Monday, June 13, 2011

සුභ නැකැත් සෑදීම 2

  විවාහ මංගල අවස්ථා, ගෙවල් සෑදීම කුඩා දරුවන්ට ඉදුල් කට ගෑම අකුරු කියවීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී නැකැත් සෑදීමේදී කාල වේලා ඇතිව අසුභ තත්ත්ව මඟහරිමින් විශේෂ සැලකිල්ලෙන් යුතුව නැකැත් සෑදීමේදී "මහා නක්‍ෂත්‍ර ක්‍රමය"ත් හදිසියේ යෙදෙන අනිවාර්යයෙන් කළ යුතු සුභ කටයුතු සදහා "චූල නක්‍ෂත්‍ර ක්‍රමයත් උපයෝගී කරගන්නා බව මෙම ලිපියේ පලමු කොටසින් දැක්වූයෙමි.

Saturday, June 11, 2011

සුභ නැකැත් සෑදීම 1

              සුභ මුහුර්ත හෙවත් "සුභ නැකැත්" පිළිබදව විස්තර කිරීම එක් ලිපියකින් කළ හැකි කාර්්‍යයක් නොවේ.නමුත් සුභ නැකැත් පිළිබදව වැටහීම ජ්‍යොතිෂවේදියාට පමනක් සීමා විය යුතුද නැත.සුභ නැකැත් තේරීම පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කල යුතු වුවත් සුභ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන අනුගමනය කෙරෙන ක්‍රම පිළිවෙත් ගැන සරල වශයෙන් හෝ අවබෝධයක් ලබාගෙන සිටීම කවදා හෝ ප්‍රයෝජනවත් වනු ඇත.

Monday, June 6, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -3

   * උපතින් ඇමෙරිකානු ජාතිකයකු වුවද ඉපැරණි භාරතීය ජ්‍යොතිෂය මැනවින් උගත් බියුවෙල් හියුජන්ස් විසින් the Astrological magazine සඟරාවේ 1970 ජනවාරි කලාපයට ලියූ ලිපියකින් යම් පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය හා මරණය සිදුවන දිනය හා වේලාව අතර සම්බන්ධයක් තිබේද යන්න  සොයා බැලීම සදහා ඔහු විසින් කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵල දක්වා ඇත.ඔහුගේ මෙම පරීක්‍ෂණයට භාවිතා කර ඇත්තේ උපන් වේලාව හා මියගිය වේලාව නිභ්චිතව දන්නා ප්‍රසිද්ධ පුද්ගලයන් 80 දෙනකි.මෙම නියැදියට අයත් වූවන් අතර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්(මාටිං ලුතර් කිං,මාක්ට්වේන්,වින්ස්ටන් චර්චිල්,මහත්මා ගාන්ධි,...) රාශියක් විය.

Saturday, June 4, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -2



              මෙහි පලමු ලිපිය මෙතනින් බලන්න
 කණුව වටා පමනක් ගමනේ යෙදෙන ආගමික මූලධර්ම මෙන්ම ජ්‍යොතිෂයද එහි ආරම්භක අවදියේ පැවති තත්ත්වයේම තිබෙමින් දියුණුවට පත්නොවන ශාස්ත්‍රයක් බව ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් මතු කරන තර්කයකි.මෙහි ආරම්භක ලිපියේදී දැක්වූ පරිදි ජ්‍යොතිෂය යනු අතීත සිද්ධාන්ත මතම එල්බී සිටිය යුතු ඊනියා ශාස්ත්‍රයක් නොවන බව නැවත අවධාරණය කළ යුතුය.ජ්‍යොතිෂය යනු හුදෙක් එක් ශාස්තෘවරයකුගේ දායකත්වයෙන් බිහිවුවක් නොවේ.එහි ප්‍රධාන සංඝටක වූ