LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, March 31, 2012

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 2

      
               මෙහි පළමු ලිපිය මෙතනින් බලන්න

මනාලියගේ මවට තෑගි බුලත් දීමෙන් පසු පිළිවෙලින් පියාට  ,මාමලාට,සහෝදර සහෝදරියන්ට ඥාතීවරුන්ට බුලත් දී රෙදි නැන්දාට බුලත් පඩුරු දීමෙන් අවසන් කරයි.




* ජය මංගල ගාථා කීම
       බාලිකාවියන් 3,5,7 ආදී ලෙස ඔත්තේ ගණනකින් සෑදුනු කණ්ඩායමක් විසින් නව යුවලට සෙත් පතා ජය මංගල ගාථා පැවසීම සිදු කරයි.

                                            


 * අෂ්ඨක කීම
          පෝරුවේ චාරිත් සදහා නියම කර ඇති කල්වේලාව අනුව නව යුවලට සෙත් පතා විෂ්ණු අෂ්ඨක,බහිරව අෂ්ඨක,නවග්රහ හා ලක්ෂමී අෂ්ඨක වලින් කිහිපයක් කීම සිදු කරයි.

                                               


                                                                   


ආරක්ෂා සෙත් පැතීම
          මෙහිදී නව යුවලට සෙත් පැතීම සඳහා ජය පිරිත සජ්ජායනා කොට තෙරුවන් ගුණ සිහි කරමින් සත්‍ය ක්‍රියා කිරීමක් සිදු කොට පෝරුවෙන් බැස්සවීමට සූදානම් කරයි.     

පෝරුවෙන් බැසීම
මනාල යුවල පෝරුවෙන් බැස්සවීමද ක්රමවත්ව සිදුකල යුතු කාර්්යයකි.පෝරුවෙන් බැස්සවීමට සුදුසු සුභ නැකැත් වේලාව පැමිනෙන තුරු චාරිත් සඳහා කල්වේලා සකස් කර ගැනීම අෂ්ඨක කියන්නා සතු වගකීමකි.මනාල යුවල පෝරුවෙන් බැස්සවීම කල යුත්ෙත්  මනාලයාගේ පියා හෝ මාමා විසිනි.

වස් දොස් ඉවත් කිරීමේ චාරිත්‍ර
          යුවළ පෝරුවෙන් බැසීමට විනාඩි කීපයකට පෙර පෝරුව පාමුළ ඇස්ස සහිත පොල් ගෙඩියක් තබා ඒ බුලත් කොළයක් තබා එම බුලත් කොළය උඩ කපුරු දල්වා මනාළ යුවළට අත ගස්වා සරස්වතී ගණ දෙවි දැහැනෙන් වස් දොස් හැර යුවළගේ හිස වටේ කරකවා සුභ පැතුම් කොට පෝරුවෙන් බහින විට දෙකට පැළිමට මනාලියගේ පාර්ශ්වයේ පිරිමි වැඩිහිටියෙකුට භාරදිය යුතුයි.
 

 පෝරුවෙන් බැසීමෙන් පසු කරන ප්‍රථම කාර්යය වන්නේ පොල්තෙල් පහන දැල්වීමයි.දෙදෙනා පහන් තිර 3ක් දැල්විය යුතුය.
    පහන් දැල්වීමෙන් පසු ඉපැරණි චාරිත්‍ර අනුව විවාහය ලියා පදිංචි කිරීම සිදු කරයි.(ඇතැම් විට නැකැත් දිනයේ ස්වභාවය අනුව පෝරුවේ නැගීමට පෙර සුභ දිනයක හෝ එදිනම පෝරුවේ නැගීමට ප්‍රථම අත්සන් කිරීම සිදු කරයි.
   කේක් කැපීමක් අපේ ඉපුරණි චාරිත්‍ර වල නැති අතර එය බටහිර ක්‍රමයෙන් පුරුදු වූවකි.පෝරුවෙන් බැසීමෙන් පසු කිරිබත් වැනි කිරි ආහාරයක් දෙදෙනා එකිනෙකාට කවා ගැනීමක් සිදු කිරීමක් පුරණි චාරිත්‍ර අතර තිබූ අතර අද එය කේක් කවා ගැනීම බවට පත්වී ඇත.
  

6 comments:

  1. http://kendaralk.blogspot.com/2012/03/blog-post_30.html

    ReplyDelete
  2. Comment By හදවතින්ම ශ්‍රී ලංකිකයි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට දැනුම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ

    ReplyDelete
  3. අගේ ඇති වැඩක්. කලින් ලිපි බලන්න ඕනෙ මට වෙලාවක් නැතුව හිටියේ මාස කීපයක සිට.

    ReplyDelete
  4. ඔබ හිතාමතා හෝ නෙසිතා කරන්නේ පෝරුවේ චාරිත්‍ර ඉන්දියාවෙන් ආපු බව පැතිරවීමයි. ඔබ දමන මේ පොත ලියා තියෙන්නේ කවුද මන් නොදනිමි. නමුත් විෂ්ණු, සරස්වතී ඉන්දියාවෙන් එන වුන්ය. මහාසම්මත මනුගෙන් පැවතෙන පෝරුවෙ චාරිත්‍ර මෙසේ හෑල්ලු නොකරන මෙන් ඉල්ලා සිටිමි. මේ විශය සම්බන්දයෙන් වැඩි දැනුමක් නැතත් ලගදි ගිය හැම මගුල් ගෙයකම මෙසේ විෂ්ණු හා සරස්වතීට යාතිකා කිරීම් මම ඇසුවේ නැත.

    ReplyDelete
  5. @අසුරයා
    පෝරුවේ චාරිත්‍ර වලදී අෂ්ඨක කීම අපගේ බෞද්ධ අනන්‍යතාව පෙන්නුම් කෙරෙන සුවිශේෂී සංස්කෘතික අංගයක් බව මා මුලින්ම පවසා ඇත.යසෝදරා අෂ්ඨක,විෂ්ණු අෂ්ඨක මෙන්ම ගණදෙවි දැහැන්ද පුරාතනයේ සිටම පැවතෙනවා.මේවා ඉන්දියාණු ආභාෂ වුවත් අපේ බෞද්ධ අංග එකතු වී අපේ කමකින් ඇත.ඒ පිළිබදව ඔබ කලබල විය යුතු නැත.

    ReplyDelete
  6. මංගල ෙපාරුවක අද වන විට බුලත් තැබීම පඩුරු තැබීම යන්ත්රය අැදීම පිරිත් කිරීම අාදිය දක්කට අැත්තෙ කලාතුරකිනි මෙවන් වූ චාරිත්රයන් රැක ගැනීම සදහා සියල්ලන් එක් විය යුතුය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...