Tuesday, February 26, 2013

තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි

    පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂ‍කම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම පුතුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ පරිවෙණාධිපතිත්වයෙන් යුක්ත වූ "විජයබා"පිරිවෙනට ඇතුලත් කලේය. ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වූ අප්පුහාම් වැඩි කල් නොගොස් රාහුල හිමියන්ගේ ප්‍රධානම ගිහි ගෝලයන් කිහිප දෙනා අතරට එක් විය.අනතුරුව රාහුල හිමිගේ ගුරු තත්ත්වයෙන් පැවිදි විය.පැවිදි වීමෙන් පසු "වෑත්තෑවේ හිමි" නාමය ලැබ රාහුල ගුරු හිමිගේ සමීපතම ගෝලයා බවට පත් විය. 

Monday, January 28, 2013

ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා)

                                                                  

    ශ්‍රී ලාංකික බෞද්ධ අපට අනගාරික ධර්මපාල තුමා පිළිබදව විශේෂ හැදින්වීමක් කිරීම අනවශ්‍යය.ජාතියේ පිනට පහල වූ උත්තමයකු වූ එතුමා නොසිටින්න ලංකාවේ පමනක් නොව ලෝකයේ වෙනත් රටවල් වලින් මේ වන විට බුදු දහම තුරන් වී ගොස්ය.අද වන විට ලොව පුරා විවිධ ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාමය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමා‍ගේ ධර්මදූත සේවයට පමණි.

Monday, January 21, 2013

මැණික්හින්නේ වශී ගුරුකම්

   කොම්පියුටරයෙන් කේන්දර බැලීම  

      දැන් දැන් රට වටේම සිටිනා සෑම ජ්‍යොතිෂවේදියකුම  වාගේ පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන අතර මෘදුකාංගය හැසිරවීම ගැන වැටහීමක් ඇති බොහෝ දෙනා ඉන් විපුල ප්‍රයොජන ලබා ගනිති.කාලෙන් කාලෙට අප්ඩේට් වෙමින් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන "ජගන්නාථ හෝරා" මෘදුකාංගය ඉතා හොදින් නිවැරදිව භාවිතා කරන්නෙකුට ජ්‍යොතිෂ ලිත් ,වගු,ගණක යන්ත්‍ර පමනක් නොව කඩදාසි පෑන් පැන්සල් පවා අනවශ්‍ය බව කවුදෝ කොතනකදෝ ලියා තිබුනා යාන්තමට මෙන් මතකය.