙන් එහා පැත්තට විසිකරයි.තේ බී එනවිට බල්ලකු බළලෙකු හෝ කුඩා දරුවකු උළුවස්ස පැන හමාරය.කවුරුත් එය දකින්නේද නැත.තමා විසින් නොබියව උළුවහු පැනීම සිදු කල බව ගෙහිමියාට ඒත්තු ගැන්වීමට බොහෝ වඩුවන් මෙවැනි නින්දිත ක්‍රම අනුගමනය කරයි.එසේ කළ නොහැකි වුවහොත් වෙනත් ක්‍රමයක් තෝරා ගනියි.
 * උළුවස්ස තැබීමෙන් පසු උළුවහු පනින මොහොත දක්වා කාලය ගෙහිමියන් විශේෂයෙන් සැලකිල්ලෙන් කල්පනාවෙන් සිටිය යුතුය අතිතයේ සිටි වඩුවන් මේසන් කරුවන් මෙන් නොව වර්තමානයේ එවැනි ක්‍ෂෙත්‍ර වල සිටින්නන් අතර ගුණ දහම් අඩුය.වවාගෙන කෑම උන්ගේ ගතියයි.කොච්චර සල්ලි කෑවත් උන්ටත් දියුණුවක් නැත.හැම තැනම වැඩ බාර ගෙන මුදල් ගෙන එකම වැඩක්වත් කලට වේලාවට නොකරයි.ලී ඉරන මිනිසුනුත් වඩුවා වැනිය.එක තැනක ලී කොටය පෙරලයි තව තැනක ලීය උඩින් තබයි. ඉන් පසු එය නවතා තබා තව තැනකින් මුදල් ගනියි.වඩුවන් මේසන් වරු උළුවහු පනින වේලාව දක්වා කාලයේ අමුතු වෙසක් ගනියි.ගෙහිමියන් සමග උළුවස්ස ලග කතාවට වැටේ.බුලත් විට ඕනෑවේ.තේ ඕනෑ වේ.කුඩා ළමුන් ලගට අඩ ගසා හුරතල් කරයි. කතා කියාදෙයි.උළුවස්සෙන් එහා පැත්තේ පොලොවේ බිත්තියේ වහලේ ඇති දොස් පරස් දැක ගෙහිමියාට හදිසියේ දන්වයි.
 උළුවහු පැනීමේ චාරිත්‍ර
          එළිමහනේ කිරි ගසක් යට මල් පැල සාදා බුලත් පඩුරු මල් සදුන් සුවඳ ආදිය එහි තබා පහන් දල්වා සාම්බ්‍රානි දුම් අල්ලා උළුවහු පනින ඇදුරා තිසරණ සහිත පංචශිලයේ පිහිටා පහත රූපයේ දැක්වෙන පරිදි ස්ත්‍රෝත්‍ර ගාථා කියා අවසානයේ දක්වා ඇති පරිදි උළුවහු පැනීම කළ යුතුය. 
                            
 යටලී උළුවහු තැබීමේදී දැන සිටිය යුතු වෙනත් වැදගත් කරුණු
   * වාස්තු විද්‍යානුකූලව අදාළ කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.කෝණ මාස අත් හළ යුතුය. 
   * ගැබිණි මව්වරු සිටින විට හෝ නැකැත් යොදාගෙන සිටින විට නිවසේ ස්ත්‍රියක් ගැබිනි වූ විට යටලී උළුවහු තැබීම නොකල යුතුය.
   * නැකැත් දින යොදා තිබියදී නිවසේ දැරිවියක් මල්වර වූ විට යටලී උළුවහු තැබීම නොකල යුතුය.


නිවසකට අභිනවයෙන් ගෙවදීමේදී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ඉදිරි ලිපියකින් සලකා බලමු.

10 comments:

රත්ගමයා said...

ජය වේවා!!!! ගෙයක් හදනකොට අනිවා බලන්ඩ වටිනවා...ඒත් දැන්ම මොන ගෙවල්ද...ඒත් කියවලා තියාගන්න එක වටී..එලස්..ඔන්න බුක්මාර්ක් පාරකුත් දැම්මා බ්ලොග් එකේ

jhothishalanka said...

@රත්ගමයා
බොහොම හොදයි. ඒ වගේම ස්තූතියි.

Rajitha Abeysinghe said...

maara watina blog ekak.digatama karanyanna.

Hit Man said...

ape gedara lagadi yata liyak thibba eth ita pahuwda idala bas leda una ita passe wena basla godak hoyana giyat kawawat hamba une naa

ita pase wena welawa balana tanakata giyama etanin kiwa yataliya tibba welawa wenas wela kiyala ita pase tiyapu li serama galawana kiwa dan etanin balapu welawata anuwa heta aye yataliya tiyanawa

ape tata tamai yataliya tibbe

jhothishalanka said...

@Hit Man
තාත්තා යටලීය තියපු එකට බය වෙන්න එපා.ගෙහිමියා උළුවහු ප්‍රථමයෙන් පැනීම තමයි නරකම දේ.

jhothishalanka said...

@Hit Man
හෙට දවසෙ යටලීය තියන කොට තාත්තා පඩුරු ගැට ගැසීම හැරුනු කොට අනිත් වැඩ බාස්ලට බාර කරන්න

Unknown said...

ජ්‍යොතිෂවේදීන් කීයෙන් කී දෙනාද මෙවැනි පැහැදිලි කර දීමක් තමා හමුවට එන සේවාදායකයාට කියා දෙන්නේ?

Anonymous said...

ඉතා හොද පැහැදිලි කිරීම් සහිත බ්ලොගයක්.. ඔබට බොහොම පින්..

Desh

Unknown said...

අත්තිවාරම් දැමිමෙන් පසු බිත්ති බැදිමේදි සිදුවිය යුතු චාරිත්‍ර මොනවාද ? ඉතා හොද පැහැදිලි කිරීම් සහිත බ්ලොගයක්..

jhothishalanka said...

අත්තිවාරම් දමා බිත්ති බැදීම අාරමිභ කිරීමට ෙබාෙහා් කාලයක් ගත වුවෙහාත් පමනක් විෙශ්ෂ අාගමික පිළිෙවත් කල යුතුය. නැතෙහාත් සාමාන්‍ය අාගමික පිළිෙවත් කිරීම ප්‍රමානවත්ය

Related Posts Plugin for WordPress, Blogger...