Wednesday, June 27, 2012

සරස්වතී යෝගය

                              සරස්වතී යෝගය

 යෝගය යෙදෙන ආකාරය
   ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.

 විපාක
     සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ.

 සටහන
    ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ.


Wednesday, June 13, 2012

ඉන්දියානු නාඩි වාක්‍ය මගින් විශ්මිතව මව්පිය නම් ගම් හා පැරණි ජිවන තොරතුරු නිවැරදිව දක්වන්නේ භූත බලවේගයකින්ද?

   දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත්  නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ නම් වල සිට ඉතා විශ්මිත අයුරින් තමන්ට නාඩි වාක්‍ය පැවසූ බව මා සමඟ පැවසීමත් නිසාමය

Thursday, June 7, 2012

"බ්‍රහ්ම මුහුර්තය"

    ජ්‍යොතිෂයේ සුභ කටයුතු වලට යොදා ගත යුතු සුභ කාල හෝරාවන් ගැන මෙන්ම කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු අසුභ කාලයන් පිළිබදව විශේෂයෙන් දක්වා ඇත.රාහු කාලය ,සාගර මුහුර්තය එලෙස කිසිදු සුභ කටයුත්තකට නොගත යුතු අසුභ කාලයන් ලෙස දක්වා ඇති අතර සුභ කටයුතු සදහා විශේෂයෙන් යොදාගත යුතු කාල හෝරාවන්ද දක්වා ඇත.

"සිකුරු සංක්‍රාන්තිය"

   "සිකුරු සංක්‍රාන්තිය" ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලහ.සූර්යයා පෘථිවිය හා සිකුරු ග්‍රහයා එක එල්ලේ පිහිටමින් සූර්යයා මතුපිටින් කලු තිතක් ගමන් කරන්නා ආකාරයට පෘථිවියට දිස්වන මෙම අසිරිමත් අවස්ථාව බොහෝ විට උදාවන්නේ එක් සියවසකට දෙවතාවක් පමනි.මෙම වාර දෙක බොහෝ විට වසර අටක පමණ පරතරයකින් එක ලඟ සිදුවීම නිසා අපගේ ජීවිත කාලය තුලදී සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීම ඉතා විරලය.