Thursday, June 7, 2012

"සිකුරු සංක්‍රාන්තිය"

   "සිකුරු සංක්‍රාන්තිය" ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලහ.සූර්යයා පෘථිවිය හා සිකුරු ග්‍රහයා එක එල්ලේ පිහිටමින් සූර්යයා මතුපිටින් කලු තිතක් ගමන් කරන්නා ආකාරයට පෘථිවියට දිස්වන මෙම අසිරිමත් අවස්ථාව බොහෝ විට උදාවන්නේ එක් සියවසකට දෙවතාවක් පමනි.මෙම වාර දෙක බොහෝ විට වසර අටක පමණ පරතරයකින් එක ලඟ සිදුවීම නිසා අපගේ ජීවිත කාලය තුලදී සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීම ඉතා විරලය.

                                       
                                   සිතුවම  www.lankadeepa.lk
                     
      
    සිකුරු සංක්‍රාන්තියේ අසිරිය පිළිබදව තාරකා විද්‍යා හැදින්වීම් එමට ඉදිරිපත් වුවත් සිකුරු සංක්‍රාන්තිය පිළිබදව ජ්‍යොතිෂමය විග්‍රහ කිරීම් ඉදිරිපත් වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.පංචාංග ලිත් වල මෙම සිකුරු සංක්‍රාන්තිය පිළිබදව විස්තර සටහන් කිරීමක් දක්වා නැති නමුත් "වෘහත්සංහිතාව" වැනි පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථ වල සිකුරු සංක්‍රාන්තිය දර්ශනය වන රටවලට ඒ ආසන්නව ඇති විය හැකි විපාක ගැන සදහන් වී ඇත.
     ජ්‍යොතිෂ පුවත්පත් වලද සිකුරු සංක්‍රාන්තිය පිළිබදව ජ්‍යොතිෂ විග්‍රහ කිරීම් පසෙකලා ඉංග්‍රීසි තාරකා විද්‍යාඥයන් මෙන් සිකුරු සංක්‍රාන්තියේ තාරකා විද්‍යාත්මක සින්ධාන්ත පැතිකඩ පතුරු ගැසීම දුටු විට ලාංකීය ජ්‍යොතිෂ ලේඛනයේ ඉදිරි ගමන පිළිබදව කනගාටුවක් දැනේ.
   සිකුරු සංක්‍රාන්තියක් සිදුවූ ආසන්න කාල සීමාවල ස්වභාවික අනතුරු ව්‍යසන වැඩි බව ජ්‍යොතිෂයේ සදහන්ය.මීට පෙර 2004 වසරේ සිදුවූ සිකුරු සංක්‍රාන්තියෙන් ටික දිනකට පසු සුනාමි ව්‍යසනයට මුහුන දීමට ලෝකයේ රටවල් කීපයකටම සිදු විය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...