Monday, January 28, 2013

ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා)

                                                                  

    ශ්‍රී ලාංකික බෞද්ධ අපට අනගාරික ධර්මපාල තුමා පිළිබදව විශේෂ හැදින්වීමක් කිරීම අනවශ්‍යය.ජාතියේ පිනට පහල වූ උත්තමයකු වූ එතුමා නොසිටින්න ලංකාවේ පමනක් නොව ලෝකයේ වෙනත් රටවල් වලින් මේ වන විට බුදු දහම තුරන් වී ගොස්ය.අද වන විට ලොව පුරා විවිධ ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාමය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමා‍ගේ ධර්මදූත සේවයට පමණි.

      මෙම සටහන කියවන පාඨක ඔබ මොහොතකට සිතා බලන්න. ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කරමින් පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස මර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී සිටි අසරන කරවන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් විදෙස් අධිරාජ්‍යවාදය රජකල යුගයකදීය. එබඳු අවස්ථාවක දේශප්‍රේමියකු ලෙස හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.
       1864 සැප්තැම්බර් 17 වන දින උදේ 7.01 ට පමන කොළඹ දී දොන් ඩේවිඩ් හේවාවිතාරන නමින් උපන් අනගාරික ධර්මපාල තුමාගේ දෙමාපියන් වූයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළය.
    කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා  සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේය.එමෙන්ම විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය.
     පොත් පත් කියවා දැනුම වැඩි දියුනු කරගත් දොන් ඩේවිඩ් හේවා විතාරන තරුණයා අධිරාජ්‍ය ඉංග්‍රීසි බස මැනවින් උගත් නමුත් එසේ කලේ පොත් පත් කියවීමට හා ජාත්‍යන්තර සම්බන්ධවීම ලඟා කර ගනු පිණිසය.එකල සිටි සිංහල කළු සුද්දන් මෙන් ඔහු කිසිදිනෙක තමා උගත් ඉංග්‍රීසිය ආභරණයක් මෙන් භාවිතා නොකලේය.කොටින්ම අධ්‍යාපන සුදුසුකම් වෙනුවෙන් වයස 17 දී පමන ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තමාට ලැබුන රජයේ ලිපිකරු රැකියා‍ව පවා ටික කලකින් අත්හලේ තම දේශය යටත් කරගත් අධිරාජ්‍යවාධීන්ට සේවය කිරීම නියම දේශප්‍රේමියකුට නොවටිනා බව තම දෙමාපියන්ට ලිපියකින් ලියා දක්වමිනි.රැකියාව ද දොන් ඩේවිඩ් ඉංග්‍රීසි නමද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා අනගාරික  ජීවිතයට පිවිසීමට තරුණ අවධියේම තීරණය කලේය.
     අනගාරික ධර්මපාල තුමාගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ 1880 වසරේදී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය අනගාරික ධර්මපාල තුමාට හිමි වීමය.
         තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා සමඟ 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් දැක මහත් සංවේගයට පත්විය.බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ මෙන් වූ බුද්ධගයාව හින්දුන්ගෙන් මුදා ගෙන නැවත බෞද්ධයන් යටතට පත් කල යුතු බව තදින් සිතට ගත් ධර්මපාල තුමා එතැන් පටන් බුද්ධගයාව හින්දුන්ගෙන් මුදවා ගැනීමට මහත් වූ සටනක් දියත් කලේය.
  1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටුවා බුද්ධගයාව හින්දුන්ගෙන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කලේය.මහා බෝධී සංගමය හරහා ලොව පුරා සිටින බෞද්ධයන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් ධර්මපාල තුමා ප්‍රමුඛ බෞද්ධයන් බුද්ධගයා භූමිය මිලට ගැනීමට නීතිමය අයුරින් සූදානම් වන අයුරු දුටු හින්දූන් කිහිප වරක්ම ධර්මපාල තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීය.එක් වරක් මහා බෝධි පන්සල අසලදී හින්දු මැරයන්ගේ ප්‍රහාරයකට ලක්වූ ධර්මපාල තුමා මාරාන්තික තුවාල ලැබීය.තවත් වරෙක එතුමාට සිරබත් කෑමට සිදුවිය.මෙලෙස අනේක ව්ධි තාඩන පීඩන එල්ල වුවත් එතුමා තම සටන අත් නොහලේය.අවසානයේ බුද්ධගයාව බේරා ගැනීමේ සටනින් ධර්මපාල තුමා ප්‍රමුඛ බෞද්ධයන්ට ජය හිමි විය.බුද්ධගයාව යලි බෞද්ධයන්ටම හිමි විය.

      කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. 1906 “සිංහල බෞද්ධයා” පත‍්‍රය ආරම්භ කලේය.ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 
     මෙලෙස සිය ජීවිත කාලයම බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කැප කර 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය.1933 අප්‍රේල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර ප්‍රාර්ථනය ඇතිව ය.      
    යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම හා ගව මස් කෑමේ පාපී ක්‍රියාව ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා එවැනි තත්තවයන්ගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

      එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

     ධර්මපාල තුමාගේ ජීවන චරිතය  එතුමාගේ ජන්ම කේන්ද්‍රයෙන් විද්‍යාමාන වන ආකාරය පිළිබද ජ්‍යොතිෂමය විග්‍රහ ලිපියක් මීලඟ බ්ලොග් ලිපියෙන් බලාපොරොත්තු වන්න.



 මූලාශ්‍ර හා උපුටා ගැනීම්


              http://sinpedianet.blogspot.com/2010/11/blog-post_48.html


              http://anagarikadharmapala.blogspot.com/


               http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A_%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD


               http://tiraj.blogspot.com/2012/05/blog-post_26.html

10 comments:

Anonymous said...

අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි. ඔහුට ලංකාව පිලිබදව උනන්දුවක් තිබු බව සැබෑය. එනමුත් ඔහු විවිධ ආකාරයෙන් ධර්මය දේශනා කරමින් රට පුරා යෑම එකල ලංකාවේ සිටි ඇතැම් බෞද්ධ ප්‍රභූන්ට දිරවුයේ නැත.

අනගාරික ධර්මපාල සිය ජ්විතයේ අවසාන කාලයේදී ලංකාව ගැන කලකිරී ඉන්දියාවට ගියේය.නැවත කිසි දිනක ලංකාවට එන්නේ නැති බවද පවසා තිබුණි.ඔහුගේ අන්තිම කාලය අන්තිම දුක්ඛිත විය.කිසිවෙකු ඔහුව ගණන් ගත්තේ නැත. දුක් විඳ මිය ගියේය.

එසේම හෙන්රි ඕල්කට් වැන්නවුන් අන්තිම කපටි පුද්ගලයන්ය. ඔහුගේ පිරිස කලේ ලංකාවේ නුගත් බෞද්ධ යන් රැවටීමය. ඕල්කට් ඇතුළු පිරිස පෙරදිග ආගම් වලට පොදුවේ ලැදි පිරිසක් මිස බෞද්ධ ආගමට විශේෂ තැනක් දුන් අය නොවේ. ලංකාවට පැමිණි විට බෞද්ධයන් සේ සිටීමත් වෙන රටවල් වලට ගොස් ඒ ඒ විදියට හැසිරීමත් මෙම පිරිසේ සිරිතය. එය නොදත් නුගත් බෞද්ධයන් අනේ සුද්දෙකුත් බෞද්ධාගමට බැදිලා යයි සිතුවේය.
නමුත් සත්‍ය කටුකය. මේවා පිලිබදව දන්නා අය වුවද මේ ඇත්ත හෙළි නොකොට ධර්මපාල හා ඕල්කට් වැනි පුද්ගලයන්ට දේවත්වයෙන් පුදති.

මා මෙය කියුයේ ඔබට පුළුවන් ධර්මපාලගේ කේන්ද්‍රය බලා මා කිවූ පරිදිද කියා සොයා බලන්න. ජිවිතයේ අවසන් කාලය පිලිබදව විශේෂයෙන්.

කැස්ටියෙල්

Anonymous said...

අකුරු හයිලයිට් කිරීම අයින් කරන්න. කියවන්න අමාරුයි.

මුතු said...

අපි ඉස්කෝලේ යන කාලේ ලියපු රචනාවක් මතක් වුනා. එත් දැන් කාලේ ඉන්න ළමයි අනගාරික ධර්මපාල තුමා කියන්නේ කවුද කියලවත් දන්නේ නැතුව ඇති.

යෝධයා said...

මෙහේ ඉන්න කළගුණ නොදත් බෞද්ධ යැයි කියාගන්නා අමන කොටසකට අනුව මෙතුමා අන්තවාදියෙක්, වර්ගවාදියෙක්, ත්‍රස්තවාදියෙක්.

M. M. Rohana Wasantha said...

මෙතුමාගේ කේන්දරෙත් දැම්ම නම් වඩාත් හොඳයි https://lh3.googleusercontent.com/VBfGyTdJgb_EEOQkqJ-BP78RyLxdldEl-nTidC8r9mlC2mrzxMUb4gg80RdI6lQZHCi--SERAwDqvb6W-rLtQy8-vvQwTSa6AWglaq19jsJPM1g91uegcaykG5YAbS46A4OM9dA9RErO5iB6=w463

jhothishalanka said...

//අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි.//

මේ කතා‍ව පිළිගන්න අසීරුයි.මන්ද ඔහු එවැනි පුද්ගලකු වූවා නම් එකල තිබූ වාතාවරනය අනුව එවැන්නක් හෙලි නොවී තිබෙන්නේ නැත.එසේ වූවා නම් ඔහුට මෙවැනි පිළිගැනීමක් නොලැබේ.ඔහු ජීවත්ව සිටි කාලයේ කිසිවකු ඔහුට එවැනි චෝදනාවක් කොට නැත.

Anonymous said...

කැස්ටියෙල් , තුන් කල් දක්නා නුවනක් ඇති ලංකාවේ අපේ පිනට පහල උනු ශ්‍රේෂ්ට උත්තමයෙක්. එතුමාගේ දේශනාවන් අදටත් සම්පුර්නෙන්ම වලංගුයි. ඔබ කිනම් ජාතිකයෙක්ද කිනම් ආගමක් අදහන කෙනෙක්ද කියා මම දන්නේ නැත.එහෙත් එක දෙයක් පැහැදිලිය. ඔබ අතීතයේ සිටිය පාවාදෙන්නෙක් හෝ විජාතිකයන්ට කත අදින කත් කරුවෙකි. ධර්මපාල තුමාගේ මග පිළිගන්න බොහෝ පිරිසක් අද සමාජයේ ඉන්නවා. ඔබ වැනි කෙනෙක් මේ පින් බිමේ ඉපදුන එකත් පවකි.

ඔබ කියන විදියට ධර්මපාල තුමා සමලින්ගිකද , ඔබට ඇති සාක්ෂි මොනවද... රට ජාතිය වෙනුවෙන් කැප උනු ඒ උතුම් පුද්ගලයට ගැරහිමට පෙර බලන්න ඔබත් සමලින්ගිකද කියා තමන් උපන් බිමට මොනාද කරලා තියෙන්නේ කියල....ධර්මපාල තුමා කර ඇති දෙයකින් අබ මල් රේණුවකවත් දෙයක් කර නැති ඔබ වැනි අය එතුමාගේ නම කීමට පවා සුදුසු නැත.

මේ බිමේ එවන් උතුම් පිරිස් ටවත් බිහි වෙනවා. . නැවත මේ රට බේර ගන්න. රටක ජාතික වීරයන්ට අවමන් කරන්නේ නැතිව පාඩුවේ සිටීම කටත් හොදය.

වෙල්ලස්සේ සිංහයා ..................

ප්‍රතිවාදියා said...

අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ලිපියක් පළ කිරීම ගැන සතුටු වෙනවා. ඇත්තම කිවුවොත් එතුමා කළකට පෙර දුරදක්නා නුවණින් කී බොහේ දේ අද ඇස්පනාපිට ඇත්ත වෙලා. එතුමා එදා නායකත්වය දුන්නෙ මේ රටේ ආවේනික චින්තනය මත පිහිටලා, ඒ වගේම එතුමගේ නායකත්වය වැදගත් උනේ අපේ රටට උචිත ආකාරයට හිතන පතන රට ජාතිය ගැන හැඟීමක් තිබුන අයටයි.

flashmark said...

වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (මද්‍ය) වනවිට එය විවාහයට නුසුදුසු වේද?
ඔබතුමාගේ විවාහ දෝෂ ලිපි ගොඩක් ප්‍රොයෝජනවත්. එවැනිම ලිපි පෙළක් පොරොන්දම් ගැලපීම් සම්බන්දයෙන් ඉදිරිපත් කරන්න පුලුවන්ද?
ස්තුති

jhothishalanka said...

//වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (මද්‍ය) වනවිට එය විවාහයට නුසුදුසු වේද? //

පොරොන්දම් පරීක්ෂාවේදී මෙවැනි කෂුද්‍ර ක්‍රෙෂත්‍රයක් ගැන පමනක් සලකා තීරණ ගත නොහැක.කෙටි පිළිතුරු දීම භයානකය.හොඳ ‍දෛවඥයකු හමුවී පොරොන්දම් පරීක්ෂා කර ගන්න.

Related Posts Plugin for WordPress, Blogger...