විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Friday, September 30, 2011
Wednesday, September 28, 2011
දරුවකු අරන් හදා ගැනීම හෙවත් කුල වැද්දීම
දරුවන් නොමැති අය අනාගතය්දී තමන්ගේ ආරක්‍ෂාවට හා තමන්ට ඇප උපස්ථාන ලබා ගැනීම පිණිසත් තවත් අය දරුවන් සිටියත් අසරණ දරුවන් කෙරෙහි ඇති කරුණාව සෙනෙහස නිසාම දරුවන් අරන් හදා ගැනීම සිදු කරති."කුල වැද්දීම" ලෙස ජන වහරේ භාවිතා වන මෙය එක් අතකින් විශාල පින්කමකි.දරුවන් නොමැතිව පිටින් දරුවන් අරන් සාදාගත් අයට ඉන්පසු තමන්ගේම දරුවන් ලැබීමත් දරුවන් අරන් සාදාගත් පවුල් විශාල දියුණුවක් ලැබීමත් බහුලව දැකිය හැකිය.
Friday, September 23, 2011
ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා.
"ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත කාලීනව සිදුවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වූ ආකාරය පිළදබදව දැනුවත් වූ පසු එදා තාත්තා විසින් පැවසූ "ජේ.ආර් ගේ ගැට" කතාව හොදින් වටහා ගත හැකි විය.
Monday, September 19, 2011
දොඩම්පේ ගණිතයා
හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ඔහුගේ සිත අතීතයට දිව ගියේය.
Subscribe to:
Posts (Atom)
