Tuesday, July 3, 2012

ආවර්තනය -2

   "අපි හිටියේ රන්මසු උයන ලඟ "සක්වල ගල" කියන ගල් පුවරුව අසලමයි.එකපාරටම සක්වල ගල අසලින් විශාල සුදු ආලෝකයක් මතු වුනා.ඒක ඇස් නිලංකාර වන තරමේ විශාල ආලෝකයක්.ටික වේලාවකින් ආලෝකය අඩු වෙලා මිදුමක් වගේ මතුවුනා.ඒ මීදුම අස්සෙන් විශාල සිරුරු ඇති මිනිසුන් හතර දෙනෙකු මතුවුනා.ඔවුන් සිටියේ අමුතුම ආකාරයේ අවි ආයුධ දරාගෙන .ඊට පස්සේ නැවතත් අර සුදු ආලෝකය මතුවුනා.ඒ ආලෝකය හරිම සැරයි.ඇස් වලට දැනුනු අපහසුතාව නිසාම අපි අහක බලා ගත්තා නැවත අපි සක්වල ගල දිහා බලන විට ආලෝකය ඉවත් වී තිබුනා අර සෙබලුන් වගේ මතුවෙච්ච මිනිස්සු හතර දෙනාත් එතන පේන්න හිටියේ නෑ.අතුරුදහන් වෙලා."
                                                                 

 තමන් දුටු විස්තරය තරුණයා විස්තර කලේය.එම සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙකුම විය.ඔවුන්ගේ විස්තරද ඒ ආකාරයෙන්ම විය.සක්වල ගල අසලින් හදිසියේ මතුවූ දැවැන්ත මිනිසුන් හතර දෙනා කවුරුන්ද?ඔවුන් මෙහි ආවේ කුමටද?

Sunday, July 1, 2012

ආවර්තනය

තමා දකිමින් සිටි සිහිනය අතරතුරදීම විමලසුරිය නින්දෙන් අවදි විය.නිදිමත තවමත් ඔහුගේ දෑස්වලය.තමා දකිමින් සිටි සිහිනයෙන් අඩකදී  අවදි වුවත් විමලසූරියට එම සිහිනය අමුතු දෙයක් නොවීය මන්ද පසුගිය වසර පුරාම සෑම දිනකම පාන්දර යාමයේ ඔහු එම සිහිනයම නැවත නැවත දුටු බැවිනි.

     ඇද ආසන්නයේම තිබූ මේසය මත වූ කුඩා ඔරලෝසුවේ හිස මතවූ කුඩා ස්විචය ඔබා දල්වා ගත් එහි අභ්‍යන්තර ආලොකයෙන් වේලාව පාන්දර 5ට ආසන්න බව ඔහු දැක බලා ගත්තේය.

Wednesday, June 27, 2012

සරස්වතී යෝගය

                              සරස්වතී යෝගය

 යෝගය යෙදෙන ආකාරය
   ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.

 විපාක
     සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ.

 සටහන
    ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ.


Wednesday, June 13, 2012

ඉන්දියානු නාඩි වාක්‍ය මගින් විශ්මිතව මව්පිය නම් ගම් හා පැරණි ජිවන තොරතුරු නිවැරදිව දක්වන්නේ භූත බලවේගයකින්ද?

   දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත්  නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ නම් වල සිට ඉතා විශ්මිත අයුරින් තමන්ට නාඩි වාක්‍ය පැවසූ බව මා සමඟ පැවසීමත් නිසාමය