Friday, March 29, 2013

විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී සඳු ගැන හොදින් බලන්න

 විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී ගැටවර වියේ සිටින අවිවාහක තරුණයෙකු බොහෝ විට සැලකිල්ල දක්වන්නේ හැඩකාර යෞවණියක් තෝරා ගැනීමට වුවත් වයසින් මුහුකුරා ගිය  පිරිමියකු සිය අනාගත සහකාරියගේ නැණ ගුණවත් කම පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වයි.

   කාන්තාවකගේ ජන්ම කේන්ද්‍රය සලකා බලා රුව ගැන අදහසක් ප්‍රමානවත් අයුරින් ලබා ගත නොහැකි වුවත් කාන්තාව තුල ජන්මයෙන් පිහිටන ගුණ නැණ බලය පිළිබඳ අදහසක් ලබා ගත හැක.කාන්තා කේන්ද්‍රයක සදුගේ පිහිටීම විවාහයට මූලික බලපෑමක් ඇති කරන අතර සදු බල දුබල බව ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව බලමින් කාන්තාවගේ චරිත ගුණ දැන ගැනීමටද හැකිය.

 * සදු බලවත්ව සිටීම ස්ත්‍රී කේන්ද්‍රයකට යහපත්ය.සදු උච්ච කේෂත්‍ර බලයෙන් පාප ග්‍රහයන් සමඟ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් තොරව 6,8,12 ස්ථානවලින් බැහැර තැනක සිටීම වඩාත් සුභයි.එවැනි කාන්තාවන් තම ස්වාමියාට කරුණා ලෙන්ගතු ගෞරවය දක්වයි.වාසනාව උදා කරයි.එවැන්නියන්ට බොහෝ විට හිමිවන්නේද යහපත් ස්වාමියන්ය.

 * සදු නීච වීම ස්ත්‍රී කේන්ද්‍රයකට බලවත් අසුභ පිහිටීමකි.ස්ථානය අනුව ශරීරයේ ලෙඩදුක් අසනීප සාදයි.සදු නීචව 6,8,12 ස්ථානයක පිහිටන කාන්තාවකට වෙනත් උපන් ග්‍රහ බලතා තිබුනත් කුමන හෝ  අංශයකින් ලොකු දුරුවලතා පවතී.

* සදුට කටක රාශිය හා හත්වැන්න සුභ වුවත් කුජ,බුධ,ගුරු යන ග්‍රහයන් සදු සමඟ කටක රාශියේ හෝ හත් වැන්නේ තැන්පත් වීම කාම යෝගයකි.

 ඉහත දැක්වූයේ කාන්තා කේන්ද්‍රයක සදුගේ පිහිටීම  අනුව චරිත ස්වභාවය හා විවාහයට ඇති බලපෑම දක්වන විස්තරයකි.කාන්තාවකගේ විවාහයට හා චරිතයට සදුගේ බලපෑම ඉහත දැක්වූ ආකාරයට කෙටි විස්තරයකින් දැක්විය නොහැක.සදු හා සම්බන්ධ වන යෝග අති විශාලය.සයිබර් අවකාශයේ සැරිසරන  ජ්‍යොතිෂය ගැන අවබෝධය අඩු පාඨක ඔබට වැටහෙන ආකාරයට එම යෝග ලියා දැක්වීමද අසීරුය.ඉහත දැක්වූ සරල අවස්ථා කීපය දැන සිටීමද අවිවාහක තරුණ ඔබට ඉදිරි දිනෙක ප්‍රයෝජනවත් වනු ඇත

4 comments:

SilentSahan said...

meeta wada wisthara tikak liyanna
thibba ayiye...

මුතු said...

මීට වඩා විස්තර කියා තිබුනා නම් වටිනවා අයියේ. සරලව දැක්වීමත් අවශ්‍යම වේ.
කුතුහලය අවුස්සා මග නැවැත්තුවා වැනිය.

PRABATH KUMARASIRI said...

wisthara madi thama

PRABATH KUMARASIRI said...

1983/8/21 ragama 9,15PM

Related Posts Plugin for WordPress, Blogger...