අපේ රටේ අයට එක එක කාලෙට එක එක ජාතියේ පිස්සු හැදේ.කාලෙකට ක්‍රිකට් පිස්සුවය.තවත් කාලෙකට සුපර් ස්ටාර් පිස්සුවය.බාල තරුණ මහළු සෑම දෙනා අතර වයස,තත්ත්වය දැන උගත්කම වත් පොහොසත් කම් අනුව කලින් කලට විවිධාකාර පිස්සු වසංගතයන් ලෙස පැතිර යයි.මින් සමහරක් ඒවා එක් කලකට පමණි නැවත පැමිණීමක් නැත.දොළුකන්දේ පිරිත් පැන් පිස්සුව ටයිටැනික් පිස්සුව එලෙස යටපත් වී ගිය පිස්සුය.තවත් සමහර පිස්සු ටීක කලක් යටපත් වී නැවත හිස ඔසවයි.විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බොරු ජීවකයන් එලෙස වරින් වර ඉස්මතුවේ.එකෙක්ගේ රෙදි ගැලවෙන විට තව එකෙක් සළුපිලි දවටාගෙන කරලියට පැමිනේ.රුවන්වැල්ලේ හොර භික්‍ෂුවගේ රෙදි ගැලවුන නමුත් මුදල් හා දේශපාලන බලය අතැතිව සිටින ගාල්තැන්නේ හොර කපුවා තවමත් කරලියේය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Showing posts with label වැඩි දෙනා කියවපු ලිපි. Show all posts
Showing posts with label වැඩි දෙනා කියවපු ලිපි. Show all posts
Saturday, October 1, 2011
Sunday, March 13, 2011
නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!
නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න
Sunday, January 2, 2011
හදි හූනියම්.....
හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,
Monday, November 15, 2010
ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ
දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේඩියෝ එක දැම්මත් ජ්‍යොතිෂය සම්බන්ධ ලිපිලේඛන,වැඩසටහන් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් දකින්න අහන්න ලැබෙනවා.ජනතාවත් ඒවා ගැන වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැමැත්තක් දක්වනවා.
Sunday, October 24, 2010
නැකැත් පාගා යන ගමන යමු.ජය සතුට ගෙන යළි ගෙදර එමු
අද උදේ කාමරේ අස් කරන කොට පරණ කොළයක් හම්භ වුනා ඒකේ තිබෙන්නේ සුභ ගමනක් සාර්ථක කර ගැනීමට නිවසින් පිටත්වීමට කලින් අනුගමනය කරන්න සුදුසු ක්‍රමයක්.හරියට කෙමක් වගේ තමයි.මේක මගේ නිර්මාණයක්වත් මම කියවපු පැරණි පොතක තිබුනු දෙයක්වත් නෙවෙයි.කවුරුදෝ දුන් එකක්.මේකේ උඩින්ම "කිසිවෙකුට දෙන්න එපා" කියල ලියල තිබුනට කාටවත් කරදරයක් නරකක් කරන්න හදපු දෙයක් නොවන නිසා බ්ලොග් එකට දමන්න හිතුනා.
Friday, October 22, 2010
පරිගණකයෙන් කේන්දරේ බලන්න ඉස්සෙල්ල මේ සටහන කියවන්න
පරිඝනකයෙන් කේන්ද්‍ර බැලීම ගැන කියනකොටම මතක් වෙන්නේ කාලෙකට ඉස්සර වෙචිච පොඩි සිද්ධියක්.කතාව එතනින්ම පටන් ගත්තාම අපේ මාතෘකාවට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය,ඔයගොල්ලන්ට මතක ඇතිනේ මීට අවු 10 කට විතර කලින් ජංගම පරිගණක ජ්‍යොතිෂ සේවයක්(හෝ කිහිපයක්)මුළු ලංකාව පුරාම නගරයෙන් නගරයට සංචාරය කලා,මගේ අම්මේ බලන්න එපැයි ඒව පටන් ගත්තු මුල් දවස්වල හිටපු සෙනඟ.මට මතක විදියට පිටකොටුව ස්ටේෂම ඉස්සරහ දාපු එකේ හෙනපෝලිමක් තිබුනා.කොම්පියුටරෙන් කේන්ද්‍ර බලන්න,අත්රේඛා ස්කෑන් කොරෝලා පෙර ආත්මේ විස්තර බලන්න කට්ටිය පොර කනවා.කොහොමින් කොහොම හරි මේ ජංගම ජ්‍යොතිෂ සේවෙ අපිට කිට්ටු නගරෙටත් ආවා.මමත් ඉතින් දවසක් මොකාද එකා වගේ ගියා බලන්න.
Subscribe to:
Posts (Atom)
