Saturday, June 15, 2013

සුභ නැකැත් සෑදීම - 7

සදුගේ පාප කත්‍රී දෝෂය
      චන්ද්‍රයා සිටින රාශියට දෙපස රාශි දෙකේ කුජ,රාහු,කේතු,ශනි,රවි වැනි පාප ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටින කාල සීමාවන් සුභ කටයුතු සඳහා අසුභය.

දුබල චන්ද්‍ර දෝෂය
      * අව අටවක සිට අමාවක දක්වා වූ දින අට තුල සදු බලය දුබලය.සුභ වැඩට යෝග්‍යතාව අඩුයි.
      * සදු සමඟ රාහු ,කුජ,කේතු,ශනි,රවි වැනි පාප ගුහයන් එක් රාශියක සිටින විට සදු බලය දුබලයි.(රාශි 2ක සිටියත් අංශක 15 ට වඩා ඈත් විය යුතුය.)
      * කුජ, ශනි වැනි පාප ග්‍රහ දෘෂ්ටි වලට සදු හසුවී ඇති විටද සදු බලය හීන වන බැවින් එම දිනයන්ද සුභ කටයුතු වලට අයෝග්‍යෙවේ.

ගණ්ඩාන්ත රාශි දෝෂය
   ගණ්ඩාන්ත රාශි දෝෂය ඇතිවන ස්ථාන 3ක් සදහන්ය.ලග්නයක් හා නැකතක් එකවර ගෙවී ඊලඟ ලග්නය නැකත ලබන ස්ථාන වලදී මෙය සිදුවේ.
  1) ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය
               මීන රාශිය ගෙවී මේෂ රාශිය ආරම්භ වීම මෙන්ම රේවතී නැකත ගෙවී අස්විද නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 2) දෙවන ගණ්ඩාන්ත දෝෂය
                කටක රාශිය ගෙවී සිංහ රාශිය ආරම්භ වීම මෙන්ම අස්ලිස නැකත ගෙවී මා නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ දෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 3)  තෙවන ගණ්ඩාන්ත දෝෂය
   වෘශ්චික රාශිය ගෙවී ධනු රාශිය ආරම්භ වීම මෙන්ම දෙට නැකත ගෙවී මුල නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ තෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 ඉහත දැක්වූ ස්ථාන තුනේදී නැකැත් හා රාශි අවසන් වීම එකවර සිදුවන නිසා මෙම ලග්න හා නැකැත් උදාවන සියුම් කාල සීමාවන් සුභ කටයුතු වලින් ඉවත් කල යුතුය.

6 comments:

SilentSahan said...

වැදගත් අයියේ..ටික ටික මේ දේවල් දාන්න..

මුතු said...

කවුරුත් පැහැදිලිව කියා නොදෙන පාඩම් මාලාවක් මෙලෙස සරලව පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිය.

Anonymous said...

පුර පක්ෂයේ සඳු/ අවපක්ෂයේ සඳු ලෙස සඳහන් වනු මා දැක තිබේ. මෙහි අර්ථය කුමක්ද පැහැදිලි කල හැකිද? සහ ජන්ම කේන්ද්‍රයක සඳු පුර පක්ෂයේද අව පක්ෂයේද යන්න දැන ගන්නෙ කේසේද?
පිළිතුරක් දිය හැකිනම් ඉතා කෘතක්ඥ වෙමි.

jhothishalanka said...

ප්‍රශ්ණ දෙකටම පොදු පිළිතුර පහත දක්වා ඇත.

පුර පසලොස්වක පොහොය දිනට පසු යෙදෙන තිථිය අව පෑලවිය(1) තිථියයි. මේ ආකාරයට අව දියවක(2), අව තියවක(3),...අමාවක(15) ලෙස අව පක්ෂයත් නැවත අමාවක දිනයට පසු පුර පෑලවිය(1),පුර දියවක(2),.. පුර ප‍සලොස්වක(15) ආකාරයට පුර පක්ෂයත් යෙදේ.පුර අව පක්ෂයන් මෙලෙස දකුවා ඇතත් නැකැත් සෑදීමේදී පුර පසලොස්වක දිනයේ සිට ඉදිරියට හා පිටුපසට පුර බලය ක්‍රමයෙන් අඩුවන බව සලකයි.

Anonymous said...

මහත්මයානනි 2013.9.18 දින පෙ.ව.6.4 බුදදින සරස්වතී යොගයක් ලෙසට ගන්නට පුලුවන්ද

jhothishalanka said...

මෙම වේලාවට තත්කාලයෙන් සරස්වතී යෝගයට ආසන්න යෝගයක් මතු වුවත් බදාදා දිනයේ තුදුස්වක තිථිය යෙදෙන විට දරුණු රික්තා බැවින් සුබ වැඩට හොඳ නැත.

Related Posts Plugin for WordPress, Blogger...