චින්තාමණී යෝගය
යෙදෙන ආකාරය
බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්‍රබලව යෙදේ.
යෝගයේ ඵල
අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ..
ප.ලි.
බ්‍රහස්පති(ගුරු) කටක රාශීයට උච්ච වන අතර ධනු,මීන රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
සිකුරු මීන රාශියට උච්ච වන අතර වෘෂභ තුලා රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Saturday, March 22, 2014
මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි
නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා...
Tuesday, March 11, 2014
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට
ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි.
කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය.
කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.
* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
* කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
* කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පැලදීම
* භූමි නාග බලිය ඇරීම
* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
* කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
* කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පැලදීම
* භූමි නාග බලිය ඇරීම
Tuesday, January 7, 2014
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට
ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී.
සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට පුරාතනයේ සිටම ජ්‍යොතිෂ පිළිවෙත් නියම කොට ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.
* පුර පසලොස්වක දිනට පෙර හා පසු සතියක කාලය තුල සුදු මල් පූජා කොට බෝධි පූජා කිරීම
* සමන් හා පත්තිනි දෙවියන්ට බාර හාර පුද පූජා කිරීම,සෙත් කවි කියවා සෙත් පැතීම කිරි මව් දානය දීම
* දිඹුල් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* සුදු වස්ත්‍ර දන්දීම
* උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම.
* ශාන්න මංගල බලිය ඇරීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ මුතු, දියමන්ති ඇල්ලූ ආභරණ පැලදීම
* රතන යන්ත්‍රය පැලදීම
Subscribe to:
Posts (Atom)