Saturday, March 19, 2011

වසර 18කට පසු චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ලංවේ.





 පෘථිවිය හා එහි එකම උප ග්‍රහයා වන චන්ද්‍රයා අතර මධ්‍යන්‍ය පරතරය කිලෝ මීටර තුන් ලක්‍ෂ අසූ පන්දහසක් පමන වේ. පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර කක්‍ෂීය පරිභ්‍රමනයත් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමනයත් චන්ද්‍රයාගේ පෘථිවිය වටා පරිභ්‍රමනයත්  අක්‍ෂීය භ්‍රමනයත් හේතුකොට ගෙන පෘථිවිය හා චන්ද්‍රයා අතර පරතරය වෙනස්වේ.මේ දිනවල පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝ මීටර තුන් ලක්‍ෂ පනස් හය දහසක් පමණවේ .1993 වසරින් පසු චන්ද්‍රයා පෘථිවියට මෙතරම් ආසන්න වූයේ මෙවරය.

   මෙය ඉහත දැක්වූ පෘථිවියේ හා චන්ද්‍රයාගේ චලිතය නිසාම සිදුවන්නකි.මෙය කල්තියාම දැන සිටි දෙයකි.පසුගියදා ජපානයට ඇතිවූ භූමිකම්පාවෙන් පෘථිවියේ භ්‍රමණ අක්‍ෂයට යම් බලපෑම් ඇතිවූ බවට කටකතා ඇතත් විද්‍යාත්මක වශයෙන් පිළිගත් ආයතන ඒ පිළිබදව පැහැදිලි අදහස් දැක්වීමක් කර නැත.පෘථිවියේ භ්‍රමණ අක්‍ෂයේ ඇලවීම තවමත් අංශක 23.5කි.චන්ද්‍රයාගේ භ්‍රමණ අක්‍ෂයේ ඇලවීම අංශක 6.7කි.
   2011 මාර්තු 19 අද දිනය මැදින් පුර පසලොස්වක දිනයේදී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නවීම නිසා වෙනදාට වඩා ලොකුවට දැක ගත හැකිය.එය බලන්න වටී.
  චන්ද්‍රයා පෘථිවියට ආසන්න අද දිනය පුර පසලොස්වක පොහෝ දිනයක් වුවත් ග්‍රහණ කිසිවක් නැත.චන්ද්‍ර ගුරුත්වය වැඩිවන නිසා වඩදිය භාදිය තත්ත්ව වල යම් වෙනසක් ඇති වුවත් ජ්‍යොතිෂමය වශයෙන් සැලකිය යුතු බලපෑමක් නැත.

5 comments:

jhothishalanka said...

ඉර උපන් ඉරි දා
සදු උපන් සදු දා
දුක නුදුරු බදා දා
සඳ නොබලන් සෙනසුරාදා

එහෙම කිව්වට අද(සෙනසුරාදා) හඳ බලමු.සෙල්ලන්ද කිලෝමීටර් 30000 ක් ලංවෙලානේ

mathugamaya said...

ඔන්න ඕවිටිගල කට්ටියට හඳට පොලු ගහන්න හොද වෙලාව

නදී said...

ඇයි සඳ නොබලන් සෙනසුරාදා කියන්නෙ?

jhothishalanka said...

@නදී
ජ්‍යොතිෂය අනුව ශනි හා බුධ ග්‍රහයන්ට සදු සතුරුයි.සෙනසුරාදා හා බදාදා දිනවල හඳ දැකීම,බැලීම දුකට හේතුවන බවට පැරැන්නන් සැලකුවා.

හිස් අහස said...

අපොයි මම දැන්නේ දැක්කේ . කමක්නෑ හෙටවත් හඳ බලමු ...

Related Posts Plugin for WordPress, Blogger...