Saturday, October 13, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- දෙවන කොටස

 මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත"  අනුව සකසා ඇත.

           6 වැනි පාඩම වෙන්වූ "ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම" දක්වා ඇති ආකාරයට ඹ්නෑම අයකුට ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම සිදු කල හැකි නමුත් ඈපා ලිතේ කලින් කලට ඇතිවූ වෙනස් කම් අනුව පඤ්චාංගය දක්වා ඇති පිටුවල පහල දක්වා ඇති ග්‍රහ කොටුව අනුව මෙන්ම ලිතේ විශේෂයෙන් දක්වා ඇති "ග්‍රහ රාශි චාරය" අනුව ග්‍රහ පිහිටීම ලකුණු කිරීම යන ක්‍රම 2ම දැන සිටීම වඩාත් සුදුසුය. "ග්‍රහ රාශි චාරය" අනුව ග්‍රහ පිහිටීම ලකුණු කරන ආකාරය මා විසින් 6 පාඩම අගට එකතු කර ඇත.

     6 පාඩම "ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම"


  6 පාඩම ට අදාළ පඤ්චාංග ලිතේ (අවශ්‍ය කොටස) රූපය.




පඤ්චාංග ලිතේ "ග්‍රහ රාශි චාරය" අනුවද පහත පරිදි ඉහත උදාහරණයේ ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවිය හැක.
 1) රවි පිහිටුවීම
          ඉහත දක්වා ඇති (25 පිටුව ) රූපය අනුව 1968 නොවැම්බර් 16 සිට දෙසැම්බර් 14 දක්වා මාසය තුල රවි වෘශ්චික රාශියේ පිහිටයි.ඉහලින්ම ඇති "ශුක්‍ර පැය 41 විනාඩි 02 න් වෘශ්චික රවි." යන්නෙන් ඊට පෙර දින එනම් නොවැ 15 වැනි සිකුරාදා ස්වදේශ සූර්ය උදයාදී 41  පැය විනාඩි 02න් රවි වෘශ්චික රාශියට යන බවයි.ඒ අනුව ඉහත උදාහරණයේ 1968 නොවැම්බර් 16 සෙනසුරාදා රවි වෘශ්චික රාශියේය.

2) සදු (චන්ද්‍ර)  පිහිටුවීම
         සදු එක් රාශියක් තුල ගමන් කරන්නේ දළ වශයෙන් දින දෙක හමාරකි.ඉහත දක්වා ඇති (25 පිටුව ) රූපයේ දකුණු කෙලවරේ ඇති "චන්ද්‍ර චාරය" ‍තීරුවේ නොවැම්බර් 16 කෙලින් කිසිවක් සදහන්ව නොමැත(හිස්ය.) නැවත නොවැම්බර් 17 කෙලින් "58 34 තු" ලෙස සදහන්ව ඇත.මින් අදහස් වන්නේ සදු තුලාවට යන්නේ නොවැම්බර් 17 ඉරිදා උදයාදී 58 පැය විනාඩි 34 ට බවයි.එතෙක් සදු සිටින්නේ තුලාවට පෙර රාශිය වූ කන්‍යාවේ බවයි.ඒ අනුව අපගේ උදාහරණයේ සදු සිටින්නේ කන්‍යා රාශියේය.

3) කුජ(අගහරු)  පිහිටුවීම
          1968 පඤ්චාංග ලිතේ "ග්‍රහ රාශි චාරය" පිටුව පහත දක්වා ඇත.



          මෙහි "කුජ රාශි චාරය" ට අදාළ කොටසේ 
              "ඹක්   29  තුලා  13  25  02  කංනි "
              "දෙසැ 18  ධනු  04  27  28  තුලා "  ලෙස සදහන් කොටසට අවධානය යොමු කරන්න.
      මින් නිරූපනය කෙරෙන්නේ 
             " සූර්ය මාස ක්‍රමයෙන් තුලා රවි 13 භාග එනම් ඹක්තෝම්බර් 29 දින සූර්ය උදයාදී 25 පැය විනාඩි 02ට කුජ කංනි(කන්‍යා) රාශියට යන බවත් නැවත දෙසැම්බර් 18 දින සූර්ය උදයාදී 27 පැය විනාඩි 28ට කුජ තුලා රාශියට යන බවත්ය.ඒ අනුව අපගේ උදාහරණයට අදාළ නොවැම්බර් 16 දින කුජ සිටින්නේ කන්‍යා රාශියේය.

  මේ ආකාරයටම "ග්‍රහ රාශි චාරය" දෙස බලමින් බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු,යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන් ලග්න කේන්ද්‍ර කොටුවේ පිහිටන ආකාරය ඹබටම ලකුණු කල හැකිය.
                         

No comments: