Monday, June 13, 2011

සුභ නැකැත් සෑදීම 2

  විවාහ මංගල අවස්ථා, ගෙවල් සෑදීම කුඩා දරුවන්ට ඉදුල් කට ගෑම අකුරු කියවීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී නැකැත් සෑදීමේදී කාල වේලා ඇතිව අසුභ තත්ත්ව මඟහරිමින් විශේෂ සැලකිල්ලෙන් යුතුව නැකැත් සෑදීමේදී "මහා නක්‍ෂත්‍ර ක්‍රමය"ත් හදිසියේ යෙදෙන අනිවාර්යයෙන් කළ යුතු සුභ කටයුතු සදහා "චූල නක්‍ෂත්‍ර ක්‍රමයත් උපයෝගී කරගන්නා බව මෙම ලිපියේ පලමු කොටසින් දැක්වූයෙමි.

  සුභ නැකැත් සෑදීම ගැන ඉගෙනීමේදී ජ්‍යොතිෂවේදීන් මෙම ක්‍රම දෙකම පිළිබද දැනුම ලබා තිබිය යුතුය.ජ්‍යොතිෂය අළුතින් ඉගෙන ගන්න අයද නැකැත් සෑදීම ඉගෙනීම ආරම්භ කල යුත්තේ හා වැඩි දැනුමක් ලබා ගත යුත්තේ මහා නක්‍ෂත්‍රය පිළිබදවය.මහා නක්‍ෂත්‍ර සිද්ධාන්ත අනුපිළිවලින් සවිස්තරව ඉගෙනිය යුතු වීමත්.එහි සිද්ධාන්ත එකිනෙක වශයෙන් බැදී තිබීමත් ජ්‍යොතිෂය ගැන දැනුම අඩු අයට ඒවා තේරුම් කරදීම අසීරු වීමත් නිසා චූල නක්‍ෂත්‍රය ගැන ප්‍රථමයෙන් සටහනක් ලිවීමට සිතුවෙමි.ඇත්තෙන්ම ජ්‍යොතිෂය පිළිබද අඩු දැනුමක් ඇති අයට තමා විසින්ම පහසුවෙන් භාවිතා කල හැකි ,ජ්‍යොතිෂවේදියකු මුන ගැසීමට තරම්වත් කාල වේලා නැති හදිසි අවස්ථාවල යොදා ගත හැකි චූල නක්‍ෂත්‍ර ක්‍රම මුලින්ම ඉදිරිපත් කිරීම මෙම බ්ලොගයේ ප්‍රධාන අමුණට හොදින් ගැලපේ. 
     හොදට නරකට දෙකටම යොදා ගත හැකි චූල ජ්‍යොතිෂ නැකැත් ක්‍රම පිළිබද මූලාශ්‍ර ජ්‍යොතිෂ පොත් රාශියක් තිබී ඇතත් රාශියක් තිබී ඇතත් ඉන් බොහොමයක් මේ වන විට විනාශ වී ඇත.මෙම චූල නක්‍ෂත්‍රයේ ඇති විශේෂත්වයක් වන්නේඋපන් නැකත හෝරාව ආදිය ගැන නොසකා ඕනෑම දිනක නැකැත් යොදා ගැනීමේ හැකියාවයි.ජන්ම කේන්ද්‍රයක් නැති අයකුට වුවද මෙම ක්‍රමයෙන් සුභ නැකැතක් ක්‍ෂණිකව සාදා ගත හැක.
   චූල නක්‍ෂත්‍ර ක්‍රමයේ භාවිතා කෙරෙන "සිවලිත මුහුර්ත දහසය" ක්‍රමය ගැන ප්‍රථමයෙන්ම ලිවීමට සිතුවේ එහි සිද්ධාන්ත ඉතා සරල වීම නිසාය.චූල ජ්‍යොතිෂ ක්‍රම ඉගෙනීමේදී පාඩම් පෙළක් මෙන් පිළිවෙලින් ඉගෙනීමක් අවශ්‍ය නැත.
  
  සිවලිත මුහුර්ත දහසය
        චූල නක්‍ෂත්‍රයේ "සිව ලිත" අනුව සතියේ සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා වූ දිවා කාලය සමාන කොටස් 16 කට බෙදා ඇත.එය සිවලිත මුහුර්ත 16යි.(එක් මොහොතක් විනාඩි 45 ක් පමනවේ.). පහත රූපයේ දැක්වෙන්නේ හිරු උදාව උදේ 6 හා හිරු බැසීම හවස 6 දක්වා ලෙස ගෙන මෙම කාල සීමාවන් බෙදී ඇති ආකරයයි.එදිනෙදා හිරු උදාව හා හිරු බැසීම අනුව මෙම කාල පරාසයන් සංශෝධනය කර ගැනීම ඕනෑම අයකුට කර ගත හැකිය.
                              

   මෙම මුහුර්ත වල ගුණාගුණ පහත දක්වා ඇත.

 1) රෞද්ර මුහුර්ථිය
        යුද්ධාරම්භයට සුභ නමුත් වෙනත් සුභ කටයුතු වලට අසුභයි.

 2) ස්වේත ජන මුහුර්ථිය
        සියළු කටයුතු සදහා සුභයි.හස්ති,අශ්ව,ගව ආදී සතුන්ගෙන් වැඩ ගැනීමට මෙල්ල කිරීමට,වෙළද කටයුතු වලට විභේෂ සුභයි.

 3) මෛත්‍රී මුහුර්ථිය.
              සම්මන්ත්‍රණ,සාකච්ඡා,ඥාති මිත්‍ර සමාගම්,ප්‍රචාරක කටයුතු,ගමන් බිමන්,ප්‍රභූන් හමුවීමට ආදියට සුභයි.

 4) චක්‍රාවාක මුහුර්ථිය
        කීර්තිය,ප්‍රසිද්ධිය බලාපොරොත්තුවන කටයුතු,සිහිවටන,නගර නිර්මාණය,වනාන්තර එළිපෙහෙළි කිරීම රුක් රෝපනය ආදියට සුභයි.

 5) ජයදේව මුහුර්ථිය
        වෙළ හෙළදාම් ඉඩකඩම් ගෙවල් දොරවල් භාර ගැනීම් ,ශිල්ප ආරම්භයට සුභයි.විවාහ ගිවිස ගැනීමටද සුභයි.

 6)වෛරෝචන මුහුර්ථිය
         දැන්වීම් පුවරු තැබීම ,බේත් හේත් හැදීම,වැලදීම පිළිබද කටයුතු ,හදිසි ගෙවදීම් කටයුතු ආදියට සුභයි

 7)තුරදේව මුහුර්ථිය
         විනෝදය සපයන කටයුතු ආරම්භයට සුභයි.(නාට්‍ය,කලා කටයුතු වැනි)

 8) අභිජිත් මුහුර්ථිය
         ගමන් බිමන් ,විදේශ ගමන් යාමට පිටත් වීම්,සන්නස්පත්‍ර අක්තපත්‍ර,නම්බුනාම,කලා ශිල්ප,වෙහෙර විහාර ,ආරාම, හා ගොවි කටයුතු වලට සුභයි.

 9) රාවණා මුහුර්ථිය
         වැට කඩොළු බැදීම,යුධ සටන් වැදීමට සුභයි.

 10) බාලවදන මුහුර්ථිය
          යුධ,සටන් වලට කෙසෙල් වගාවට සුභය.

  11) විභීෂණ මුහුර්ථිය.
          කලා ශිල්ප පුහුණුව ඇරඹීමට,තරග විභාග,සම්මුඛ පරීක්‍ෂණ වලට සුභයි.

  12) නන්දන මුහුර්ථිය
           ගමන් බිමන් යාමට,ගෙවතු වගා,මල් වගා ආදියට,නගර ගම් නිර්මාණයට සුභයි.

  13) යම මුහුර්ථිය
          සතුරන් මර්දනය කිරීමට කෙරෙන මන්ත්‍ර කටයුතු කිරීමට,සටන් වැදීමට සුභයි.

  14) සෝමෝදර මුහුර්ථිය.
           කලඑළි බැසීම,වාද විවාද,සම්මන්ත්‍රණ,විමංසන ආදී කටයුතු වලට ශුභයි.

  15) භාජෝදර මුහුර්ථදය.
          ආවාහ විවාහකටයුතු ,ප්‍රේම සම්බන්ධ,ස්ත්‍රී පුරුෂ සබදතා පැවැත්වීමට සුභයි.

  16) සාගර මුහුර්ථිය
           රාහු කාලය මෙන් සියළු කටයුතු වලට අසුභ කාලයක් ලෙස සදහන්ය.


   සිවලිත මුහුර්ත අනුව සුභ නැකැත් තෝරා ගැනීම මෙලෙස දක්වා ඇතත් එම සුභ නැකැත් වේලා භාවිතා කිරීමේදීද සැලකිය යුතු කරණු විශේෂයෙන් දක්වා ඇත.

  * චූල ජ්‍යොතිෂ ක්‍රමයක් ලෙස සිවලිත මුහුර්ත ක්‍රමය දක්වා ඇතත් එම සුභ මුහුර්තයට අදාළ විනාඩි 45 කාලයෙන්ද මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළව අසුභ කාලයන් ඉවත් කර ගැනීමක් කිරීම වඩාත් සුදුසුය.උදාහරණයක් ලෙස සුභ සිවලිත මුහුර්ථ වේලාවක මුළු විනාඩි 45 කාලයම රාහු කාලයට හසුවූ ඇත්නම් එහි සුභඵල අඩුයි.

  * මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළ ඉතා සුභ නැකැත් වේලාවක් සිවලිත ක්‍රමයට බැලූ විට අසුභ වේලාවක් ලෙස ඇති අවස්ථාද ඇත.මෙවැනි අවස්ථාවලදී මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් ලැබුණු සුභ වේලාව මුල් කොට සලකා එම මහා නක්‍ෂත්‍ර නැකැත භාවිතා කරයි.
 උදාහරණයක් ලෙස මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් සිකුරාදා දිනෙක උදේ 
 10.5 ට ඉතා සුභ මුහුර්තයක් යෙදෙන වෙලාවක සිවලිත මුහුර්ථියෙන් සාගර මුහුර්තිය  යෙදී ඇති විට එය සුභ මුහුර්තියක් ලෙස ගැනීමට බිය විය යුතු නැත.


           
           
         

7 comments:

සංකල්ප said...

නියම ලිපියක්. නොදන්න ගොඩක් දේවල් මේ ලිපියෙන් දැන ගත්තා.

රත්ගමයා said...

නියමයි.....
මුහුර්ථි 16 ක විස්තරයක්...
ඇත්තටම මට තේරුම් ගන්න බෑ අයියේ...ඒ තරම් සංකීර්ණයි...
ජීවිත කාලෙම ඉගෙනගත්තත් බැරිවේවි...

Anonymous said...

වටිනා ලිපියක්. දිගටම ලියන්න.

All in one....... said...

මේ ලිපියට සම්බන්ද දෙයක්නම් නෙවෙයි මේ ගැටලුව. ඒත් පහදා දෙනවනම් පින්. සෙනසුරු ජන්ම ඒරාෂ්ටකයක් සහ සෙනසුරු ලග්න ඒරාෂ්ටකයක් කෙනෙකුට වඩාත්ම අහිතකර බලපෑම් තියෙන්නේ කොයි කාලේද?

jhothishalanka said...

All in one.......
ඔයාගේ ප්‍රශ්නෙ ටිකක් පැහැදිලි මදියි.තේරුම් ගත්තේ දෙවිදියකට.ඒ දෙවිදියටම ප්‍රතිචාර ඔන්න පල්ලෙහා.
1)කෙනෙකුට ශනි ඒරාශ්ඨකයෙන් බලපාන අහිතකර තත්ත්වය අඩු වැඩි වෙන්නේ ඒ පුද්ගලයා ගත කරන වයස අනුව නොවේ.ශනි ඒරාශ්ඨක අපලයේ බලපෑම ඕනෑම වයසකදී ඕනෑම කාලයකදී බලපාන්න පුළුවන්.එහි බලපෑම අඩු වැඩි වන්නේ එම අපලයේ ස්වභාවය අනුවයි.පොඩි උදාහරණයක් කිව්වොත් කෙනකුට ශනි මහ දශාව පවතින විට ලබන ශනි ඒරාශ්ඨකයේ අහිතකර බලපෑම වැඩියි.ඒ වගේම මහළු වයසේදී ඒරාශ්ඨකයක් ලැබීමේ අහිතකර බලපෑම වැඩි ලෙස සලකන්නේ ඒරාශ්ඨකයෙන් ඇතිකෙරෙන පීඩාකාරී තත්ත්ව වලට මුහුණ දීමට ශරීර ශක්තිය හැකියාව මද වීමයි.

2)සෙනසුරුගේ ජම්ම(ජන්ම,චන්ද්‍ර) ,ලග්න හා අෂ්ඨම ඒරාශ්ඨක තුන් වර්ගයෙන් වඩාත්ම අහිතකර බලපෑම් ජන්ම ඒරාශ්ඨකය වඩාත් අපල කරන බව පොත්පත්වල සදහන්ය.

All in one....... said...

ලැබුන පිළිතුරු දෙකම බොහම ප්‍රමාණවත් ගොඩක් ස්තුතියි.

අධිමානසික said...

සිවා ලිඛිතය ඉන්දියානු පොතක්ද ලංකාවේ පොතක්ද?

එකේ තියෙන්නේ මේ මුහුර්ත 16 විතරද? නැත්තන් තව විස්තර තියෙනවද

Related Posts Plugin for WordPress, Blogger...