Saturday, March 31, 2012

"හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්නම ගුරුකමක් කරමු."

   ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙකට බැදී ඇතත් එකිනෙකට වෙනස් ක්‍ෂෙත්‍ර දෙකකි.බොහෝ දෙනා මෙ වෙනස වටහා ගෙන නැත.ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වල පැහැදිලි සත්‍යතාවක් ඇතත් වර්තමානයේ පුවත්පත් දැන්වීම් වල පෙනී සිටින රොඩී ශාස්ත්‍ර කරුවන්ගේ වංචා බොරු ක්‍රියාකාරකම් නිසා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගැන ජනතා විශ්වාසය පළුදු වී ඇත.තමන්ගේ ජන්ම කේන්ද්‍රය සාදා ගැනීමක් වත් නොකොට ජ්‍යොතිෂය බොරු බොරු යැයි මොර ගසන බොහෝ දෙනෙක් රොඩී ගුරුකම් කාරයන් හා ජ්‍යොතිෂ ඇදුරන් අතර වෙනස වටහා ගෙන නැත.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන වැඩි පිරිසකගෙන් තමන්ගේ කේන්ද්‍රය පරීක්‍ෂා කොට නැත්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර වන්නේ

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 2

      
               මෙහි පළමු ලිපිය මෙතනින් බලන්න

මනාලියගේ මවට තෑගි බුලත් දීමෙන් පසු පිළිවෙලින් පියාට  ,මාමලාට,සහෝදර සහෝදරියන්ට ඥාතීවරුන්ට බුලත් දී රෙදි නැන්දාට බුලත් පඩුරු දීමෙන් අවසන් කරයි.

Tuesday, February 28, 2012

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 1

                                    
   පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන්ව ඇති ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිභ්චිත සදහනක් නැතත් චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් පැමිණ ඇත.

Tuesday, February 7, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2

     

 * බලි ඇඹීම
         බලි යාගය පවත්වන දින උදේ සිට බලි ඇඹීම සිදු කරයි.මෙම බලි ඇඹීමේදී එක් එක් සම්ප්‍රධායන්ට සුවිශේෂී වූ ක්‍රම පවතී.නුවරකලාවියේ වර්ණ සදහා යොදා ගන්නේ දේශීය කොළ,ඵල පොතු ඇට ආදියයි.
   බලි ඇඹීමේදී වඩාත් විචිත්‍රවත් හා ජීවමාන අයුරින් බලි ඇඹීම සැලකූ විට පහත රට සම්ප්‍රධාය ප්‍රමුඛ තැනක් ගනී.