Sunday, December 9, 2018

Astrology Manually Calculation (ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍ර සෑදීම )

කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.

      පංචාංග ලිත් ආගමණයත් සමඟ කේන්ද්‍ර සෑදීම පහසුවෙන් හා අඩු කාලයකින් සිදු කර ගත හැකි වුවත් ඒ සමඟම ඉපැරණි ජ්‍යොතිෂ ගණිත සිද්ධාන්තයන් ඉගෙනීම හා පාරම්පරිකව ඉදිරියට යාම වේගයෙන් අඩාල වී ගොස් අද වන විට එම තත්ත්වය ශුනයය වි ඇත.මෙහි නරක හා ගැටළු අවස්ථාවන් ලෙස මතුවූයේ පංචාංග ලිතක සුළු මුද්‍රණ දෝෂයක් සමඟ මුළු ලංකාවේම එම ලිත භාවිතා කරන්නන්ට වැරදීම සහ වයස්ගත අයකුගේ නැතිවූ ජන්මකේන්ද්‍ර නැවත සෑදීමේදී අදාල වර්ෂයට අදාල පංචාංග ලිත දෛවඥයා ලඟ නැති වීමය.
    පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග බිහිවීමත් සමඟ කේන්ද්‍ර වැරදීම සහ පැරණි ලිත් තමන් ලඟ නැතිවීමේ ගැටළු අඩු වුවත් පැරණි සිද්ධාන්ත භාවිතයෙන් කේන්ද්‍ර සෑදීම අභාවයටම ගියේය.අෑත අතීතයේ ජ්‍යොතිෂ ඇඳුරන් ගෝල බාලයන්ට කේන්ද්‍ර සෑදීම ඉගැන්වීම ප්‍රථමයෙන් සිදු කලත් තව ටික කාලයක් යනවිට කේන්ද්‍ර සෑදීමට ඉගෙනීම පසෙක ලා පරිගණක මෘදුකාංගයකින් කේන්ද්‍රය සෑදීම සිදු කොට පලාපල බැලීම නැකැත් සෑදීම පමනක් සිදු කිරීම ඉගෙනීම කරනා අඳ බාල දෛවඥයන් රට පුරා පිරී යනු ඇත.
     ජ්‍යොතිෂය තාරතා විද්‍යාවට වඩා වැඩිමහළු පැරණි ශාස්ත්‍රයක් බව සැබෑය.කේන්ද්‍ර සෑදීමට මුලාශ්‍ර වන ඉපැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත හා තාරතා විද්‍යාව සන්සන්දනය කරන විට පැරණි ජ්‍යොතිෂ සිද්ධාන්තයන් ජ්‍යාමිතික හා වීජීය සූත්‍ර ආකාරයට වඩා අනුපාතයන් සැසඳීම් හා වගු ආකාරයේ පද්ධතියකට අනුරූපය.එනම් පැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත බොහොමයක් නියමයක් සූත්‍රයක් ආකාරයට කඩදාසි කොලයක සටහන් කර දැක්වීම අසීරුය.  තාරකා විද්‍යා නියම වලදී සයින් කොස් ටෑන් වැනි ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලන අනුකලන සංගුණක වැනි ගණිත සංකල්පත් ගුරුත්වාකර්ෂණ,චුම්භක,විද්‍යුත් බල කෙෂත්‍ර වැනි අධිග්‍රැහික මෙන්ම ක්වොන්ටම් බල කෙෂත්‍ර වැනි ක්ෂුද්‍ර  භෞතික විද්‍යා සිද්ධාන්ත වැඩි දියුණු වෙමින් භාවිතාවේ.දෛවඥයකුට තාරකා විද්‍යාව අනිවාර්ය අවශ්‍යතාවක් නොවුවත් වැඩදායි දෛවඥයකුට තාරකා විද්‍යාව යනු ප්‍රමාණවත් බලයක් ලබා දෙන්නකි.උදාහරණයකට දෛවඥයකුට තාරකා විද්‍යාවේ මූලිකම සිද්ධාන්තයක් වන කෙප්ලර් නියම තුන දැන සිටීම වැඩක් නැති දෙයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් තාක්ෂණීක මෙවලම් භාවිතයේදී එහි වටිනාකම ඉහලය.
   ජ්‍යොතිෂය ම්ත්‍යාවක් ලෙස විදහා පාන්නන් ඒ සඳහා ප්‍රධාන ආයුධයක් ලෙස භාවිතා කරන්නේ තාරකා විද්‍යාවය.මේ නිසාදෝ මන්දා බොහෝ දෛවඥයන් තාරකා විද්‍යාව ඉලෙනීමටවත් උත්සාහයක් නැත.නමුත් බුද්ධිමත් දෛවඥයා තාරකා විද්‍යාව මෙවලමක් කර ගන්නා හැටි දනී.මෙම අඩවියේ තාරකා නියම ජ්‍යොතිෂ කටයුතු වලට යොදා ගන්නා විට වැඩියෙන්ම උරණකම් පෙන්නා ඇත්තේ ජ්‍යොතිෂවේදීන්මය.ඒකට කම් නැත තාරකා විද්‍යා නියම ජ්‍යොතිෂයට සම්බන්ධ කරම්න් ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍රයක් සාදන ආකාරය දැක්වෙන ඩීඩියෝ පෙළක් මේ සමඟ ගෙනහැර දක්වමි.එම වීඩියෝ ලින්ක් අනුපිළිවෙලින් පහතින් දක්වා ඇත(අංක උඩ ක්ලික් කරන්න)(18 වැනි වීඩියෝ එකේ වෙච්ච වැරද්ද විසදා ගන්න ආකාරය එහි Discription වල දක්වා ඇත)

ප.ලි. මෙම වීඩියෝ පෙළේ ඉදිරි කොටස් මෙම ලිපියටම විටින් විට update කරන බව සලකන්න.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22


1 comment:

ගුණරත්න said...

ඉතාමත් වැදගත් විඩියෝ පෙලක් සමඟ පාඩම් පෙළක් තේරුම් ගැනීම ටිකක් අසිරුයි. කීප සැරයන් නැරබීමේන් එය වටහා ගත හැක. ඔබට පිං

Related Posts Plugin for WordPress, Blogger...