Saturday, July 7, 2012

ආවර්තනය -4

     පළිගු මැණික උදුරාගත් මිනිසා තමන්ට මඟහැරී යාම නිසා අපේක්‍ෂා භංගවූ තරුණයන් දෙදෙනා එක්වරම වනය දෙසින් ඇසුනු මර ලතෝනියත් සමඟ තරමක් කලබලයට පත්විය.එම මරහඩ කාගේ විය හැකිද?ඉක්මන් ගමනින් වුවත් ඉතා ප්‍රවේශම් සහගතව තරුණයන් දෙදෙනා එම හඩ ඇසුණු දිශාවට ගමන් කලහ.

   වැඩි දුරක් යන්නට මත්තෙන් කැළයේ මැද මියගොස් සිටි මිනිසාව දැක ගන්නට තරුණයෝ දෙදෙනා සමත් වූහ.එම පුද්ගලයා මැණික උදුරාගෙන කැළයට දිවූ මිනිසා බවද හදුනා ගත්හ.තරුණයන් දෙදෙනා වඩාත් පුදුමයට පත්වූයේ පළිගුව මැරී සිටි මිනිසා අත තවමත් රැදී තිබිමය.සුපරික්‍ෂාකාරී ලෙස එදෙසට ලංවී පළිගු මැනික ලබා ගත් හසිත වහා එම ස්ථානයෙන් ඉවත් වී තම පියා වූ විමලසූරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය.

   "තාත්තේ අපිට මැණික හම්භ වුනා.ඒත් මෙතන පොඩි තේරුම් ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා.අපෙන් මැණික උදුරගෙන කැලෑව ඇතුලට දුවපු මනුස්සයා කැළෑව මැද මැණිකත් අතේ තියාගෙනම මැරිල හිටියා.අපිට හම්බවෙන කොටත් මිනිහ එතනම මැරිලා."

   "මට හිතෙන විදියට ඒ මිනිහ මැණික අරගෙන දිව්වේ නිධානය ගන්න හිතාගෙන.ඔය නිධානේට අද්භූත ආරක්‍ෂාවක් ලැබිල තියෙනවා.කාටවත් නිධානේ තමන්ගේ ප්‍රයෝජනයට ගන්න බැරි විදයට තමයි ඒකට ආරක්‍ෂාව සැලසිලා තියෙන්නේ.අපි නිධානෙ හොයන්නේ එහෙම අදහසකින් නොවන නිසා අපට ආරක්‍ෂාවක් ලැබෙනවා.එහෙනම් ඉක්මනට ඔය දෙන්න මැණිකත් අරගෙන අපි ඉන්න තැනට එන්න.ෆෝන් එකෙන් ඔයාලට අපි ඉන්න තැන හොයා ගන්න පුළුවන්නේ."

  "හරි අපි  මැණිකත් අරන් ඔයාල ඉන්න තැනට එන්නම්."

  තරුණයෝ දෙදෙනා ජංගම දුරකථනයෙන් පෙනන තමන් සිටින ස්ථානය දැන තම කණ්ඩායම රැදී සිටින සාථානය දෙසට ගමන් කලහ.

  තරුණයෝ දෙදෙනා පළගු මැනික රැගෙන ආපසු යන ආකාරය දෙස සෙබලුන් හතර දෙනා අසළ සිට බලා සිටියහ.වානක්‍ය ෂට් මිය ගියේ ඔවුන් විසින් එල්ල කල විදුලි ආලෝක ප්‍රහාරයෙනි.ඔවුන් හතර දෙනා තාරකා දොරටුව හරහා පැමිණි  ආරක්‍ෂක බලකායේ සෙබලුන් බව කිසිවකු දැන සිටියේ නැත.

------------------------------------------------------------------------------------------------------------

 දිනය - 1988 පෙබරවාරි මස දිනයකි.
 ස්ථානය - නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් තුඩුගල කන්ද මුදුන

  "මේ වැඩේ හරි යන මගුලක් නෙවෙයි බන්.දැන් අපි කොච්චර කාලයක් තිස්සේ මේකේ අකුරු  මාරු කරනවාද? මුන් මේකට අකුරු නැතිව ඉලක්කම් දාලා තිබුනනම් අපි මෙලහකට මේකේ දොර ඇරලා."

  ජයන්ත තරහෙන් මෙන් පවසමින් අක්‍ෂර 20කින් නිර්මිත වෘත්තාකාර අක්‍ෂර වලළු හතරෙන් පලමු වැන්නනේ අක්‍ෂරයක් වෘත්තයට ඉහළින් ගල් බිත්තියේ සලකුණුට එල්ල වනසේ අතින් කරකැව්වේය.

 "ජයන්ත කිව්ව විදියට මේකට හින්දු අරාබි ඉලක්කම් සංඛේත දාලා තිබුනනම් මේ ලොක් එක අරින්න අපිට එතරම් අමාරු වෙන්නේ නැහැ.එතකොට එක වෘත්තයකට වැටෙන්නේ ඉලක්කම් දහයයි(0,1,2,3,4,5,6,7,8,9).මෙම ඉලක්කම් 10 ඇසුරින් ස්ථාන හතරකට සංයෝජන ගනන 5040ක්( 10P4) නමුත් මෙහි යොදාගෙන ඇත්තේ ඉපැරණි හෙළ හෝඩියේ මූලික අක්‍ෂර 20යි.ඒ අනුව සංයෝජන 116280 (=20P4) ක් මේක ඉතා විශාල සංඛ්‍යාවක් අපි නිවැරදි මුර පදය නොදන්නා නිසා සමහර විට අපිට මෙම අවස්ථා සංඛ්‍යාවම හෝ ඊට අඩු ප්‍රමාණයකට උත්සාහ කිරීම් කරන්න වේවි.අපි ඇතුලත් කරපු සංඛේත යම් රටාවකට ඇතුලත් කිරීමත් ඒවා සටහන් කර ගැනීමත් එක් පසෙක සිට සංඛේත ඇතුලත් කිරීම නොකොට දෙපස සිට ඇතුලත් කරමින් ඉදිරියට යාමත් නිසා අපට ලොක් එම ඇරීමට ගතවන කාලය අඩු කර ගන්න පුළුවන්."

   "ඒක හරි ඒ වුනාට අපි හතර දෙනාට මේකට සංඛේත ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ උපරිම දවසට 100 ක් වගේනේ ඒ විදියට බැලුවහම අපිට මේකේ ලොක් එක අරින්න අවුරුදු හය හමාරක් විතර යනවනේ."
  "කතාව ඇත්ත ඒ වුනාට අපි දැනට මුර පද විශාල සංඛ්‍යාවක් ඇතුලත් කරලා ඉවරයි.සමහර විට අපි ඊලඟට ඇතුල් කරන මුරපදෙන් මේක ඇරෙන්නත් පුළුවන් සමහර විට ඒකට තව විශාල කාලයක් ගත වෙන්න පුළුවන්"  

     දින කිහිපයක් තිස්සේ වරින් වර තුඩුගල කන්ද නගින බහින තරුණ පිරිස පිළිබදව ගම්වැසියකු වූ සින්නතම්බි අවදානයෙන් සිටියේය.රටේ පැවතියේ භීෂණකාරී තත්ත්වයකි.සෑම දිනකම වාගේ රටේ සෑම තැනම තරුණයන් ඝාතනය විය.තුඩුගල කදු මුදුනට නිතර යන එන තරුණයන් කිසියම් ත්‍රස්ත කණ්ඩායමකට අයත් වූවන්ද?මොවුන් කදු මුදුනේ කරන්නේ කුමක්ද?සින්නතම්බිගේ සිතේ ගටළු රාශියක් මතු විය.අවසානයේ හේ තීරණයක් ගත්තේය.තරුණ පිරිස පිළිබදව අසළ පිහිටි හමුදා කදවුරේ නිලධාරීන්ට පැවසීමට ඔහු තීරණය කලේය.
                     
                                                      මතු සම්බන්ධයි.

1 comment:

මුතු said...

විශිෂ්ටයි අයියේ....!!!! දිගටම ලියන්න. කියවගෙන යන්න ආස හිතෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...