Wednesday, March 9, 2011

කවුද මේ 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයා කියන්නේ?

     ඔබ ජ්‍යොතිෂය ගැන යම් තරමින් හෝ අවබෝධයක් වැටහීමක් ඇති අයෙකු නම් හෝ අඩුම තරමින් ජ්‍යොතිෂවේදියකු ලවා හදහන පරීක්‍ෂා කළ අයෙකු නම් 22 වෙනි දෙර්කාණාධිපතියා ගැන කොතැනකදී  හෝ අසා ඇතැයි අනුමාන කළ හැක.  22 වෙනි දෙර්කාණාධිපති ග්‍රහයා ප්‍රධාන අසුභ කාරක ග්‍රහයා ලෙසයි ජ්‍යොතිෂයේදී හැදින්වෙන්නේ.විවාහයට සුදුසු කේන්ද්‍ර සෙවීමේදී(පොරොන්දම් ගැලපීමේදී) වඩාත් වැඩි වශයෙන් සලකා බැලෙන 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ දෝෂ බලපෑම් අවම කර ගත යුතු බව පූර්වාචාරී මතයයි.
   ප්‍රථමයෙන්ම අපගේ ජන්ම කේන්ද්‍රය අනුව 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා හදුනා ගන්නා ආකාරය සලකා බලමු.
    දෙර්කාණයක් යනු ලග්නය තුනට බෙදූ කොටසකි.ලග්න රාශිය තුනට බෙදූ විට එක් කොටසක් දෙර්කාණයක් වන අතර ඊට නවාංශක තුනක් ඇතුලත්වේ.පළමු කොටසට ලග්නාධිපතිද දෙවන කොටසට පහ අධිපතිද තුන්වැනි කොටසට නවය අධිපතිද හිමිකම් කියයි.
  ඔබගේ ලග්නය හා නවාංශකය දන්නේ නම් ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කානාධිපතියා සොයා ගතහැකි වගුවක් පහත දැක්වේ.
 උදා-  ලග්නය ධනු වී නවාංශකය සිංහ වන විට 22 දෙර්කාණාධිපතියා අඟහරු ග්‍රහයාය
         කටක ලග්නයේ කටක නවාංශකය ඇති විට 22 දෙර්කාණාධිපතියා සෙනසුරු ග්‍රහයාය
         තුලා ලග්නය හා වෘශ්චික නවාංශකය විට 22 දෙර්කාණාධිපතියා සිකුරු ග්‍රහයාය
   මේ අකාරයට ඔබගේ ලග්නය හා නවාංශකය අනුව ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කාණාධිපතියා පහත වගුව අනුව ඔබටම සොයා ගත හැකිය.(පහත රූපය)
                               
    සුභ කටයුතු සදහා දින තේරීමේදී 22 වැනි දෙර්කාණාධිපතියාට අයත් දින ඉවත් කළ යුතු බවට ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක ඉදිරිපත් කළත්(උදා- 22 වැනි දෙර්කාණාධිපති බ්‍රහස්පති වන විට බ්‍රහස්පතින්දා දිනය සුභ කටයුතු වලට අසුභ බව) සුභ නැකැත් සෑදීම පිළිබද ලියැවී ඇති සිංහල පොත් පත් වල හෝ ඉපැරණි ඉන්දීය පොත් පත්වල විශේෂ ලෙස දක්වා නැත.නමුත් විවාහ පොරොන්දම් ගැලපීමේදී 22 වැනි දෙර්කාණාධිපති ගැන සැලකීම විශේෂයෙන් දක්වා ඇත.
  විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියා ගැන විශේෂයෙන් සැලකිය යුතු අවස්ථා
    * ජන්ම කේන්ද්‍රයක 22 වැනි දෙර්කානාධිපති හත් වැන්නේ පිහිටන විට හෝ හත අධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වන විට එවැනිම පිහිටීම ඇති අයෙක් විවාහයට වඩාත් සුදුසුය.
    * පුරුෂයාගේ සිකුරුත් ස්ත්‍රියගේ කුජත් 22 වැනි දෙර්කාණාධිපති වීම විවාහයට අගුණය.
    * විවාහයේ මුල් වසර දෙකේදී දෙදෙනාටම තම තමන්ගේ 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ මහ දශාවන් ගතවන පරිදි විවාහය යෙදීම අගුණය.


අඟගරු කේන්ද්‍රයේ සටහන් කරන්නේ කුජ කියල "කු" අකුර තමයි ලියන්නේ මේ විදියට අනිත් ග්‍රහයන්ට
ඉරු(රවි) -ර
සදු(චන්ද්‍ර) -ච
අඟහරු(කුජ) -කු
බුධ - බු
බ්‍රහස්පති(ගුරු) - ගු
සිකුරු(ශුක්‍ර) - ශු
සෙනසුරු(ශනි) - ශ
රාහු - රා
කේතු - කේ

Tuesday, March 8, 2011

මෙන්න විශ්මිත නාඩි වාක්‍ය අනාවැකි ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක්

 භාරතයේ විසූ පැරණි සෘෂිවරුන්ගෙන් ගුරුකුල ක්‍රමයට උරුම වූ පෙරදිග ජ්‍යොතිෂයේ වඩාත්ම ප්‍රචලිත වූ ජ්‍යොතිෂ ක්‍රම 5ක් දක්නට ලැබේ.

Friday, March 4, 2011

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

      මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න 
මල්වර වූ දැරිය නිවසේ කාමරයක තබා දොරට බැස්වීම කළ යුත්තේද සුභ නැකැත් දිනයකට අනුවය.ජ්‍යොතිෂවේදියා විසින් දැරියගේ උපන් නැකත ,මල්වර නැකත හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් විශේෂයන් සලකා බලා.මෙම දොරට බැසීමේ නැකැත් දිනය තේරිය යුතුය.

Sunday, February 27, 2011

මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද? -(අසිරිමත් නාඩි ජ්‍යොතිෂය)

      නාඩි ජ්‍යොතිෂය පිළිබදව මා ප්‍රථමයෙන්ම ඇසුවේ හෝ කියවූයේ කොතනදීදැයි හරියටම නිච්චියක් නැත.සමහර විට එය පැරණි ජ්‍යොතිෂ පුවත්පතකින් සගරාවකින් විය හැක.නාඩි ජ්‍යොතිෂය යනු සත්‍ය වශයෙන්ම අරුම පුදුම ශාස්ත්‍රයකි.