Wednesday, October 5, 2011

ජ්‍යොතිෂය හා බැදී ඇති දුර්මත කිහිපයක්

   
  * පෙබරවාරි මාසය සුභ නැකැත් සදහා සුදුසු නැත.
       මෙය බොහෝ දෙනා අතර ඇති පදනම් විරහිත වූ මතයකි.පෙබරවාරි මාසය අඩු දින මාසයක් වීම නිසා මෙම මතය පුරාතනයේ සිටම සාමාන්‍ය ජනයා අතර පවතී. පෙබරවාරි මාසයට දින 28 ,29 ක් යෙදීම නිසා එයට අඩු දින මාසයක් ලෙස නම් කිරීම ඉංග්‍රීසි කැලැන්ඩර ක්‍රමය අනුව සලකන විට යම් වලංගුතාවයක් ඇත.නමුත් ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන සූර්ය හා චන්ද්‍ර මාස ක්‍රමය ඉංග්‍රීසි ක්‍රමයට වඩා යම් ක්‍රමවත් බවක් ඇත.ඉංග්‍රීසි ක්‍රමයේදී රවි සදු පාදක කිරීමක් නොමැතිව සම්මත අංකනයක් අනුව එක් එක් මාසයන්ට දින සංඛ්‍යාවක් ලබා දී ඇත.(ජනවාරී 31, පෙබරවාරි 28 හෝ 29 ,මාර්තු 31 ,අප්‍රේල් 30,..... ආදී වශයෙන්) නමුත් සූර්ය චන්ද්‍ර මාස ක්‍රමවලදී සූර්යයාගේ හා සදුගේ චලිතය සලකා ඇත.ඒ සූර්ය මාස අනුව බලන විට දළ වශයෙන් පෙබරවාරි 1 සිට පෙබරවාරි 12,13 දක්වා රවි මකර රාශියේත්(මකර රවි) පෙබරවාරි 13,14 සිට පෙබරවාරි මාසය අවසන් වනතුරුත් රවි කුම්භ රාශියේ(කුම්භ රවි) ගමන් කරයි.ජ්‍යොතිෂයේදී නිවාස විවාහ ආදී සුභ නැකැත් සදහා යෝග්‍ය නොවන කෝණ මාස ලෙස ලකුණු කොට ඇත්තේ රවි මිථුන,කන්‍යා,ධනු මින රාශි වල ගමන් කරන කාල සීමාවන්ය.( මෙම කෝණ මාස අතුරින් මීන රවිය වැඩිම අසුභ බවත් ඊලගට ධනු රවිය වැඩි අසුභ බවත් සලකයි.)ඒ අනුව පෙබරවාරි මාසයේ දිනයන් කෝණ මාසයන්ට අසුවන්නේද නැත.චන්ද්‍ර මාස ක්‍රමය අනුව බලන කල පෙබරවාරි මාසයේ වැඩි දින ප්‍රමාණයක් හසුවන්නේ නවම් චන්ද්‍ර මාසයටය.නවම් හෙවත් නැවුම් (තවත් විදියකින් කිවහොත් "අළුත්") මාසය වචනයේ අර්ථයෙන්ම සුභ මාසයකි. ඒඅනුව බලන විට නැකැත් සීහුම පංචාංග සුභවීම තත්කාල ග්‍රහ බලය සුභ වීම ආදී සුභ මුහුර්තයකට අදාළ කරුණු හොදින් ඇත්නම් පෙබරවාරි මාසය තුල ගෙවල් සෑදීම විවාහ කටයුතු ආදී සුභ කටයුතු යොදා ගැනීමේ වරදක් නැත.මෙය කෙතරම් කිව්වත් බොහෝ දෙනා වැරදි මතය තුලම රැදී සිටීම කනගාටුවට කරුණකි.


  * 9,19,29,39,.... ආදී වයස් වලදී මාරක අපල වැඩිය.
        මෙයටත් කිසිදු ජ්‍යොතිෂමය පදනමක් නැත.මාරක ග්‍රහ අපල වැනි දරුණු අපල ග්‍රහචාරයේ නැත්නම් මෙම ඉලක්කම් වයස් සීමා ගතවීම මාරක අපල ඇති කරන බවට කිසිදු පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථයක සදහන්ව නැත.9 වෙනිදා හා 13 වෙනිදා දිනවල සුභ නැකැත් ගැනීම හොද නැතැයි කීමද මෙවැනි පදනමක් නැති කතාවකි.

 * කිරි ඉතිරවීමේදී එළකිරි භාවිතා කිරීම යෝග්‍ය නැත.
       මෙයත් ජ්‍යොතිෂය හා ආගමික විශ්වාස පටලවා ගැනීමකින් මතුවී ඇති වැරදි මතයකි."එළකිරි ගන්නේ සතෙක්ගෙන්.එළකිරි ගේ මැද ඉතිරීම ගේ මැද ලේ හලනවා වගේ වැඩක්."වරක් එක්තරා ජ්‍යොතිෂවේදියකු රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පෙනී සිටිමින් ඇස්ගෙඩි කරකවමින් බැබෑරුම් උපදෙසක් දුන්නේය එදා සිට අපේ අය එළකිරි ඉතිරීම නවතා පොල්කිරි වැනි වෙනත් ආදේශක කිරි වර්ග ඉතිරවීම සිදු කලේය.නමුත් අතීතයේ සිට කිරි ඉතිරවීමේ එළකිරි යොදාගැනීමට විශේෂ හේතුවක් වූයේ එය සම්මත මංගල වස්තුවක් වූ බැවිනි.(සම්මත මංගල වස්තු පිළිබදව ඉදිරි ලිපියකින් දක්වමි.)එළකිරි ගෙයි මැද ඉතිරවීම ඉතිරවීම ලේ හැලීමක් නොවේ.

  * රාක්‍ෂ ගනේ අය සැර පරුෂය.උන්ට යක්කු නොපෙනේ.දේව මානුෂ ගනේ අය ලාමකය.දේව ගනේ අයට අංජනම් පෙනේ.මානුෂ ගනේ අයට යක්කු පෙනීම වැඩිය.
     මෙම ප්‍රකාශ වල යම් හෝ සත්‍යයක් ඇත්දැයි කාලයක් තිස්සේ ගවේශනය කලෙමි.ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථවල මෙම ප්‍රකාශ පිලිබදව පැහැදිලිව දක්වා නැතත් මෙම අදහස් වලට සමාන අදහස් දක්වා ඇති අවස්ථා දැක ගත හැකිය.අප ගෞතම බුදු රජානන් වහන්සේගේ ජන්ම නැකත විසා නැකත බව ලේඛන වල සදහන්ය.විසා නැකතට වැටෙන්නේ රාක්‍ෂ ගණයයි.රාක්‍ෂ ගණේ අය රාක්‍ෂයන් වගේ නම් උන්වහන්සේද එලෙස විය යුතුය.නමුත් අප තිලෝගුරු බුදු රදුන් තරම් තුන්ලෝ වැසියන්ට කරුණාව දැක්වූ කෙනෙක් තවත් සිටීද?
 
  * සියාවස නැකතින් උපන් දරුවන්ගෙන් පියාටත් මා නැකතින් උපන් දරුවන්ගෙන් මව්ටත් මාරක අපලදේ.
      "සියාවසේ පියා නැසේ.
       මා නැකතේ මව් නැසෙතේ"  යනුවෙන් ඇගේ අමාරුවට මෙන් සාදා ඇති සිංහල කවිය ඔස්සේ යමින් මතුවී ඇති මෙයත් කිසිදු පදනමක් නැත්තක්මය.සියාවස හා මා නැකතින් උපත ලබා මව්ට පියාට අකල් කරදර ඇති නොවූ අවස්ථා සදහා සාක්‍ෂි එමට ඇත.නමුත් සියාවස නැකතේ මැද කොටසේ උපන් දරුවන්ගෙන් පමනක් පියාට අසුභ වූ අවස්ථා පිළිබද වැඩි වාර්ථා ඇත.


       ---------------   මතු සම්බන්ධයි.  -------------------------

13 comments:

Anonymous said...

ජ්යොතිෂය හා බැඳී ඇති දුර්මත තර්කාණුකූලව මෙසේ බිඳ හෙලීම ලාංකීය ජනයාගේ අනිසි බිය, සැක දුරු කිරීමකි. එය ඔබ කරගන්නා විශාල පින්කමකි. ඔබට ජය..

(පළමු කොමන්ට් එක දෙපාරක් වැදීමට හේතුව මා කොමන්ට් කරන්නේ ෆෝන් එකකින් නිසාවෙනි. ඒ පිළිබද මාගේ කණගාටුව)

චතුර විජේකෝන් said...

පෙබරවාරි - මට අත් දැකීමක් ඇත. පෙබරවාරියේ විවාහ ගිවිසගත් යුවලක ගේ විවාහය දෙදරා ගියේය.
අපේ අත්තා මියගොස් ඇත්තේ 49 නි. අපේ බාලම බාප්පා 29න් මිය ගියේය. ඒත් වෙනත් කිසිම වැඩිහිටියෙක් (දන්නා තරමින්) 9 ඉලක්කමින් මිය ගියේ නැත..

කිරි ඉතිරවීමට අපි පොල් කිරි ගන්නේ එළකිරි වලට වඩා විශ්වාසවන්තව හා සුලබව හොයාගත හැකි නිසාය.

මාත් රාක්ෂ ගණයේ වෙමි. මෙතෙක් මාත් හොල්මන් දැක නැත (නුගේගොඩ වගේ තැන්වල දකින හොල්මන් නොවේ).

අන්තිම එක ගැන නම් අදහසක් ඇත්තේම නැත

මාතලන් said...

හොඳ පෝස්ට් එකක්. අපේ හරක් දැනුවත් කරන. සම හරක් අහන ප්‍රශ්න වලට හිනා වෙලා පන යනවා.

Podi Kumarihami said...

මම නම් ඔය ගොඩාක් දේවල් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අවතාර, කේන්දර වගේ දේවල් නම් විශ්වාස කරනවා.
9 මම ආසම කරන ඉලක්කමක්.

කෝ ඉතින් අර බ්ලොගයේ නම කීවේ නැහැනේ?...:D

jhothishalanka said...

@Podi Kumarihami
ඒක කියන්න බැරි ඒකේ මම female නිසා.

මුතු said...

විසා නැකත මව නසයි ලෙස කලකට පෙර ජ්‍යොතිෂය වේදියෙකු පුවත් පතකට ලියා ඇති ලිපියක් මම දුටුවෙමි. දක්වා තිබු එකම නිදසුන බුදුරජාණන් වහන්සේ ගේ පමණි.

පෙබරවාරි මස ඉදි කරන ලද නිවසක් නම් වසර 20- 22 ක කාලයක් කිසිදාක පදිංචි නොවී වසා ඇත. නමුත් එයට හේතුව නිවසේ දෝෂ යයි බොහෝ දෙනාගේ අදහස වේ.

අනික් දේ පිළිබඳව නම් නොදනිමි.

Anonymous said...

මහත්මයා,

මා බලාපොරොත්තුවෙන් සිටිනවා නව නිවසක් සැදීමට.
ඇත්තද මෙම දිනවල නැකත් නැතිබව කියන්නේ නිවස ඉදිකිරීමට?
ලබන ජනවාරි වල නැකත් හොද බව කීවා මට ජෝතීර්වේදීන්.
අදහස මොකක්ද ඔබේ? පිළිතුරක් දෙන්න ඔබ නිදහස් නම්.

ස්තුතියි ඔබට.

(ආ මේක අතුරු කාරණයක්. ඔබේ ප්‍රොෆයිල් පින්තුරේ ඔබ හරි හැඩයි නේ.)

-Nathan-

jhothishalanka said...

@Nathan
ඔක්තෝම්බර් 17 දක්වා කෝණ මාසයක් ඇති නිසයි එහෙම කියන්නේ.ඒක ඇත්ත.දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා (දළ වශයෙන්) කාලයත් කෝණ මාසයක්.ජනවාරි 15 න් පසු ඔබේ කේන්ද්‍රවලට හරියන අයුරින් නැකැත් ගැනීම වඩාත් හොදයි.
ප්‍රොපයිල් පොටෝ එකනම් මීට අවුරුදු 6-7 කට විතර උඩදි ගත්ත එකක්.දැන්නම් ඔයිට වඩා කැතයි.

Anonymous said...

මහත්තයො......කුජ 7 ඉන්න අයගේ විවාහය වරදිනවා කියල කියන කතාවේ අත්තක් තියේද...එහෙම අයට විවාහය අනිවාර්යෙන්ම වරදිනවද ?

jhothishalanka said...

@Anonymous
කුජ හතේ සිටින්නන්ගේ විවාහය වරදිනවායැයි ජ්‍යොතිෂයේ කිසිදු තැනක පවසා නැත.කුජ 7 සිටීම විවාහ බාධක යෝගයක් ලෙස සදහන්ව ඇත.සුදුසු පරිදි පොරොන්දම් ගැලපීමෙන් මෙම දෝෂ අඩුපාඩු මඟ හරවා ගත හැක.

Anonymous said...

නාඩි පොරොන්දම දෙදෙනාගේ මධ්‍යම වීම නිසා විවාහයට සැහෙන බාධක එන බව ඊයේ මා හමුවුන කෙනෙක් කීව. ඇත්තටම් අපි ගියෙ විවාහ වෙන්න නැකත හදා ගන්න. ඒක ගම කැව. අනෙ පොඩ්ඩක් මෙ ගැන තොරතුරු ඇති තැනක් හරි පොඩි පැහැදිලි කිරීමජ් හරි කරන්න ඔබට පින්.

dakshika said...

navatha aaramba karapu eka sira... digatama liyanna

මුතු said...

ගල් මුල් වදින්නේ ඵල ඇති රුකට මය. කීවාලු....
දිගටම ලියන්න අයියේ....
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා........!!!

Related Posts Plugin for WordPress, Blogger...