Tuesday, April 10, 2012

මෙවර අළුත් අවුරුදු ලිප ගිනි මොලවන නැකත දෝෂ සහිතද?

 අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව මේ දිනවල වැඩි අවදානයක් කතා බහක් දකින්නට අසන්නට ඇත.මෙවර ලිප ගිණි මෙලවීමේ නැකත ජ්‍යොතිෂ ශාස්ත්‍රාණුකූලව වැරදි අඩුපාඩු සහිත බවට දැනටමත් රටපුරා සිටින ජ්‍යොතිෂවේදීන්ගෙන් අළුත් අවුරුදු නැකැත් කමිටුවට චෝදනා එල්ල වී ඇත.මේ පිළිබදව හාංකවිස්සියක දැනුවත්වීමක් නොතිබුණු අවස්ථාවක මුලින්ම මේ ගැන මාව දැනුවත් කලේ "කේන්දර සිංහලෙන්" අඩවියේ කතුවර රෝහණ වසන්ත මහතායි.එම මහතා දුරකථනයෙන් මේ පිළිබදව කතාබහ කරන විට අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව උණුසුමක් තිබුනේම නැත.රෝහණ වසන්ත මහතා ලිවූ ලිපියේ දිනය දෙස බැලීමෙන් ඔබටද එය වටහා ගත හැකිය.

      රෝහණ මහතා පැවසූ දේවල් ගැන සිතමින් සිටින අතරතුර "ගොසිප්  නයින්" අඩවියේ මේ පිළිබදව ලියුවී තිබූ ලිපිය දුටුවෙමි.එම ලිපියේ දක්වා තිබූ ආකාරයට අළුත් අවුරුදු ලිප ගිණි මොලවන නැකතේ දෝෂ පිළිබදව ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකු(හතර දෙනෙකු පමන) අදහස් දක්වා තිබුණි.ඉන් එක් ජ්‍යෙතිෂවේදියකු පමනක් දේශපාලන ගැති ස්වරූපයෙන් ආණ්ඩු විරෝධී අදහස් දක්වමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හෑල්ලුවට පත්කල අයෙකි.ජනාධිපති තුමාට අපහාස කරමින් නැති මාරක ඇති බව කියමින් කට වරද්දාගෙන හිරේ විලංගුවේ වැටෙමින් හා කාසි ,පංචි ආදිය උඩදමා ක්‍රිකට් තරගවල ජය පරාජ පැවසීමට ගොස් තමාත් පල්වී ජ්‍යොතිෂයත් හෑල්ලු කල අයෙකි.විවිධ පාර්ශ්වයන්ගේ උවමනාවන් අනුව ඔහු පැවසූ අනාවැකි පුහු වී ඇත.
   ඇත්තටම අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකැතේ ඇති දෝෂයන් පිළිබදව අදහස් දැක්වීමට මෙවැනි අවස්ථාවාදී ජ්‍යොතිෂවේදීන් සම්බන්ධ වීමෙන් රජය පමනක් නොව ජනතාවද වැරදි වැටහීම් ඇති කර ගනී.අනිත් ජ්‍යොතිෂවේදීන් නියම ශාස්ත්‍රානුකූල අදහස් දැක්වූවත් ඉහත දැක්වූ ජ්‍යොතිෂවේදියා සම්බන්ධ වූ විට බොහෝ දෙනා සිතන්නේ මෙයත් පෙරසේ රජය අපහසුතාවට පත්කිරීමට කෙරෙන රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙසයි.සංස්කෘතික ඇමති ටී,බී. ඒකනායක මහතා පවා පිළිගත් කමිටුවක් මගින් මෙම නැකත් සම්පාදනය කොට ඇති බව පැවසීමද මෙයට හේතුවක් විය හැකිය.
  තත්ත්වය එසේ වුවත් "පිළිගත් නැකැත් කමිටුවක්" මගින් සාදා ඇති නිසා මෙම අදහස් ප්‍රතික්ෂේප කල යුතු බවට සංස්කෘත ඇමති තුමා පැවසීම කනගාටුදායකය.එතුමා දැක්වූ පිළිගත් කමිටුව වර්තමානය වන විට වචනයේ පරිසමාප්තයෙන් ගරිල්ලා කණ්ඩායමකි.මුළු රටම කතා බහ කරන මේ අළුත් අවුරුදු නැකැත් කමිටුවේ ඉතිහාසය පිළිබදව දැනුවත් කිරීමක් කිරීමට ප්‍රථමයෙන්ම අදහස් කළෙමි.

                                                       පුරාණයේ අළුත් අවුරුදු උත්සව සැමරීමේදී ප්‍රධාන කේන්ද්‍රස්ථනය වූයේ ගමේ පන්සලයි.පන්සලේ නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් ගමේ වැඩිහිටි ප්‍රධාන නැකැත් ඇදුරා විසින් සකසන අළුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව ගමේ සියළු දෙනාම අවුරුදු නැකැත් ඉටු කරයි.බොහෝ අවස්ථාවල මෙම අළුත් අවුරුදු නැකැත් සීට්ටුව ගමින් ගමට වෙනස් විය.
    ඉතා මෑත කාලයක් වන තුරු මෙම තත්ත්වය පැවතියත් අළුත් අවුරුද්ද වැනි ජාතික උත්සවයකදී මුළු රටම එකවර අවුරුදු නැකැත් ඉටු කිරීමේදී ශ්‍රී ලාංකික බව හොදින් ඉස්මතු වීමත් ජ්‍යොතිෂය ගැන ජනතාවට විශ්වාසයක් ඇති වීමත් සාමය සමගිය සහජීවනය වැඩි දියුණු වීමත් සිදු වන බව දුටු නැණවත් ශ්‍රී ලාංකිකයන් අළුත් අවුරුදු නැකැත් සම්බන්ධව පොදු සම්මුතියකට එලබීය.
     මේ අනුව 1991 වසරේදී එවකට සංස්කෘත ඇමතිව සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ එතුමාගේ කාර්්‍යාලය්දී ලංකාවේ පංචාංග ලිත් කතු වරුන්,ජ්‍යොතිෂවේදීන් සමග පැවති සාකච්ඡාවකින් පසු අළුත් අවුරුද්ද සදහා එකම පොදු නැකැත් මාලාවක් පිළිගැනීමට තීරණය කළ බවත් එය 1992 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.අළුත් අවුරුදු නැකැත් සෑදීමට පංචාංග ලිත් කතුවරුන් ජ්‍යොතිෂවේදීන්ගෙන් සැදුම් ලත් විශේෂ අළුත් අවුරුදු නැකැත් කමිටුවක් පත්කර ඒ හරහා සිදු කිරීමට තීරණය විය.ඒ අනුව 1992 වසරේ සිට අළුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදු කිරීම මුළු රටම එකම නැකැත් වේලාවන් වලට සිදු කරයි.
   ක්‍රි.ව. 1990 වසරේ ඈපා පංචංග ලිතේ හා ලංකා පංචාංග ලිතේ අවුරුදු නැකැත් වෙනස් අයුරින් දක්වා ඇති අයුරු පහත දැක්වේ. 1992 සිට මෙම නැකැත් ලිත් දෙකේම එක සමානය.1990 වසරේ හිසතෙල් ගෑමේ නැකතට ලිත් දෙකේ දින දෙකකි.


  1990 ඈපා පංචංග ලි




                                      
                                                         

          

1990 ලංකා පංචාංග ලි
   අළුත් අවුරුදු නැකැත් කමිටුව ආරම්භයේදී උගත් බුද්ධිමත් දක්‍ෂ ජ්‍යොතිෂවේදීන්ගේ දායකත්වයෙන් සෑදූන කමිටුවක් ලෙස පැවතියත් කල්ගත වන විට මෙම ගුණාත්මක බව ක්‍රමයෙන් අඩු විය.එක් වරක් නැකැත් කමිටුවේ ජාතික සැසි වාරයට එක්තරා පංචාංග ලිතක නියෝජිතයා ලෙස එම ලිතේ අච්චු කන්තෝරුවේ සේවකයකු සහභාගී වූ බවට ප්‍රසිද්ධ කටකතාවක් විය.වර්තමානයේ රජයට සම්බන්ධ ඕනෑම කමිටුවක සාමාජිකයන් පිළිබදව විස්තර අන්තර්ජාලය මගින් සොය දැන ගත හැකි වුවත් අපගේ කතා බහට පාදක වන අළුත් අවුරුදු කමිටුවේ සාමාජිකයන් පිළිබදව විස්තර දැන ගැනීමට නොහැක.හරියටම නොදන්නා නමුත් මෙම අළුත් අවුරුදු නැකැත් කමිටු සාමාජිකයන්ටද රජයෙන් සැලකිය යුතු වැටුපක් ලැබෙන බවට ආරංචි ඇත.මා විසින් අළුත් අවුරුදු නැකැත් කමිටුව "ගරිල්ලා ව්‍යාපාරයක්" ලෙස හැදින්වූයේ එබැවිනි.      දැන් අපි නැවත අපගේ වර්තමාන අර්බුදකාරී අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකැත් අවුල පිළිබදව කතා බහ කරමු.මේ ලිපියේ මේ දක්වා දැක්වුනු අදහස් අඩවියේ කතුවර මාගේ අදහස් නමුත් මින් ඉදිරියට මෙම ලිපියෙන් දැක්වෙන මෙවර අළුත් අවුරුදු ලිප් ගිණි මෙලවීමේ නැකත සම්බන්ධ විස්තර මාගේ විද්‍යුත් ලිපිනයට පාඨකයකු විසින් එවන ලද පැහැදිළි කිරීමක් බව අවංකව පවසමි.


   ජ්‍යොතිෂය ගැන යම් වැටහීමක් ඇතිව සාමාන්‍ය මට්ටමෙන් ලියා ඇති එම පාඨකයාගේ අදහස් ඒ අයුරින්ම දැක්වීමට සිතුවේ මා දන්නා තරමින් එම අදහස් අනුමත කිරීමට හැකි වීමත් මෙවැනි කාරනයක් පිළිබදව ජ්‍යෙතිෂය ගැන ලොකු වැටහීමක් නැති සාමාන්‍ය පාඨකයකුට පවා වැටහෙන සරල භාවිතයෙන් දක්වා ඇති බැවිනි.

-----------------------------------------------------------------------------------------------
මෙවර පුන්‍ය කාලය යෙදී ඇත්තේ 2012 අප්‍රේල් 13 වැනි සිකුරාදා දවල් 12.56 සිට සෙනසුරාදා පාන්දර 1.44 දක්වා වූ ඉංග්‍රීසි පැය 12 විනාඩි 48 කාලය තුලය.සුපුරුදු පරිදි පුන්‍ය කාලයේ අග කොටසේදී සිදුවන අළුත් අවුරුදු උදාව 13 වෙනි සිකුරාදා රාත්‍රී 7.20 ට සිදුවේ.ඒ අනුව මෙවර ලිපි ගිණි මෙලවීම දක්වා ඇත්තේ අවුරුදු උදාව සිදුවී විනාඩි 22 කට පසු යෙදෙන 13 සිකුරාදා රාත්‍රී 7.42 වේලාවයි.
  මෙවර ලිප ගිණි මෙලවීමේ නැකතේ දෝෂ දක්වන ජ්‍යොතිෂවේදීන් ඒ සදහා ප්‍රධාන වශයෙන් දක්වා ඇති අංග කිහිපයක් පහත පරිදි පෙළ ගස්වා දැක්විය හැකිය.

   1) මෙවර ලිප ගිණි මෙලවීමට ඇති නැකැත් වේලාවට යෙදෙන්නේ රවි හෝරාවයි. සාමාන්‍යයෙන් රවි හෝරාව ලිප ගිණි මෙලවීම් වලට යොදා නොගනී.7.42 වේලාවට රවි හෝරාවේ බුධ පංචම කාලයෙන් මිනිත්තු 2ක් පමන හසුවී ඇතත් මේ වේලාවට ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල වේලා වෙනස අනුව රවි හෝරාවේ කුජ පංචම කාලයට හසුවී ඇත.රවි හෝරාවේ කුජ හා බුධ පංචම කාල දෙකම ගිණි බිය උපදවන බවට පැරණි පොත්වල පැහැදිළිව දක්වා ඇත.

   2) රවි ග්‍රහයා මේෂ සිංහ රාශි වල ගමන් කරන විට කැති ,උත්‍රපල්,උත්‍රසල නැකතක් උදාවී ඇති විට රවි හෝරාව යෙදෙන වේලාවන් තුල රවිගේ බලය ඉතා ඉහළ බව ජ්‍යොතිෂයේ සදහන්ය.දිනයද රවි දිනය යෙදී ඇති විට මෙම බලය තවත් වැඩිවේ.මෙවර දිනය සිකුරාදා වුවත් රවිගේ බලය උපරිම වන අනිත් අංග එලෙසම යෙදී ඇත.ඇත්තටම මෙම බලවත් වීමම නරකට බලපා ඇත.

  3) අව අටවක තිථිය යෙදීම හා හිරු අවරට පත්වූ වේලාවක් යොදා ගෙන තිබීම නැකතට යම් දෝෂ බලපෑමක් කළත් අව්රුදු උදාව රාත්‍රී 7.20 සිදුවීමත් ලිප ගිණි මෙලවීම අවුරුදු උදාවට පසු යොදා ගත යුතු වීම හා එය අවුරුදු උදාව සිදුවී බොහෝ කාලයක් ගතවූ පසු යොදා ගැනීම ශාස්ත්‍රීය නොවීමත් නිසා ඒ සම්බන්ධයෙන් විශාල දෝෂයක් කිව නොහැකිය.ඉර බැස යාම් ආසන්නව හා ඉර අවරට ගිය පසු ලිප ගිණි මෙලවීම් නැකැත් ගන්නා ලද අවස්ථා ඉතිහාසයේ එමට ඇත.අව අටවක තිථියද එදින දචස පුරාම වාගේ යෙදී ඇති නිසා එය මඟ හැරීමද කළ නොහැක.

 ඉවෟ ලිප ගිණි මොලවන නැකැත් වේලාවට යෙදෙන තත්කාලය(නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවන රාශිය හා එහි ග්‍රහ පිහිටීම.) දෝෂ සහිත වීමද රට ජාතියේ අභාග්‍යයකි.රාත්‍රී 8 පමන වන තුරු යෙදෙන තාලා රාශිය මඟ හැරීමද සාම්ප්‍රදායික අවුරුදු නැකැත් සම්මතය අනුව කල නොහැක.තුලා රාශියේ ලග්නයේ සිටින වක්‍ර ශනිගේ දෘෂ්ථිය 7,10 ට වැටීම එතරම් හොද නැත.


 විද්‍යුත් ලිපිනයට ආ පාඨක ලේඛනය් දක්වා තිබූ පැහැදිලි කිරීම් ඉහත කෙටියෙන් දක්වා ඇත.

 අවසාන වශයෙන් විමර්ෂණාත්මකව බැලූ විට මෙවර අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ දෝෂ අඩුපාඩු ඇති බව පැහැදිලිව පෙනී යන්නකි.නමුත් ඇතැම් දෝෂ යෙදීම වැලැක්වීම අසීරු තත්ත්වයක ඇති බවද කිව යුතුය.නමුත් රවි හෝරාව පන්නා සිකුරු හෝරාවෙන් හෝ ලිප ගිණි මෙලවීමේ නැකත ලබා දීම කල යුතුව තිබුණි.

 රෝහණ වසන්ත මහතා දැක්වූ ආකාරයට පැරණි සියුම් ශාස්ත්‍රීය ක්‍රමය අනුව බලන කල ලිප ගිණි මෙලවීමේ නැකැත් වේලාවට බැලිය යුතු දිශාවේද දේෂ ඇති බව දක්වා ඇත.



     


    

8 comments:

ජෝතිරත්න said...

මට මතක් වෙන්නෙ කන බොන නිදාගන්න හැම වෙලාවම නැකත් බලල කරපු ඉසුරු යෝගය ටෙලිනාට්‍යයෙ "මුතුමින"ව....

Gimhani said...

මේ දිනවල කතා බහට ලක්වෙන මාතෘකාවක්‌. බොහොම ස්තුතියි දෑනුවත් කලාට .

මාතලන් said...

එතකොට හොඳ වෙලාව මොකක්ද.. මම මේවා අනුගමනය නොකලත්. අවුරුද්දට යන ගෙදර අය මේවා හිස් මුදුනින් පිළිගන්නවා...

Soda ගුනේ said...

විකාර.... මගේ නම් නැකත බඩගිනි වෙන වෙලාව....:D

Chanaka Aruna Munasinghe said...

ලිප ගිනි මොලවන තෙක් දිය සැ ළියේ
සැප යක් යැයි කකුළුව දිය කෙ ළියේ

mier said...

අයියේ, එක එක රටවලට මේ නැකැත් වෙලාවල් වෙනස් නේද? එහෙම රට රට වලට අදාළ අවුරුදු නැකැත් බලා ගන්න තැනක් තියෙනවද?

හිස් අහස said...

අපේ සීයත් ඔන්න ලිප ගිනි මොලවන්න තනියම නැකතක් හැදුවා . එයත් ඔයි වැඩ වලට හපනා

mier said...

බොහොම ස්තුතියි උත්තරේට.

Related Posts Plugin for WordPress, Blogger...