Friday, April 8, 2011

අභාවයට යන අපේ ඉපැරණි ජනක්‍රීඩා රැක ගනිමු.

    බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් ඇතත් ඒවා නිර්මාණය වීමට හේතුවූ මූලාශ්‍ර කරුණු මොනවාද ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබදව පැහැදිළි අවබෝධයක් නැති බව වගකීමෙන් කිව හැක.මේ ලිපියේ ප්‍රධාන අරමුන වන්නේද එම නොදැනුවත් පාර්ශ්වයන් ඒ පිලිබදව දැනුවත් කිරීමයි.

Thursday, April 7, 2011

2011 සංවත්සර පලාඵල

 මෙවර අළුත් අවුරුදු උදාව 2011 අප්‍රේල් 14 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 1.01 ට උදාවේ.මේ අසිරිමත් අවස්ථාවේ සදු හිමි කටක ලග්නයත් සිකුරු හිමි තුලා නවාංශකයත් මා නැකත හා එහි දෙවන පාදයත් යෙදී ඇත.

Wednesday, April 6, 2011

අළුත් අවුරුදු චාරිත්‍ර

 නව සද බැලීම
     මෙය අපේ ඉතා පැරණි චාරිත්‍රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්‍රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.

අළුත් අවුරුද්ද ගැන කතා කිරීමේදී මාධ්‍යවලින් සිදුවන වැරදි(විද්වතුන්,ලේඛකයන් සිදුකල බරපතළ වැරදි කීපයක්)

   අළුත් අවුරුදු උදාව ආසන්න වන විට අවුරුදු උදාව හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් පිළිබදව කෙරෙන විග්‍රහ විමර්ශණ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට නිරතුරුව අසන්නට දකින්නට ලැබේ.