Saturday, July 7, 2012

ආවර්තනය -4

     පළිගු මැණික උදුරාගත් මිනිසා තමන්ට මඟහැරී යාම නිසා අපේක්‍ෂා භංගවූ තරුණයන් දෙදෙනා එක්වරම වනය දෙසින් ඇසුනු මර ලතෝනියත් සමඟ තරමක් කලබලයට පත්විය.එම මරහඩ කාගේ විය හැකිද?ඉක්මන් ගමනින් වුවත් ඉතා ප්‍රවේශම් සහගතව තරුණයන් දෙදෙනා එම හඩ ඇසුණු දිශාවට ගමන් කලහ.

Thursday, July 5, 2012

ආවර්තනය -3

             පළිගු මැණික උදුරාගත් වානික්‍ය ෂට් ඉතා වේගයෙන් කැලෑ මාර්ග ඔස්සේ දිව යයි.ජව සම්පන්න තරුණයන් දෙදෙනාද වානක්‍ය පසුපස හබා යන්නේ තම කණ්ඩායම ඉතා අපහසුවෙන් ලබා ගත් පළිගු මැණික නැවත ඔහුගෙන් ලබා ගැනීමටය.තරුණයන් දෙදෙනාම ශක්තිවන්තයන්ය.ඉතා දක්‍ෂ රගර් ක්‍රීඩකයන් වන ඔවුන් දෙදෙනා මීට පෙර වනය ඔස්සේ මෙවැනි හබා යෑමක් නොකලත් පළිගු මැණික නැවත ලබා ගැනීමේ දැඩි උවමනාව ඔවුන්ට අවශ්‍ය චිත්ත හා ශාරීරික ශක්තිය ලබා දුනි.

Tuesday, July 3, 2012

ආවර්තනය -2

   "අපි හිටියේ රන්මසු උයන ලඟ "සක්වල ගල" කියන ගල් පුවරුව අසලමයි.එකපාරටම සක්වල ගල අසලින් විශාල සුදු ආලෝකයක් මතු වුනා.ඒක ඇස් නිලංකාර වන තරමේ විශාල ආලෝකයක්.ටික වේලාවකින් ආලෝකය අඩු වෙලා මිදුමක් වගේ මතුවුනා.ඒ මීදුම අස්සෙන් විශාල සිරුරු ඇති මිනිසුන් හතර දෙනෙකු මතුවුනා.ඔවුන් සිටියේ අමුතුම ආකාරයේ අවි ආයුධ දරාගෙන .ඊට පස්සේ නැවතත් අර සුදු ආලෝකය මතුවුනා.ඒ ආලෝකය හරිම සැරයි.ඇස් වලට දැනුනු අපහසුතාව නිසාම අපි අහක බලා ගත්තා නැවත අපි සක්වල ගල දිහා බලන විට ආලෝකය ඉවත් වී තිබුනා අර සෙබලුන් වගේ මතුවෙච්ච මිනිස්සු හතර දෙනාත් එතන පේන්න හිටියේ නෑ.අතුරුදහන් වෙලා."
                                                                 

 තමන් දුටු විස්තරය තරුණයා විස්තර කලේය.එම සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙකුම විය.ඔවුන්ගේ විස්තරද ඒ ආකාරයෙන්ම විය.සක්වල ගල අසලින් හදිසියේ මතුවූ දැවැන්ත මිනිසුන් හතර දෙනා කවුරුන්ද?ඔවුන් මෙහි ආවේ කුමටද?

Sunday, July 1, 2012

ආවර්තනය

තමා දකිමින් සිටි සිහිනය අතරතුරදීම විමලසුරිය නින්දෙන් අවදි විය.නිදිමත තවමත් ඔහුගේ දෑස්වලය.තමා දකිමින් සිටි සිහිනයෙන් අඩකදී  අවදි වුවත් විමලසූරියට එම සිහිනය අමුතු දෙයක් නොවීය මන්ද පසුගිය වසර පුරාම සෑම දිනකම පාන්දර යාමයේ ඔහු එම සිහිනයම නැවත නැවත දුටු බැවිනි.

     ඇද ආසන්නයේම තිබූ මේසය මත වූ කුඩා ඔරලෝසුවේ හිස මතවූ කුඩා ස්විචය ඔබා දල්වා ගත් එහි අභ්‍යන්තර ආලොකයෙන් වේලාව පාන්දර 5ට ආසන්න බව ඔහු දැක බලා ගත්තේය.