ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Sunday, February 27, 2011

මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද? -(අසිරිමත් නාඩි ජ්‍යොතිෂය)

      නාඩි ජ්‍යොතිෂය පිළිබදව මා ප්‍රථමයෙන්ම ඇසුවේ හෝ කියවූයේ කොතනදීදැයි හරියටම නිච්චියක් නැත.සමහර විට එය පැරණි ජ්‍යොතිෂ පුවත්පතකින් සගරාවකින් විය හැක.නාඩි ජ්‍යොතිෂය යනු සත්‍ය වශයෙන්ම අරුම පුදුම ශාස්ත්‍රයකි.
ජන්මියකුගේ උපන් දිනය වේලාව හා මහපටඟිල්ලේ උඩු පුරුකේ දැක්වෙන සියුම් රේඛා සලකුණු අනුව සලකා බලා පුද්ගලයන්ගේ පෙළපත,නම,ගම,රැකියාව,විවාහය ආදී තොරතුරුපැවසීමේ ඉතා විශ්මිත ශාස්ත්‍රීය ක්‍රමයක් ලෙස හැදින්විය හැකි නාඩි ජ්‍යොතිෂයේ නිර්මාතෘන් වන්නේ මීට වසර දහස් ගනනකට පෙර පුරාණ භාරතයේ විසූ මහා සෘෂිවරු හත්දෙනෙකි.ඔවුන් විසින් ඔවුනොවුන් සතු විශේෂ හැකියාවන් ශාස්ත්‍රීය ක්‍රම උපයෝගී කරගෙන මෙලොව ඉපදී මියගිය දැනට ජීවත්වෙන හා ඉදිරියේදී ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජීවිත විස්තර පුස්කොළ පත්තීරු වල සටහන් කර ඇතැයි පැවසුවොත් ඔබ එය විශ්වාස කරනවාද?
    ඔබ එය විශ්වාස කළත් නැතත් එය සත්‍යයකි.පුරාණ භාරතයේ විසූ අගස්තිය,කෞෂික,ව්‍යාස,බොහර්බිගු,වශිෂ්ථ හා වාල්මිකී යන සප්ත මහා සෘෂිවරුන්ගේ ශාස්ත්‍රීය දැනුම අනුව සටහන් වූ එම පුස්කොළ පත්තීරු ආරම්භයේ තැන්පත් කර තිබුණේ එම සෘෂිවරුන්ගේ අසපු තුලය.නමුත් පසු කාලීනව ඉන්දියාව මුහුණ දුන් සතුරු උවදුරු,ස්වභාවික අනතුරු ආදී කරදර නිසා මෙම තල්පත් විනාශ වන්නට විය.13වන සියවසේදී විසූ රජකෙනෙකු මෙම තල්පත් තීරු ස්වකීය මාළිගාව වූ තමිල්නාඩු "ටැන්ජර් සරස්වතී මහල්" හි විශාල පුස්තකාලයක එම තල්පත් තීරු තැන්පත් කළේය.විනාශ වූ තල්පත් සදහා ආදේශක තල්පත් තැන්පත් කරවීමද කළේය.ඉන්දියාව නැවත ඉංග්‍රීසින් යටතට පත්වූ විට ඒවා ආරක්‍ෂා කළේ ඒ අදහා පත්ව සිටි "වෛයිතිස්වරන්කෝයිල්" ජ්‍යොතිෂ පරම්පාවේ අයයි.මෙම තල්පත් තීරු කියවීමේ හැකියාව තිබුණේද එම පරම්පරාවේ ජ්‍යොතිෂවේදීන්ටය.
     වර්තමානයේ ලංකාව ඇතුළු ලොකයේ බොහෝ රටවල ජනතාවට මෙම තල්පත් තීරු මගින් ස්වකීය ජීවිතය දැන ගැනීමේ වටිනා සේවය ලබා දීමට තමිල්ණාඩු වෛයිතිස්වරු කටයුතු කිරීම පිළිබදව අපසැම ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුය.ලංකාවේද බම්බලපිටිය නගරයේ ස්ථානයක පිහිටා ඇති ඔවුන්ගේ සේවා ස්ථානයෙන් ලංකාවේ අපටද නාඩි තල්පත් තීරු මගින් අපගේ ජීවන තොරතුරු දැනගැනීමේ පහසුකම් ලැබී ඇත.
     මෙම තල්පත් තීරු අනාවැකි අනුව තමන්ගේ ජීවන තොරතුරු100%ක් නිවැරදිව දැනගත් බව කියන අය මෙන්ම ඇතැම් තොරතුරු සත්‍ය වුවත් තල්පත් වල දැක්වුනු සමහර විස්තර තම ජීවිතයට බලනොපෑ බව කියන අය වැඩිපුර සිටින අතර තල්පත් තීරු අනාවැකි තම ජීවීතයට කිසිදු අයුරක්න් බල නොපෑ බව කියන ඉතා සුළු පිරිසක්ද සිටී.උපන් දිනය හා ඇඟිලි සලකුණ පමනක් ගෙන මව පියාගේ නම් ඇතුළුව රැකියාව විවාහක සහකරු සහකාරියගේ නම අනාගත දරුවන්ගේ විස්තර ගැන විශ්මිත අනාවැකි පළකිරීම නාඩි ජ්‍යොතිෂයේ ඇති විශේෂත්වයයි.මෙය කියවන ඔබට එකවර සිතට එන්නේ එය කිසිසේත් විය නොහැකි බවත් පුද්ගලයන්ගේ ලේඛන දත්ත නැතිව එය කළ නොහැකි බවත්ය.නමුත් එය එසේමය.වැඩිපුර ඇත්තේ එවැනි අවස්ථාය.උපන් නූපන් එකාට එක තල්පත ගාණේ තිබේ නම් ඒවා තැන්පත් කිරීමට මුළු පෘථිවියේම ඉඩ මදිනොවේදෝයි ඇතැම් අයට සිතිය හැකිය.නමුත් එවැනි තත්වයක්ද නැත. ඇතැම් විට එක තල්පතේ කිහිප දෙනෙකුගේ විස්තරද තිබිය හැක.
       උපන් දිනය හා මහපට ඇඟිල්ලේ උඩුපුරුක් රේඛා සලකුණ පමනක් ලබාගෙන නාඩි තල්පත් තීරුව තෝරා ජීවිත තොරතුරු පවසන බම්බලපිටියේ පිහිටි ස්ථානයට මා ඊයේ දිනයේ ගියෙමි.2005 වසරේ මැයි මාසයේ සරසවියෙන් පිටවූ පසු ප්‍රථම වරට මා කොළඹ ගියේ ඊයේය.කොටින්ම දෙහිවල ගුවන් පාළම ප්‍රථම වරට දුටුවේ එදිනය.පසුගිය වසර 6 ආසන්න මාගේ ළිංමැඩි දිවියට තාවකාලික විරාමයක් ලැබුණි.නමුත් මා හට එදින බම්බලපිටිය හන්දිය පැටළුණි.බසයෙන් බහින අවස්ථාවේදී මාගේ හැසිරීම ගමේ බයියකු මෙන් විය.කෙසේ හෝ පාර සොයාගෙන උදේ 8ට පෙර එම ස්ථානයට ගියෙමි.මා යන විට එතැන සිටියේ මැදිවයසේ අම්මා කෙනෙකු හා ඇගේ දියණියයි.මා දෙවැනියායි.උදේ 8 ආසන්න වන විට ක්‍රමයෙන් පිරිස වැඩි විය.ස්ථානය පිරිසිදුය.එම සේවය පවත්වාගෙන යන්නේ ද්‍රවිඩ ජාතිකයන්ය.එහි සිටි සියළුම ද්‍රවිඩ ජාතිකයන්ගේ තිබුනේ වැදගත් පෙනුමකි.උදේ 8.15 පමන වන විට ඇගිලි සලකුණු ගැනීම ආරම්භ කරන විය.ඒ වනවිට විශාල පිරිසක් නාඩි අනාවැකි ඇසීමට බලාපොත්තුවෙන් පැමිණ සිටියහ.ඇත්තෙන්ම එය ඉතා විශාල පිරිසකි.හරියට ඇමති කෙනෙක්ගේ මහජන දිනයදා ඔහු හමුවට එන පිරිස මෙනි.සෙනසුරාදා දිනයක් වීමද හේතු විය හැක.තරුණ මැදි මහළු සෑම වයස් වලම අය සිටියහ.ඒ අස්සේ සුද්දෝ ජොඩුවක්ද විය.කලින් දිනයක ඇගිළි සලකුණු දී අනාවැකිය එදින ලබා ගැනීමට පැමිණි අයද විය.ප්‍රථම වතාවට පැමිණි අප පෝලිමේ ගොස් උපන් දිනය හා ඇඝිළි සලකුණු ලබා දුන්හ.ඉන්පසු පැය භාගයක් පමණ සිටියේ තල්පත ඉක්මණින් ලැබුනොත් එදිනම අනාවැකි ලබාගත හැකි බැවිණි.මා හට මාර්තු 11 දිනයේ නැවත පැමිනෙන ලෙස කීවේ මාගේ පුස්කොළය එවෙලේ සොයා ගත නොහැකි වූ නිසාය.මාගේ ජීවන විස්තරය විශේෂයෙන් මාගේ අනාගතය ගැන දැන ගැනීමට  මාර්තු 11 දිනය ආසන්න වනතුරු මා සිටින්නේ නොඉවසිල්ලෙනි.ජ්‍යොතිෂවේදියකු වුවත් විශ්මිත අනාවැකියේ පහස ලැබීමට මාද කැමතිය.මගේ ජීවන තොරතුරු ඇතුලත් තල්පත ඉක්මනින් ඔවුන්ට හමුවේවා යන්න මේ දිනවල මාගේ ප්‍රාර්ථනයයි.මාර්තු 11 දිනයේදී මා අත්දකින විස්තර බ්ලොගයේ ලියන බවට මම පොරොන්දු වෙමි.මේ ටික පැවසීමද කට ඉස්සර කර ගැනීමකැයි සිතුණ නමුත් මගේ වැඩේ සාර්ථකවේයැයි මට සිතේ.එසේ වුවහොත් බ්ලොග් එක කියවන ඔබ සැමටත් විස්තර කියන්නම්.
  නාඩි තල්පත් තීරු හා ඒවා කියවන්නන්ගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.


                

  

     

24 comments:

  1. නාඩි වාක්‍ය අහල ගුණ අගුණ අපිටත් කියන්නකො බලන්න.

    ReplyDelete
  2. මමනම් නාඩි ජ්‍යෝතිෂ්‍ය විශ්වාශ කරන්නේ නැහැ.මම දන්නා තරමින් ඉන්දියාවේ හැමතැනම ඔය කියන නාඩි ජ්හොතිර්වෙදියෝ ඉන්නවා.මේක එහෙ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක්.මිට අවරුදු 10 ට විතර උඩදී අපේ තාත්ත ඉන්දියාවෙන් ආපු ජ්හොතිර්වේදියෙක් ගාවට ගියා.මේ පුද්ගලයා පාවිච්චි කරේ කාර්ඩ්ස් වගයක්.එයා ගාව කුඩුවක ඉන්නවා ගිරවෙක්.කුඩුව ඇරියහම ගිරවා ඇවිල්ල කාර්ඩ් එකක් තෝරලා දෙනවා.මේ කාර්ඩ් එක අනුව මේ පුද්ගලයා අනාවැකි කියනවා.තාත්තගේ, අම්ම තාත්තගේ නම් ඇතුළු ගොඩක් විස්තර නිවැරදිව කියල තිබුනා.ඒක රෙකෝඩ් කරලා කැසට් එකකුත් දීල තිබුනා.මට තියෙන ප්‍රශ්නේ නාඩි පාවිච්චි කරන්නැතුව මෙය අනාවැකි කිව්වේ කොහොමද කියන එක?අනික් කාරණය තමය් ගොඩක් වතාවක් තාත්තගේ අම්මගේ(ආච්චිගේ) නම් වැරදියට කියල තමය් හරි එක හොයාගෙන තිබුනේ.හැබය් ඊට පස්සේ දිගටම හරියට කියල තියෙනවා.මෙතන පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.නාඩි නෙවෙය්.නාඩි කියල කරන අයත් වෙන මොකක් හරි ක්‍රමයකුය් පාවිච්චි කරන්නේ.ඒත් නාඩි කියල කියනවා.එතකොට පිළිගැනීම වැඩි නිසා.මේක මට හිතෙන දේ.
    දෙකේම සමාන ලක්ෂණය තමය් මුලින් වැරදි නම් ගොඩක් කියල පස්සේ හරි එක හොයාගන්න එක.මාර්තු 11 ගිහින් ඇවිල්ල කියන්නකෝ මීට සමාන දෙයක්ද උනේ කියල.

    ReplyDelete
  3. පුළුවන් නම් අපට මේ තැන තියෙන තැන කියනවාද? නැත්නම් මේල් කරනවාද? kelaniyage@gmail.com

    ReplyDelete
  4. hehe ipadenna inna kenek gana kalin kiyanna puluwanda bn :P bududhame ena hethu pala wadayath ekka me okkoma dewal patahadii.....

    ReplyDelete
  5. බුදුදගම අනුව පෙර බව නිසා වර්තමාන බවයද වර්තමාන බවය නිසා ආනාගත බවයද සකස් වේ,කියලා මම අහල තියන්වා අයියා.ආනන්දමයිත්‍රි ස්වාමීන්වහන්සේගේ පොත් වලත් මේ ගෑන සදහන් වෙනවා නෙද...
    මට පොඩි පරශ්නයක් තියනවා අයියා,පාපි කේන්දරයක් ලෑබේන්නේ වර්තමාන බවයේ පින් මද අයටද???

    ReplyDelete
  6. @ anonymous
    "ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොතිෂ්‍ය කාර්්‍යාංශය", නො19 1/1,පළමුවෙනි මහල,කොතලාවල මාවත,බම්බලපිටිය
    දු.ක. 011 2586180,2586208

    (ගාල්ල සිට කොළඹ යනවිට) බබ්බලපිටිය හන්දියෙන් බැස මුහුද පැත්තේම ගාල්ල දෙසට මීටර් 100ක් පමණ ගොස් කොතලාවල පාරේ ඇති රෝස පාට තීන්ත ගෑ තට්ටු බිල්ඩිමේ දෙවන තට්ටුවේ ඇත.

    ReplyDelete
  7. @ආවාටය
    අපොයි නැහැ.පාප ග්‍රහ කේනද්‍ර කියන්නේ උපතේදී 2,7,8 (විශේෂයෙන් 7) ස්ථානවල පාපග්‍රහයන්(අඟහරු,රාහු,කේතු,ශනි ..)සිටින කේන්ද්‍ර වලට නම එහෙම තිබුනට පාප කේන්ද්‍ර කියන්නේ පවු කාර කේන්ද්‍ර නෙවෙයි

    ReplyDelete
  8. ගිරවා බවිතා කරලා මම දන්න තරමින්න්ම් කියන්න් අපුලුවන් ඉතාම සිමාවක් සහිත සාස්තරයක් පමනයි.. මම හිතන්නේ... නමුත සමහර අය කර්නමුන්ඩි බන්දනය බාවිතාකරලා..සාස්තර කියනවා. ඔයවගේ මොනවහරි පෙන්න්ලා... නමුත් ඒ අවස්තාවෙදී සාස්තරය කියන්නේ කර්මුන්ඩි බන්දනය බාවිතාකරලා.සමහර අය ඒගෑන එයාලගෙන් සාස්ටහ‍්ර අහන්න එන යට කියනවා සමහර අය කියන්නේ නෑ... රජකාලේ පවා මේ කර්නමුන්ඩි බන්දනය මගින් ඔත්තු බලලා තියනවා.

    ඔබ සතුව මේ පිලිබදව "කර්නමුන්ඩිය" පිලිබදව විස්තර ඈත්නම් කෑමතිනම් අපසම්ග දෑනුම බෙදාගන්න... මම ත් ඔය නාඩි බිලිබදව අහල තිබුනාට ලංකාවේ කස්ටිය ඉන්න්වා කියලා දෑනගෙන තිබුනේ නෑ ස්තුතියි

    ReplyDelete
  9. @ඉලංදාරියා
    කර්නමුන්ඩි බන්ධනය කියන්නේ මොකක්ද?

    ReplyDelete
  10. වෙනස් දෙයක් ගෑන ලියලා...බොහොම ස්තූතියි.අය්යා පුලුවන් නම් වශී,සූනියම්,කොඩිවින ගෑනත් ලියනන්කො.ආසයි ඒවා ගෑන තොරතුරු දෑනගන්න.

    පාපී කේන්දර තියන අය පෙර ආත්ම භාවයන් වල පව් කරඅය කියල මටනම් කිව්වෙ.ගොඩක් ආගමට නෑබුරු වෙන එකෙන් ඒ අපල දුරුවෙලා යන බවත් කිව්වා.

    ReplyDelete
  11. මේකත් බලන්න.

    http://www.youtube.com/watch?v=C9QqaPbFE78

    ReplyDelete
  12. මාත් මේ ගැන අහලා නම් තියේනවා. මන් දන්න කේල්ලේක් එයාගේ පවුලේ අයත් එක්ක ගිහින්. කෙල්ලට කොලේ හම්බෙලා නැ. අනේක් අයට එලට කිවුවලු. මන් මේ දේවල් ගැන ඔනවට වඩා විස්වාස කරන්නේ නැ. එත් යම් යම් දේ වල් වල සත්‍ය තාවන් ඇති කියල හිතනවා..

    ReplyDelete
  13. කර්නමුන්ඩි බන්දනය කියන්නේ බුතයෙක් අල්ලගේ තියාගෙන ඉන්න එකකට.එවාගේ බන්දනයක් කරලා තියාගෙන ඉන්නවානම් එහෙම කරලා තියාගෙන් අඉන්න් කෙනාට පුලුවන් ඒ බුතයාගෙන් ප්‍රශ්න අහන්න .... එතකොට එයා උත්තර දෙනවා.... මමත් මේ ගෑන මෙහමයි කියලා අහලා තිබුනට .ගොඩක් විස්තර දන්නේ නෑ... එකයි මේ ගෑන දන්නවානම් කියන්න කියලා කීවේ..

    ReplyDelete
  14. @Anonymous
    The you tube link you have provided shows a video about a fake "God Man".I still cant find any relation between this post and your youtube video.If this post was about "Sai Baba",then i would be interested with the video.

    ReplyDelete
  15. ඇත්තටම කර්නමුණ්ඩි බන්ධනය ගැන විස්තර මමත් දන්නේ නැහැ.නාඩි ජ්‍යොතිෂයේදී පෙළපතේ විස්තර දැන ගැනීමට භූත බලවේග වල සහය ලබා ගන්නා බවට අසා තිබෙනවා.හරියටම දන්නෙ නැහැ.මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    ReplyDelete
  16. කීයක් යනවද?

    ReplyDelete
  17. @CALHARA
    ඇයි හත් දෙයියනේ මෙච්චර විස්තර දාලත් ගාන අහන්නේ මගෙන්නෙ.එතනට කතා කරල බලන්නකෝ යාළු.ඔන්න කමෙන්ටුවක ලිපිනයයි දුරකථන අංකයි ඇති.

    ReplyDelete
  18. e kiyanne nadi wakya kiyanna kal aragena oyage visthara eyala hoya gannawada.... matath podi prashnayak thiyenawa..........karma guru awastawa kiyanne mokakda..... kendara gena nodanna mata,,,me karmaguru gena kendara balana ayek kiwwa wistharayakata mama bayawela inne...ssthuthiy

    ReplyDelete
  19. එයාල මගෙන් විස්තර විදියට ගත්තේ උපන් දිනෙයි ඇගිලි සලකුණයි විතරයි ගත්තේ.එයාල මගේ අම්මගෙ තාත්තගෙ විස්තර ඉදන් කියනවලු.කලින් අයට එහෙමයි.ඔයා අහපු ප්‍රශ්නේ පැහැදිළි මදියි.සමහර විට ඔයාට වචන වැරදීමක් වෙන්න පුළුවන් ග්‍රහයන්ට ශයන,උපවේශන,නේත්‍රපාණී,ප්‍රකාශ ...ආදී ලෙස අවස්ථා 12ක් ඇතත් ඔබ දක්වා ඇති කර්ම ගුරු අවස්ථාව යන්න පැහැදිලි නැහැ.

    ReplyDelete
  20. @JHOTHISHALANKA
    සමහර විට ගුරු කර්මස්ථානාධිපති වෙන්න ඇති

    ReplyDelete
  21. මමත් මේක ගැන අහල තිබුනත් කවදාවත් මෙකට යන්න හිතුවේ නෑ! එක අතකට ඒ මගේ හිතෙ තියෙන බය නිස වෙන්නැති. වැරදිලාවත් ඕකෙන් මම ජීවිතේ අසාර්ථක කරගන්නවා කියලා කියවුනොත් මම කරන හැම දේකදිම මම ඕක මතක් වෙයි... කොහොම උනත් ඔය නරයට ලැබෙන විස්තරේ ඇත්තද කියලා මේකේ දාන්නකෝ, ඒකත් අත්ත නම්, මගේ හිතේ තියෙන මේව්වා එකත් නැති කරගන්න පුලුවන් උනොත් මමත් ඕක අහලා බලනවා.....

    ReplyDelete
  22. සුුනාමිය ගැනත් අපි කොහොමද හිතුවෙ බොරැවක් කියලනෙ ඒ වගේ තමා හැම දෙයක්ම මෙි ලොකේ හැම දෙයක්ම හැදිල තියෙන්නෙ යමිකිසි ඇත්තක් අනුව. ඒවා කරන අය හරියට දැනගෙන කරනව නමි ඇත්ත .රැකියාවක් ලෙස මුදල් මත මෙි දේ කරන විට පොඩිඩක් දැනගෙන කරන්න ගියාම අනෙක් අය විශ්වාස කරන්නෙ නැහ. අපේ පැරණි සිංහලයො මොනතරමි විස්කමි දැක්වුව

    ReplyDelete
  23. "මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද"

    හැම දෙනෙකු වෙනුවෙන්ම නාඩි තල්පතක් නෑලු. ඔය කියන සෘෂිවරුන්ගේ ජීවිත වලට යම් ක්‍රමයකින් සම්බන්ධ වෙච්ච (ශිෂ්‍යයෝ වගේ ) අයට විතරලු නාඩි තල්පත් ලියල තියෙන්නෙ. ගොඩක් වෙලාවට නාඩි තල්පතක් නැති කෙනෙකුට නාඩි වාක්‍යයක් අහන්න හිතෙන්නෙ නැල්ලු. හැබැයි කලාතුරකින් එහෙම අය හම්බ වෙනවලු. නාඩි වාක්‍ය අහන්න ගියත් තල්පත හොයා ගන්න බැරි වෙන අයව.

    ඔය කියන ජ්‍යොතිෂ පරම්පාවේ යැයි කියන කෙනෙක් තමයි මට මේ විස්තර කිවුවෙ

    ReplyDelete
  24. මමත් ඔය නාඩි වාක්‍ය ඇහුව 1999 දී ඔය කියන තැනින්ම .ඕකෙ පරිච්චේද 12ක් තියෙනවා.මම ඇහුවේ 2යි .පෙළපත,සහ රැකීරක්ෂා කියන 2. පෙළපත කියන පලවෙනි කොටස හැමකෙනෙක්ම අනිවාර්යෙන් අහන්න ඕනි.අනිත් කොටස් තමන් කැමති ඒවා තෝරාගෙන අහන්න පුළුවන්. කොටස් 12 ම අහන්නත් පුළුවන්. හැබැයි ලොකු ගානක් යාවි. තමන්ගේ ,දෙමව්පියන්ගේ,බිරිඳගේ නම්,සහ කරපු ,කරන රැකියා ගැන එහෙමත් කියනවා.හැබැයි මුලදී ඔය නම් කියන්නේ නම් වටයක් ගිහින්.අග අකුර,මුල අකුර,මැද අකුර වශයෙන් ගොඩක් අකුරු කියල තමයි හරි අකුරු හොයාගෙන නම් කියන්නේ.හඳහනේ ග්‍රහයෝ ඉන්න කොටු ටිකත් හරියට ඇඳලා තිබුන.හැබැයි ඒ කියපු විදියට මම දැනට අවුරුදු 4 කට කලින් ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් පටන් අරන් මේ වෙද්දී ගොඩක් ධනවත් වෙලා තියෙන්න ඕනි.එත් මම තවම පිටරට 2002 ඉදන්. සත්‍ය තාවයනම් 50 ට 50 වගේ තමයි.නොදන්නා හැම දේම බොරුයි කියන්න බැහැ වගේම ,හැම දේම ඇත්තත් නෙමෙයි. අත බලන සමහර සාස්තර කාරයොත් 50 ට 50 ඇත්ත කියනවනේ.මේක ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...