ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් හා වෙනත සුභ අසුභ ග්‍රහ දෘෂ්ටි මෙන්ම මෙම වසරේ සිදුවන අනිකුත් ප්‍රධාන ග්‍රහ ඉගිලීම් වන ජූලි 12 රාහු කේතු මාරුව නොවැම්බර් 02 ශනි මාරුවේ බලපෑම් අනුව යම් යම් විචලතා ඇතිවේ.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Wednesday, June 11, 2014
Saturday, March 22, 2014
චින්තාමණී යෝගය
චින්තාමණී යෝගය
යෙදෙන ආකාරය
බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්‍රබලව යෙදේ.
යෝගයේ ඵල
අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ..
ප.ලි.
බ්‍රහස්පති(ගුරු) කටක රාශීයට උච්ච වන අතර ධනු,මීන රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
සිකුරු මීන රාශියට උච්ච වන අතර වෘෂභ තුලා රාශි වල ස්වකෙෂත්‍රෙවේ.

මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි
නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා...
Tuesday, March 11, 2014
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට
ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි.
කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය.
කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.
* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
* කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
* කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පැලදීම
* භූමි නාග බලිය ඇරීම

Subscribe to:
Posts (Atom)