Saturday, March 30, 2013

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - රවි අපලයට

   ග්‍රහ ලොව පීතෘ ලෙස හැදින්වෙන රවි පෘථිවිය ඇතුළු සියළු ග්‍රහලෝක වල ජීවනාලියවේ.උනුසුම ආලෝකය,ආකර්ෂණය,ජීවය ලබාදේ.ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සියළු කටයුතු රවි මුල්කොට ගෙනම සිදුවේ.ජීව බලය හා රෝග නාශක බලය පමනක් නොව දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියාසූරත්වය,ගෞරවය,අවබෝධ ඥානය ආදී සියළු උසස් ගති හිරුගෙන්ම ලැබේ.

     මිනිස් සිරුරේ හදවත,කට,ඇස්,ලේ,මොලය,උගුර,ඇට ආදියට අධිපති වන රවි උපතේදී මෙන්ම ගෝචර ගමනින් දුබල විට ශරීරයේ ඒ ආශ්‍රිත අසනීප ලෙඩ රෝග ඉස්මතු කරයි.

    රවි ග්‍රහයාගේ අපල අඩුවී සහනදායි තත්ත්වයක් ලබා ගැනීමට කල යුතු වත් පිළිවෙත් කිහිපයක් පහත දැක්වේ.

 * බෞද්ධයකු නම් පන්සලකට ගොස් තෙරුවන් වැදීම බෝධි පූජා කිරීමත් පිරිත් ඇසීමත් ඉතා හොඳයි.දානමය පින්කම් සිදු කිරීම සහභාගි වීම කොට ආරක්ෂාව පතන්න.වෙනත් ආගමිකයකු නම් තම ආගමික කටයුතු සිදු කොට රවි අපල දුරු වී ආරක්ෂා බලය පතන්න.

 * ඉරිදා දිනවල හිරු පායා එන වෙලාවේ සිරුරට ලා හිරු රැස් වැටෙන පරිදි නැගෙනහිර දෙස බලා ස්නානය කිරීම රවි අපල අඩු කරයි.(ස්නානය කිරීමට අපහසු අසනීප අවස්ථාවල මෙලෙස හිරු රැස් ශරීරයට වැටෙන සේ සිටීම යහපත්ය.)

* ඉඹුල් පැලයක් ගෙවත්තේ සිටුවා දිනපතා සාත්තු කිරීම ආදරයෙන් ස්පර්ශ කිරීම හොඳයි.ඉඹුල් ගසේ සෙවනේ සිටීමද රවි අපල අඩු කරයි.

* රවි අපල ඉතා තදින් ඇත්නම් ඊශ්වර දෙවියන්ට බාර හාර වීම, ඊශ්වර දෙවියන්ගෙන් සෙත් පතා කන්නලවු කිරීම සෙත්කවි කියවීම,සූර්්‍ය මණ්ඩලය හෝ ආඝෝර යන්ත්‍රය ජීවම් කර පැලඳීම,පද්මරාග මැණිකක් සුදුසු ලෙස කපා මුද්දකට/ආභරණයකට අල්ලා පැලඳීම හොඳයි.


                                                                                                        

4 comments:

Imantha said...

මට රාහු අපලය ගැන පොඩ්ඩක් කියල දෙනවද?

jhothishalanka said...

ඔබට ඉක්මන් කෙටි පිළිතුරක් දෙන්නම්.මේ වෙලාවෙ කාර්්‍යය බහුලයි.

jhothishalanka said...

@imantha nikash
අසුර,රෞද්‍ර යනාදී නාමයන්ගෙන් හැදින්වෙන රාහු උද්වේගකර ග්‍රහයෙකි. රාහු සමඟ වෙනත් ග්‍රහයෙක් සිටින විට එම අනෙක් ග්‍රහයාගේ ගුණ ද්වි කරන බව සදහන්ය.නාග හිසක් හා මිනිස් කයක් ඇති රාහුගේ ප්‍රතිවිරුද්ධය කේතුය.
වෙනත් ග්‍රහයන්ගේ අපල මෙන්ම රාහු ග්‍රහයාගේ අපල යෙදීම ගෝචර(අහසේ රාශි චක්‍රය හරහා ගමන) ගමන අනුව යෙදේ.පිටුපසට සිදුවන රාහු ග්‍රහයා අපල කරන ස්ථාන ලෙස සදහන් වන්නේ අනිත් ග්‍රහයන්ට අසුභ යැයි සම්මත ස්ථාන වලට වඩා වෙනස් ආකාරයකිනි.රාහුට අසුභ ස්ථාන ලෙස සඳහන් වන්නේ 8,9,12 ස්ථානයි.වෙනත් ග්‍රහයන්ට හයේ ගෝචරය අසුභ වුවත් රාහුට එසේ නොවන බව සඳහන්ය.නමුත් රාහු අපල ගැන බැලීමේදී රාහු සමඟ සංයෝග හා දෘෂ්ටි වැටී ඇති ආකාරය විශේෂයෙන් සැලකිය යුතුය.
රාහු උද්වේගකර ග්‍රහයකු නිසා රාහු අපල ඇති විට අනවශ්‍ය ක්‍රියාශීලීතාවයක් ඇති කොට වෙහෙස කරවයි.ඇවිදිලි වැනි වෙහෙස වැඩියි.ඉගෙන ගන්නා ළමයෙකුට රාහු දශාව(අවු 18) සමඟ රාහු අපල ලැබූ විට අනවශ්‍ය වැඩට හිත යවා අධ්‍යාපනයට ඇති ඇල්ම අඩු කරවයි.නමුත් සෑම විටම රාහු නරක නැත.රාහු උපතේදීත් දුබල විට රාහු අපල කාල වල අපල කරදර වැඩියි.

මුතු said...

යන්ත්‍ර පැළඳීම නිසි ආකාරව කරන අය සොයාගැනීමට නොහැකි තරම්ය. කෙසේ මෙම යන්ත්‍ර පැළදීමෙන් අපල දුරු වූ අය සිටීද?

Related Posts Plugin for WordPress, Blogger...