Thursday, July 14, 2011

Solar Return Year

    අළුත් අවුරුදු උදාව සමඟ බැදී ඇති ජ්‍යොතිෂ සංකල්පය වන්නේ සූර්යයා(රවි) මින රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම (මේෂ රාශියේ මුල් අංශකයට පිවිසීම) බව අපි සැවොම දනිමු.මීට අනුරූප සංසිද්ධියක් බටහිර ජ්‍යොතිෂයේද ඇත.  solar return year  ලෙස හැදින්වෙන මෙය අපගේ අළුත් අවුරුදු සංක්‍රාන්ති ක්‍රමයට අනුරූප සමාන කමක් ඇතත්  solar return year ක්‍රමයේ හා අපගේ අළුත් අවුරුදු ක්‍රමයේ ප්‍රධාන වෙනසක් දැකිය හැක.පෙරදිග අළුත් අවුරුදු සංක්‍රාන්තියේදී අහස් තලයේ සිදුවන සාපේක්‍ෂ සංසිද්ධියක් මූලික වන අතර බටහිර ජ්‍යොතිෂ  solar return year ක්‍රමය අර්ථ දැක්වෙන්ගේ එක් එක් පුද්ගලයාට අනන්‍ය ආකාරයෙනි.පුද්ගලයකු උපතේදී රවි පිහිටි ස්ථානයටම නැවත රවි පැමිනීම අනුව එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ solar return year  වර්ෂය අර්ථ දැක්වේ.

Monday, July 11, 2011

ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?.

  බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්‍යාන බලය ප්‍රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්‍රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්‍යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.ගෞතීය මුනි වරයාගේ ලෞකික සෘද්ධි බලය මහත් විය.දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට සෘද්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව ඔහුට විය.

Sunday, July 10, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3


   කාලය අවකාශය හා ජ්‍යොතිෂය සම්බන්ධව ලියැවුනු පසුගිය ලිපිවල අන්තර්ගත කරුනු තේරුම් ගැනීමට අපහසු වීමටහේතුව කාලය හා අවකාශය පිළිබද විද්‍යාත්මක සිද්ධාන්ත මෙන්ම තවමත් හෙළිනොවූ අභිරහස් එහි ඇති බැවිනි.මෙතෙක් විසදාගැනීමට නොලැබුනු පිළිතුරු නොලැබුනු ගැටළු රාශියක් බැදී ඇත්තේ අභිරහස් විශ්වය සම්බන්ධයෙනි.අපගේ ලිපියේ මාතෘකාවට අදාළව මෙන්ම(මාතෘකාවෙන් පරිබාහිර තත්ත්ව කිහිපයක්ද ඇතුළුව) ෙසෙද්ධාන්තික විසදුම් නොලැබුනු ප්‍රධාන ගැටළු 10ක් පහත දක්වා ඇත.මෙම ගැටළු තුල අවකාශ කාල සංසිද්ධියේ ක්‍රියාකාරිත්වය තම තම දැනුම තරමින් විමසා බැලීම පාඨක ඔබට භාර කරමි.

Saturday, July 2, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 2

       " ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච"

 ඉහත සදහන් බුද්ධ දේශනාව අනුව අවකාශය නැත්නම් ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම බවයි.මේ අනුව සමස්ත අවකාශය හුදකලා පුද්ගලයා වෙතම විතැන් කර එහි ක්‍රියාකාරිත්වය හෙවත් පැවැත්ම නැවැත්වීමේ වැදගත්කම තිලෝගුරු බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත.