Saturday, July 28, 2012

2012 උසස් පෙළ විභාගයට පිටත් වීමට සුභ නැකැත්

    මෙවර අ.පො.ස. උ/පෙළ විභාගය 2012 අගෝස්තු 6 වැනි සදුදා දින ආරම්භවේ.පසුගිය වර විභාගයට පෙනී සිටි පාසැල් සිසු සිසුවියන් විභාගය ලියූ පසුත් මුහුණ දුන් අසීරුතා ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.අධ්‍යාපන පරිපාලකයන්ගේ ක්‍රියාවන් නිසා අපහසුතාවට පත් අසරණ සිසු සිසුවියන් හා දෙමාපියන්ගේ සාපයන් ලබා සිටින අධ්‍යාපන නිලධාරීන්ගෙන් කොටසක්  හා දේශපාලකයන් මෙවරද ඒ ආකරයෙන්ම කටයුතු භාරව සිටී.මෙවරවත් අංතට්ටු පැළැදි මිනිස් හරකුන් ලෙස කටයුතු නොකොට බුද්ධිමත්ව වැඩ කටයුතු කිරීමට පරිපාලන නිලධාරීන්ට හැකියාව ලැබේවායි පාර්ථනා කරමු.


     අ.පො.ස. උ/පෙළ විභාගය  පාසැල් දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය සුවිශේෂී සංධිස්ථානයකි.විශ්ව විද්‍යාල ප්‍රවේශය තීරණය වෙන මෙම විභාගය සමත්වී තමන්ගේ දරුවාත් උසස් අධ්‍යාපනයට යොමුවනු දැකීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි.දරුවන්ගේ අධ්‍යාපන හැකියාව උපතින් හා ඔවුන්ගේ කැපවීමෙන් පිහිටන දෙයකි.විභාගය ලියන සිසු සිසුවියන්ගේ උත්සාහයෙන් මිස යාග හෝම දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර මගින් පමනක් දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් දියුණු කිරීම විභාග සමත් වීම කළ නොහැකිය.නමුත් ඉතා හොදින් වෙහෙස මහන්සි වී විභාග සමත් වීමට තරම් හැකියාවන් ඇති දරුවන් පවා මෙම විභාගය අසමත් වන අවස්ථා එමට ඇත.
    විභාගය ආසන්නව තිබියදී ඇති වන අසනීප,තුවාල අනතුරු හා වෙනත් පවුලේ කරදර බාධක මෙන්ම විභාගය ලිවීමේදී අධික ලෙස බියට පත්වීම කළබල වීම නිසාත් හැකියාවන් ඇති දක්‍ෂ සිසු සිසුවියන්ට බලාපාරොත්තු වූ තරම් විභාග ප්‍රතිඵල නොලැබීම විභාග අසමත් වීම් වලට මුහුණ දීමට සිදුවේ.
    මේ අනුව බලන විට විභාගයක් සමත් වීමට හැකියාව මෙන්ම වාසනාව තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.කවුරුන් කෙසේ කීවත් විභාගයකට යාමට පෙර තමන්ගේ ආගමානුකුලව කටයුතු කර දෙමාපිය ආශීර්වාදය ලැබ සුභ නැකතකින් නිවසින් පිටත්ව යන දරුවන්ට අමතර ආරක්‍ෂා ප්‍රවේශමක් මානසික සුවයක් වාසනා බලයක් ලැබේ.විභාගය ලියන ප්‍රථම දිනයේදී විභාගය හොදින් කළහොත් ඉදිරි දිනවලදීත් සාර්ථකව විභාගයට මුහුණ දීමට සිසු දරුවන්ට ශක්තියක් ලැබේ.ඒ අරඹයා විභාගය ලියන දරුවන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ මුහුර්ත කීපයක් මෙම ලිපියෙන් දැක්වේ.
   නැකැත් ඉදිරිපත් කිරීමට පෙර විශේෂයෙන් දැක්විය යුතු කරුණු කාරණා කීපයක් පහත දැක්ව්.
   * විභාගයට පිටත්වීමට සුභ නැකැත් ගැනීමේදී විභාගය ආරම්භක දිනයේ පමනක් සුභ නැකතින් පිටත්වීම ප්‍රමාණවත්ය.  මෙහි නැකැත් දී ඇත්තේද එම ආකාරයටය.අනිත් දිනවලත් නැකැත් අනුව පිටත් වීම පහසුවෙන් කළ හැකි නම් තෝරා ගත්තාට කම් නැත.
   * විභාගයේ මුල් දිනය තමන්ගේ උපන් නැකතට සුභද අසුභද සෙවීමට උනන්දු නොවන්න.මෙම නැකැත් තෝරා ඇත්තේ සෑම දෙනාටම භාවිතා කළ හැකි සුභදායක අයුරිනි.
   * නිවසේ සිට විභාග ශාලාවට ඇති දුර අතර මඟ වාහන වලින් යාමේදී ඇතිවන ප්‍රමා වීම් මෙන්ම අනවශ්‍ය ලෙස වේලාසනින් පිටත් වීමද කරදර කාරී නිසා එම දෝෂ අවම වන අයුරින් නැකැත් තොරා ගැනීමට නැකැත් වේලා කිහිපයක් දී ඇත.නැකැත් වේලාවන් වේලාසන වැඩි අවස්ථාවලදී නැකත් වේලාවට නිවසින් එළියට බැස පසුව පිටත්වන්න
   * බොහෝ දෙනාට විභාගය ආරම්භ වන 6 වෙනිදා උදේ වරුවේ  විභාගය ලියන විට රාහු කාලය තිබීම සෑම සිසුවකුටම බලපායි.මෙය විභාග කාළ සටහණ සෑදූ අයගේ වරදකි.සෑම වසරකම සා.පෙළ  / උ.පෙළ සෑම විභාගයක්ම වාගේ සදුදා දිනයේ උදේ වරුව ආරම්භ කිරීම සිදු කිරීමෙන් ඔවුන් මෙය නැවත නැවත සිදු කරයි.
   * විභාගය සදහා පිටත්ව යාමේදී පෙරමඟ නිමිතිද වැදගත් වන නිසා තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් වැනි තමන්ගේ අධ්‍යාපන දියුණුවට සැබවින්ම සතුටු වන සුභ පතන අය පෙර මගට හමු වී යාම හොදයි. විභාගය ලියන ඔබගේ දෙමාපියන් ඔබගේ විභාග ජයග්‍රහණය දැකීමට මහත් බලාපොරොත්තුවෙන් සිටී.තමන්ට එය වැටහෙන්නේ විභාගයෙන් ජයක් හෝ පරාජයක් ලැබුණු විට දෙමාපියන් සතුටු වනු හෝ දුක් වන ආකාරය දුටු විටය.(ලේඛකය මෙම අවස්ථා දෙකටම මුහුණ දී ඇත)එබැවින් තමාගේ මව පියා වැනි වැඩිහිටියකු සමඟ ප්‍රථම දිනයේදී පිටත්ව යන්න.එහි වචනයෙන් කිව නොහැකි අමුතු බලයක් ඇත.
   * විභාගයට පිටත්ව යන පළමු දවසෙ ආගමික චාරිත්‍ර සිදු කොට දෙමාපිය වැඩිහිටියන් දෙපා වැද ආශීර්වාද ලබා පිටත් වන්න.


 දිනය                     සුභ වෙලාව(උදේ වරුව)    සුභ වෙලාව(හවස් වරුව)     සුභ දිශාව
2012/08/06 සදුදා     උදේ 6.31                            දවල් 11.8                       උතුර හෝ දකුණ
2012/08/07 කුජදා   උදේ 6.20 ,7.43                   දවල් 10.55                    නැගෙනහිර හෝ ඊශාන
2012/08/08 බුධදා      උදේ 6.11 ,6.20,7.31        දවල් 11.43                        උතුර හෝ නැගෙනහිර
2012/08/09 ගුරුදා      උදේ 6.12 ,6.21               දවල් 10.7, 10.20               උතුර හෝ නැගෙනහිර
2012/08/10 කිවිදා      උදේ 6.43,7.20                දවල් 10.7, 10.20               උතුර හෝ නැගෙනහිර

2 comments:

Anonymous said...

බා පිටත් වන්න.

දිනය සුභ වෙලාව(උදේ වරුව) සුභ වෙලාව(හවස් වරුව) සුභ දිශාව
2012/08/06 සදුදා උදේ 6.31 දවල් 11.8 උතුර හෝ දකුණ
2012/08/07 කුජදා උදේ 6.20 ,7.43 දවල් 10.55 නැගෙනහිර හෝ ඊශාන
2012/08/08 බුධදා උදේ 6.11 ,6.20,7.31 දවල් 11.43 උතුර හෝ නැගෙනහිර
2012/08/09 ගුරුදා උදේ 6.12 ,6.21 දවල් 10.7, 10.20 උතුර හෝ නැගෙනහිර
2012/08/10 කිවිදා උදේ 6.43,7.20 දවල් 10.7, 10.20 උතුර හෝ නැගෙනහිර
Related Posts :
[Get Related Posts Widget]
You might also lik

Anonymous said...

විභාගයට සුබ නැකතකින් පිටවීමෙන් අත්වන ප්‍රතිඵල මොනවාද යන්න කරුණාකර දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...