Showing posts with label ලෝකායත ජ්‍යොතිෂය. Show all posts
Showing posts with label ලෝකායත ජ්‍යොතිෂය. Show all posts

Wednesday, August 27, 2014

ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්....

 
  2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා  (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්‍රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි.
   ලංකා කුම්භ කේන්ද්‍රයට අධිපති ශනි ග්‍රහයා බැවින් මෙම ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල අප රටට සෘජුවම බලපායි.උගතුන් ශක්තිවන්තයන් ගුණගරුක වූවන්ගේ බලය යටපත් කරමින් දුබලයන් නීචයන්ගේ බලය ඉස්මතු කරයි.දූෂිත දේශපාලකයන් හා  ඔවුන්ගේ හෙංචයියන්ගේ ක්‍රියාකාරකම් නිසා ගුණවත් මිනිසුන් පීඩාවට පත්වේ.නොසැලකිල්ලෙන් හා මුරණ්ඩු ලෙස කටයුත් කරන්නන්(රියදුරන්,කම්කරුවන්,.......) නිසා මාරක අනතුරු සිදුවිය හැකි අතර අසරණයන්ගේ ජීවිත හානි සිදු වෙමින් වැරදිකරුටම ආරක්ෂාව ලබාදේ...
      ලෝකායත ජ්‍යොතිෂය අනුව ග්‍රහ යුද්ධයක බලපෑම වැඩි පුරම සිදු වන්නේ ග්‍රහ යුද්ධය සිදුවී ගතවන ඉදිරි දින කීපයක කාලයයි.එබැවින් ඉදිරි දින කීපයේ ප්‍රවේශමෙන් ආරක්ෂාවෙන් ගමන් බිමන් යාම ,රිය පැදවීම් කිරීම වඩාත් යහපත්ය.
   කෙසේ වුවත් අප රටට අධිපති ශනිට ජය ලැබීම රටේ රජුට(ජනාධිපතිට) සුභදායකය

Wednesday, June 11, 2014

ජුනි 19 ගුරු මාරුව ඔබට රටට කොහොමද?


  ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් හා වෙනත සුභ අසුභ ග්‍රහ දෘෂ්ටි මෙන්ම  මෙම වසරේ සිදුවන අනිකුත් ප්‍රධාන ග්‍රහ ඉගිලීම් වන ජූලි 12 රාහු කේතු මාරුව නොවැම්බර් 02 ශනි මාරුවේ බලපෑම් අනුව යම් යම් විචලතා ඇතිවේ.

Saturday, October 5, 2013

2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල


  2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්‍රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ.
   ග්‍රහ ලොව සෙන්පති ලෙස හදුන්වන සටන්කාමී අඟහරු ග්‍රහයා බලවත් වූ විට නිර්භීතකම,බලය,ශක්තිය අධිෂ්ඨානය නායකත්ව හැකියාව වර්ධනය කරන අතර දුබල වූ විට කෝපය,දීන කම,ප්‍රචන්ඩත්වය,මුරණ්ඩුකම වර්ධනය කරයි.
   මිතුරන්,සතුරන්,බාල සොයුරන්,පියාගේ ඥාතීන්,ආරක්ෂාව හා විපත් ,ආශාව, පුරුෂ ශක්තිය ,රුධිර ගත රෝග ආදියේ දියුණුව හෝ පිරිහීම කුජ නිසා ඇතිවන බව කියයි.
    තේජෝ රාශියක් වන සිංහයට තේජෝ ග්‍රහයකු වන කුජගේ පැමිණීම කුජ බලය මනාව ඉස්මතු කරයි.
 කෙසේ වුවත් කුජ සිංහ රාශි ගත වීම වෘෂභ,කන්‍යා,මකර ලග්න හිමියන්ට අසුභ දායකය.සෞඛ්‍ය හා තුවාල අනතුරු පීඩා වලින් මෙන්ම සතුරු කරදර හා නීති ප්‍රශ්ණ වලින්ද එම ලග්න හිමියන්ට අපලවේ.වෙනත් ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙම අපල විෂ අඩු වැඩි වේ.
    2013 නොවැම්බර් 26 දක්වා අඟහරු සිංහ රාශියේ ගමන් කරයි..

Monday, May 27, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.

Friday, June 1, 2012

2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට......


2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය  දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක.

Sunday, May 6, 2012

මැයි 17 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?




      ග්‍රහලොව "ගුරුන් වහන්සේ" ලෙස හැදින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දළ වශයෙන් වසරකට ආසන්න කාලයක් එක් රාශියක් තුල ගමන් කරයි.පසුගිය 2011 වසරේ මැයි 8 වැනි දින සිට මේ දක්වා මේෂ රාශිය එල්ලේ ගමන් කරන ගුරු ග්‍රහයා 2012 මැයි 17 දින උදේ 9.35 ට පමන වෘෂභ රාශියට පිවිසේ.

Saturday, February 12, 2011

පෙබරවාරි 21 දා ග්‍රහ යුද්ධ තුනක්!රට තුල විපත් කරදර වැඩිවේ.

 පෙබරවාරි 21 දින ග්‍රහ යුද්ධ තුනකි.මෙම ග්‍රහ යුද්ධ ගැන විස්තර කිරීමට පෙර ග්‍රහ යුද්ධයක් යනු කුමක්දැයි පාඨකයන් දැනුවත් කළ යුතුය.(මෙය මීට පෙර අවස්ථාවක දක්වා ඇති නමුත් නැවත මතක් කිරීම හොදයැයි සිතුවෙමි.)

Thursday, February 10, 2011

ග්‍රහ චලිතය පිළිබදව ජ්‍යොතිෂයේදී භාවිතා වන විශේෂ ග්‍රහ ගති

   ජ්‍යොතිෂයේදී සලකා බලන ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකි.රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු එම ග්‍රහයන් නවදෙනායි.

Wednesday, January 26, 2011

2011 ජනවාරි 26 දින ශනි වක්‍ර වීමක්...

 2011 ජනවාරි 26 වෙනි බදදා(අද) දවල් 11.41 ට පමන ග්‍රහ මඩුල්ලේ ප්‍රධාන ග්‍රහයකු වන ශනි වක්‍රවේ.ග්‍රහ මඩුල්ලේ ග්‍රහයකු වක්‍ර වීම යනු ඉදිරියට යන ග්‍රහයා ආපසු පසුපසට හැරීම ලෙස ඉතා කෙටියෙන් දැක්විය හැකිය.

Friday, January 7, 2011

ජනවාරි 08 අඟහරු මාරුව රටට ඔබට කොහොමද?

 ග්‍රහලොව සෙන්පති සටන්කාමී කුජ(අඟහරු) ග්‍රහයා 2011 ජනවාරි 08 වැනි සෙනසූරාදා දවල් 12.02 ට පමන ස්වකීය උච්ච රාශිය වූ මකර රාශියට පිවිසේ.

Wednesday, December 15, 2010

දෙසැම්බර් 21 දින චන්ද්‍ර ග්‍රහනයක්!



 2010 වසරේ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍ර ග්‍රහනය 2010.12.21 දින මිථුන රාශිය තුල සිදුවේ.මෙම චන්ද්‍ර ග්‍රහනය පිළිබදව ලෝකායත ජ්‍යොතිෂය ඇසුරින් විමසා බැලීමක් සිදු කිරීමට සිත් විය.ප්‍රථමයෙන්ම චන්ද්‍ර ග්‍රහනය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්ත විවරණය සලකා බලමු.

Thursday, November 25, 2010

ලෝකායත ජ්‍යොතිෂය -දෙසැම්බර් 14 ග්‍රහ යුද්ධය රටට කොහොම බලපායිද?

     
     ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් වුවත් මෙහි එදිනෙදා,සතිපතා ලග්න පලාඵල මෙන්ම ග්‍රහ මඩුල්ලේ සිදුවන ග්‍රහ මාරු,සංයෝග,යුද්ධ,ග්‍රහන වැනි විපරය්‍යාස මගින් රටට ජනතාවට ඇතිවන බලපෑම් ගැන විස්තර කිරීම් දක්වා නැත්තේ මන්දැයි පාඨක ඔබට ගැටළුවක් මතුවිය හැකිය.

Friday, October 15, 2010

ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව ගැන නොදන්නා අයට කෙටි හැදින්වීමක්

      කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔහුගේ ජීවිත පලාඵල  විස්තර පැවසීම කල හැකි වීම මෙන්ම ප්‍රදේශයක,රටක  ඇතිවන ආර්ථික සමාජ හා දේශපාලන තත්ත්වයන් ස්වභාවික සංසිද්ධි,ජන ජීවිතය වැනි දෑ පිළිබඳව අනාවැකි පවසන ක්‍රමයක්ද ජ්‍යොතිර් විද්‍යාවේ ඇත."ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව" ලෙස හැදින්වෙන මෙම කෙෂත්‍රය ඉගෙනීම,ගවේශණය හා භාවිතා කිරීම කල යුත්තේ මනා පුහුණුවකින් හා අවබෝධයකින් යුක්තවය.දැලි පිහියෙන් කිරි කෑම උපමා කල හැකි ලෝකායත අනාවැකි පැවසීමේ ක්‍රියාව අනවබෝධයෙන් සිදුකරන ජ්‍යොතිෂවේදීන්ට අත්වූ හා අත්වෙමින් පවතින අලකලංචි පිළිබද අපහට නිතර අසන්නට හා දකින්නට ලැබේ.