Sunday, May 22, 2011

"සුභ වේලාවට සීසර් කිරීම" හෙවත් "බඩේ ඉන්න ළමයට කේන්දර හැදීම"

 මේ කතාව බ්ලොග් එකට දාන්න ඉස්සෙල්ල දෙපාරක් හිතුවා.මොකද බැරිවෙලාවත් ඉදල හිටලා බ්ලොග් එකේ දාන මගේ වෘත්තීය අත්දැකීම් වලට සම්බන්ධ කෙනෙක් මේ විස්තර දැක්කොත් ඒක හරි නැති හින්දා.කොහොමත් දෛවඥයො වෙච්චි අපි වගේ අය තමන් ලගට එන අයගේ පෞද්ගලිකත්වය රකින්න ඕන.නැත්නම් ඒක අපේ වෘත්තියට අයහපත් බලපෑම් ඇති කරනවා.බ්ලොග් එකේ ලියන්නේ ඉතා තදින් දිගු කාලීන මතකයට කා වැදුනු දේවල් විතරයි.ඒවයිනුත් වැල්වටාරම් අයින් කරලා මේක කියවන අයට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි වැදගත් දේවල් තමයි ලියන්නේ.ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් නිසා පීලි පැනලා ලියන්නත් බෑනේ.

Saturday, May 21, 2011

ග්‍රහ දෘෂ්ටි

       ග්‍රහයන්ගේ දෘෂ්ටි වීම හෙවත් ග්‍රහයන්ට පෙනීම ජ්‍යෙතිෂයේ සෑම ක්‍ෂෙත්‍රයක් පුරාම වැඩි වශයෙන් භාවිතා වේ. පොරොන්දම් බැලීමේදී, නැකැත් සෑදීමේදී පලාඵල බැලීමේදී,මල්වර පරීක්‍ෂාවේදී නිමිති ශාස්ත්‍රයේදී,ලෝකායත ජ්‍යොතිෂයේදී ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම ග්‍රහ දෘෂ්ථි පිළිබදව විමසෙන නිසා ජ්‍යොතිෂවේදීන් ග්‍රහ දෘෂ්ථි පිළිබදව මනා ලෙස දැන සිටිය යුතුමය.

Monday, May 16, 2011

නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද?

 ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම තිබුණි නම් 2011 වසරේදී යෙදෙන්නේ 2550 වැනි සැමරුම විය යුතු වුවත් 2600 වැනි සම්බුද්ධජයන්තිය ලෙස ලේබල් කර ඇත්තේ මන්දැයි අයකුට ගැටළුවක් පැන නැගිය හැක.2011 වසරේ වෙසක් පෝ දිනට බුදු රදුන් බුදුවී වසර 2600කි.පිරිනිවන් පා වසර  2550 කි.මෙම සැමරුම් දෙකේ වෙනස දැන් වැටහේ යැයි සිතමි.ඒ පිළිබදව ඊට වැඩි විස්තරයක් අනවශ්‍යය.

Friday, May 13, 2011

ඉරිසියාව හා ඇස්වහ කටවහ.

" ඉරිසියාව" මෙය ජීවිතයේ කිනම් අවධියක හෝ අප සෑම කෙනෙකු තුලම ඇතිවිය හැකි මානුෂික ලක්‍ෂණයකි.මෙහිදී "මානුෂික" යන වචනය ඉරිසියාව හැදින්වීමට යොදා ගැනීම පිළිබදවඇතැම් විට ඔබ මා සමග උරණ විය හැකියි.නමුත් මෙලොව උපදින මිනිසුන් තුල පහල වන දුක සතුට ක්‍රෝධය තරම්ම පොදු තත්ත්වයෙන් සෑම අයකු තුලම ඇතිවිය හැකි ඉරිසියාව සත්‍ය ලෙසම මනුස්ස ගතියක්ම වේ.