මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Thursday, September 15, 2011
Monday, September 12, 2011
අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව
ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළියෙළ කරන ලද පත් ඉරු වලිනි.පුස්කොළ ලෙස කටවහරේ ඇති මෙම තල කොළ පිළිබද ඉතිහාස කතාව ඉතාමත් රසවත් මෙන්ම සාහිත්‍ය අගයකින් යුත් පුරාවෘත්ත වලින් ගහන වූවකි.
Thursday, September 8, 2011
කළු කුමාර උපත
කළු කුමාර උපත
"සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය.
Tuesday, September 6, 2011
Taboo Subjects
පගාවටත් නැකැත්
"අපේ පුතා ඉස්කෝලේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ.පුතාව ඉස්කෝලෙට බාරදෙන්න සුභ නැකතක් බලන්නත් ඕන ඊට කලින් තවත් වැඩක් කරන්න වෙලා තියෙනවා.අපි පුතාව දාන්න හදන්නේ අහවල් ඉස්කෝලෙට ඒකට ළමයාව දාන්න විදුහල්පති අතට පගා මුදලක් දෙන්න වෙලා තියෙනවා.සල්ලි දෙපාරට දෙන්න තමයි අපේ අදහස.සල්ලි දෙන්න වෙන්නේ නයවෙලා.ඒත් අපිට කොහොම හරි පුතාව ඒ ඉස්කෝලෙට දා ගන්න ඕන.පුතාව ඉස්කෝලෙට භාරදෙන්න නැකත පස්සේ හදමු.ලබන සතියේ ප්‍රින්සිපල් අතට සල්ලි දෙන්න ඕන.වැඩේ සාර්ථක වෙන්න ඕන නිසා අපි හිතුවෙ සුභ නැකතකටම පගා සල්ලි ප්‍රින්සිපල් අතට දෙන්න."
Subscribe to:
Posts (Atom)
