Sunday, May 6, 2012

අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ බවට ඇති මතයේ පදනමක් තිබේද?


 අඟහරුවාදා හා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ දායක බවට මතයක් පුරාතනයේ සිට ඇත.මෙම මතවල ජ්‍යොතිෂ ශ්‍රාස්ත්‍රීය පදනමක් තිබේද එසේත් නැත්නම් ඒවා මිත්‍යා මතද යන්න විමසා බැලීම වටී.

මැයි 17 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?




      ග්‍රහලොව "ගුරුන් වහන්සේ" ලෙස හැදින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දළ වශයෙන් වසරකට ආසන්න කාලයක් එක් රාශියක් තුල ගමන් කරයි.පසුගිය 2011 වසරේ මැයි 8 වැනි දින සිට මේ දක්වා මේෂ රාශිය එල්ලේ ගමන් කරන ගුරු ග්‍රහයා 2012 මැයි 17 දින උදේ 9.35 ට පමන වෘෂභ රාශියට පිවිසේ.

Tuesday, April 10, 2012

මෙවර අළුත් අවුරුදු ලිප ගිනි මොලවන නැකත දෝෂ සහිතද?

 අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව මේ දිනවල වැඩි අවදානයක් කතා බහක් දකින්නට අසන්නට ඇත.මෙවර ලිප ගිණි මෙලවීමේ නැකත ජ්‍යොතිෂ ශාස්ත්‍රාණුකූලව වැරදි අඩුපාඩු සහිත බවට දැනටමත් රටපුරා සිටින ජ්‍යොතිෂවේදීන්ගෙන් අළුත් අවුරුදු නැකැත් කමිටුවට චෝදනා එල්ල වී ඇත.මේ පිළිබදව හාංකවිස්සියක දැනුවත්වීමක් නොතිබුණු අවස්ථාවක මුලින්ම මේ ගැන මාව දැනුවත් කලේ "කේන්දර සිංහලෙන්" අඩවියේ කතුවර රෝහණ වසන්ත මහතායි.එම මහතා දුරකථනයෙන් මේ පිළිබදව කතාබහ කරන විට අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව උණුසුමක් තිබුනේම නැත.රෝහණ වසන්ත මහතා ලිවූ ලිපියේ දිනය දෙස බැලීමෙන් ඔබටද එය වටහා ගත හැකිය.

Sunday, April 8, 2012

අළුත් අවුරුද්ද



ප්‍රශ්ණ සියල්ලටම දන්නා අයුරින් පිළිතුරු සපයන්න.       
 (කාලය විනාඩි 10 යි.)
-----------------------------------------------------------------------------------


 (1)  "අවුරුදු"  යන හෙළ වදනේ නියම අරුත වන්නේ
         i) දින 365 කාලයයි
        ii) අව්ව රුදු වීම හෙවත්  රෞද් වීම යන්නයි
        iii) අවුර් (හීබෘෘ බසින් ඉර හැදින්වූ වචනය හෙළ බසට බිදී ඇත.) + ඉද්ද(ඉද්ද ගැහුවාක් මෙන් සෘජු පිහිටීම)  ="අවුර් ඉද්දු " = අවුරිද්දු = අවුරුදු
       iv)   (ඒම/පැමිණීම) + වරු (වාරය) +දු (දුනු පස) = + වරු + දු =අවරුදු =අවුරුදු