ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිතය කුල අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 2015 මාර්තු මස 20 වෙනි සිකුරාදා දින පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවේ.සම්පූර්ණ අදුරු වීමක් මෙවරද අප රටට සිදු නොවුවත් අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස මෙම සූර්ය ග්‍රහණයේ දර්ශන පථය අපට සැලකිය යුතු බලපෑමක් ඇති කරවයි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, February 17, 2015
Saturday, November 8, 2014
2014 නෙවැම්බර් 02 සිදුවූ ශනි මාරුව ඔබේ ලග්නයට කොහොමද?
ශනි මාරුව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් පසුගිය දිනවල වැඩි කතා බහක් විය.බොහෝ දෙනා ශනි මාරුව පිළිබඳ කතා බහ කලේ ශනි මාරුව යෙදී ඇති 2014 නොවැම්බර් 02 දිනට පෙර සිටය.ජ්‍යොතිෂය පිළිබඳ ලියැවෙන මෙම අඩවියේද ශනි මාරුව පිළිබදව සටහනක් ලිවීම එම ග්‍රහ මාරුවට පෙර සිදුවිය යුතු වුවත් අඩවියේ කතුවරයා වන මා හට පසුගිය දිනවල තිබූ අධික කාර්ය බහුල බව නිසා ඒ සදහා කල් වේලා මදි වීමෙන් එය අතපසු විය.කෙසේ හෝ ශනි මාරුව සිදු වීමෙන් පසු හෝ ශනි මාරුව ඔබේ ලග්නයට පොදුවේ බලපාන ආකාරය ගැන ලිවීමට සිතුවෙමි.
Friday, September 12, 2014
රතුද?කළුද?සුදුද?
.jpg)
රෝහණ විජේවීර අපේ රටේ මහා ආන්දෝලණයක් ඇති කල චරිතයකි.ඔහුගේ ජන්ම කේන්ද්‍රය හා ජීවන තොරතුරු විමර්ශණ ලිපියක් මෙම අඩවියේ පල කිරීමට කාලයක් තිස්සේම අදහසක් තිබූ නමුත් බාධක කිහිපයක් නිසා එය අවස්ථා කීපයකදීම යටපත් විය.එක් බාධකයක් වූයේ රෝහණ විජේවීර ඝාතනය වන විටත් ලේඛකයා වයස අවු 10 ක පමන කුඩා දරුවකු වීමය.රෝහණ විජේවීර ජීවමානව ක්‍රියාකාරීව කටයුතු කරන විට ඉපදී වත් නැති අයකු විසින් විජේවීරගේ ජීවන තොරතුරු ගෙනහැර දැක්වීම කෙතරම් දුරට තාත්ත්වික වේද නොවේද යන්න පාඨක ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත.
Wednesday, August 27, 2014
ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්....
2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්‍රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි.
ලංකා කුම්භ කේන්ද්‍රයට අධිපති ශනි ග්‍රහයා බැවින් මෙම ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල අප රටට සෘජුවම බලපායි.උගතුන් ශක්තිවන්තයන් ගුණගරුක වූවන්ගේ බලය යටපත් කරමින් දුබලයන් නීචයන්ගේ බලය ඉස්මතු කරයි.දූෂිත දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියන්ගේ ක්‍රියාකාරකම් නිසා ගුණවත් මිනිසුන් පීඩාවට පත්වේ.නොසැලකිල්ලෙන් හා මුරණ්ඩු ලෙස කටයුත් කරන්නන්(රියදුරන්,කම්කරුවන්,.......) නිසා මාරක අනතුරු සිදුවිය හැකි අතර අසරණයන්ගේ ජීවිත හානි සිදු වෙමින් වැරදිකරුටම ආරක්ෂාව ලබාදේ...
ලෝකායත ජ්‍යොතිෂය අනුව ග්‍රහ යුද්ධයක බලපෑම වැඩි පුරම සිදු වන්නේ ග්‍රහ යුද්ධය සිදුවී ගතවන ඉදිරි දින කීපයක කාලයයි.එබැවින් ඉදිරි දින කීපයේ ප්‍රවේශමෙන් ආරක්ෂාවෙන් ගමන් බිමන් යාම ,රිය පැදවීම් කිරීම වඩාත් යහපත්ය.
කෙසේ වුවත් අප රටට අධිපති ශනිට ජය ලැබීම රටේ රජුට(ජනාධිපතිට) සුභදායකය
Subscribe to:
Posts (Atom)

