LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Friday, September 30, 2011

සිහින පලාඵල - 3 (විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම)

 විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම


 * රජෙක් දුටුවොත්
       සියල්ල සාර්ථකවේ.

 * භික්ෂුවක් දුටුවොත්
       දුර සිටින මිතුරෙකුට කරදරයක්.

* භික්ෂුණියක්
       සතුට සමාදානය ඇතිවේ.

 * මිතුරන්
       ලාභයක්

  * විනිශ්චයකරුවෙක්
      බලාපොරොත්තු සඵල වේ.

  * පොලිස් නිලධාරියකු
      ප්‍රීතියත් රැකවරණයත් ලැබේ.

  * වෛද්‍යවරයකු
      සාමාන්‍ය රෝගී තත්ත්වයක් ඇතිවේ.

  * ගත් කතුවරයකු
         ප්‍රසිද්ධියට පත්වන ලකුණු.

  * බේබදු මිත්‍රයකු
        ජය දියුණුව

  * නීතිඥයකු
       නොසිතූ කරදර

   * ලිපිකරුවෙකු
        කිසිවකුට සහාය වන්නට සිදුවේ.

   * වෙළෙන්දෙකු
         සතුට සැනසුම ලැබේ.

   * මිතුරකගේ මරණයක්
         මිතුරන්ගෙන් කරදර

   * මිතුරකු රෝගාතුරව දැකීම
         මිතුරකුට සහාය වන්නට සිදුවේ.

   * මිතුරකු සමඟ රණ්ඩු කරනවා දැකීම
        නෑයෙකුගෙන් අපහාස විදී.

   * මිතුරකු විදේශ ගත වනු දැකීම
       දුර ගමනක් යන්නට සිදුවේ.

    * මිතුරෙකු දියේ ගිලෙනවා දැකීම
         ලොකු ලාභයක් ලැබේ.

    * බේබදු මිතුරකු දැකීම
            ජය දියුණුව

   * සොරෙකු දැකීම
         විවිධ ප්‍රයෝග වලට හසුවේ.

   * වඩුවෙකු
         විශ්වාසය නිසා පාඩු

   *මිටි අයකු
        සතුරෝ සතුරු කම් කිරීම අරඹා ඇත.

   * කුදුවූ අයකු
        පිටස්තර සහාය ලැබේ.

    * නැවියකු
         බාධක කම්කටොළු මතුවේ.

    *  කෝකියකු
          පවුලේ අඩ දබර

    * මංකොල්ල කරුවෙකු
          ආරවුලක ලකුණු

    * දාසයකු
          නිරෝගී සුවය ලැබේ.

    * මගුල් කපුවෙකු
         වාසියක් අවාසියක් බවට පත්වේ.

    * රජක අයකු
         හිතවත්කම නිසාම පාඩු

   

6 comments:

  1. සිහින ලෝකෙදි වත් බේබද්දන්ට තැනක් ලැබීම හොඳයි

    ReplyDelete
  2. මමත් හැමදාම කියන්නේ කන බොන උන්ගේ බොක්ක හොඳයි. පේනවනේ ඒ උතමයෝ හීනෙන් දැක්කත් හොඳයි.. හොහ් හොහ්..

    ReplyDelete
  3. මේ එක්කෙනෙක්වත් මම හීනෙන් දැකල නෑ නේ..:(

    ReplyDelete
  4. ඇත්තට මමත් මේවගේ අය නම් හීනෙන් දැකලා නෑ මට කෝමත් මම දකින හීන මතක හිටින්නේ නෑ ..කලාතුරකින් යාන්තම් මටක්‍ෂයක් තියනවා !

    ReplyDelete
  5. මටත් ඇත්තටම මේ සිහින පලාපල ගැන එච්චරමම පැහැදීමක් නෑ.නමුත් මෙවන් ලිපි ලියවෙන එක හොඳයි.

    අපි ලියමු ලිපියක් පෙරනිමිති ගැන.ඒක වැදගත් වෙයි කට්ටියට..

    ReplyDelete
  6. @තිරිසනා
    http://lankajhothisha.blogspot.com/2011/02/blog-post_19.html

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...