Wednesday, March 30, 2011

star gate (තාරකා දොරටුව)

  තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත.

Saturday, March 19, 2011

වසර 18කට පසු චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ලංවේ.





 පෘථිවිය හා එහි එකම උප ග්‍රහයා වන චන්ද්‍රයා අතර මධ්‍යන්‍ය පරතරය කිලෝ මීටර තුන් ලක්‍ෂ අසූ පන්දහසක් පමන වේ. පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර කක්‍ෂීය පරිභ්‍රමනයත් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමනයත් චන්ද්‍රයාගේ පෘථිවිය වටා පරිභ්‍රමනයත්  අක්‍ෂීය භ්‍රමනයත් හේතුකොට ගෙන පෘථිවිය හා චන්ද්‍රයා අතර පරතරය වෙනස්වේ.මේ දිනවල පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝ මීටර තුන් ලක්‍ෂ පනස් හය දහසක් පමණවේ .1993 වසරින් පසු චන්ද්‍රයා පෘථිවියට මෙතරම් ආසන්න වූයේ මෙවරය.

Wednesday, March 16, 2011

පරිවර්තන යෝග

           ග්‍රහයන් දෙදෙනෙකු ඔවුනොවුන් අධිපතිකම් දරන රාශි හුවමාරු කර ගනිමින් පිහිටීම පරිවර්තන යෝගවේ.බ්ලොගයට ආධුනික පාඨකයන්ගේ දැන ගැනීම සදහා එක් එක් ග්‍රහයන් අධිපති කම් දරන රාශීන් පහත දක්වා ඇත.

Tuesday, March 15, 2011

"කාල කඩවර " උපත

 ඉර බැස යමින් ඇත.මරාගත් දිය කොකුන් දෙදෙනා සමග එම මිනිසා තම පැලට ගමන් කරමින් සිටියේය.ගෙට ගොඩවී දිය කොකුන්ව තම ඇඹේනිය අතට දුන්නේ රාත්‍රී ආහාරය සදහා උන් මස් කර පිළියෙළ කරන ලෙස දන්වමිනිඉන් පසු හේ මුහුණ කට සෝදා පිල උඩ ඇලවූයේ වෙහෙස නිවා ගනු පිණිසය.කුසගින්නද තදින් ඇත.තම බිරිද දිය කොකුන් මස් කර රාත්‍රි ආහාරය සකසන තෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.බිරිද වහ වහා මස් ව්‍යාංජනය පිළියෙළ කොට බත් සමග රැගෙන ආවාය.මිනිහා දියකොක් මස් සමග බත් කෑවේ මහත් කෑදර අයුරිනි.මස් නැවත නැවත ගෙන්වමින් කෑවේය.අන්තිමේදී මස් හට්ටිය ඉවර වෙන තුරුම කෑවේය.තව මස් නැද්දැයි බිරිදගෙන් ඇසීය.බිරිදට යකා නැග්ගාය .ඇය සැර පරුෂය.මේ මිනිහා කෑදර කමට මටත් ඉතිරි නොකර මස් හට්ටියම කාලා තවත් මස් ඉල්ලනවා.කේන්ති ගිය ඇය මස් හට්ටියෙන් මිනිහාට දමා ගැසුවාය.මස් හට්ටිය බිදී හට්ටියේ ගැට්ට මාලයක් මෙන් මිනිහාගේ බෙල්ලේ හිරවිය.ඒ මදිවාට ගෑනි මහා හයියෙන් බැන වදින්නටද විය.මේ කළබගෑනිය කුමක්දැයි බලන්නට අහල පහල නිවෙස් වල අයද රොක් වූහ.මිනිහගේ කරේ වලං ගැට්ට හිරවී ඇති අයුරු දුටු සෑම දෙනාම මහා හයියෙන් හිනාවෙන්නට විය.ගෑනි තවමත් බැන වදිමින් සිටියි.මිනිහාට මහත් ලැජ්ජාවක් දැනුනි. ඔහුට එය දරා ගත නොහැකි විය.හේ ලැජ්ජාවෙන්ම කැළයට ගියේය.ඔහු නැවත ගමට නොආවේය.