Saturday, December 19, 2009

නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි.

      නවීන විද්‍යා නියම අනුව සලකමින් ජ්‍යොතිෂය මිථ්‍යාවක් බව පෙන්වීමට වර්තමානයේ ඇතැම් අය උත්සා හ කලත් එම ක්‍රියාව තමන් විසින් තමාගේම කනට ගසා ගැනීමක් වැනිය.මන්දයත් ජ්‍යොතිෂයේ භාවිතය එහි පැරණි සිද්ධාන්ත විකාශනය වීම මෙන්ම පැරණි ජ්‍යොතිෂ ආචාරීන්ගේ ක්‍රියාකාරකම් සිදු නොවන්නට නවීන විද්‍යාවෙ බොහෝ කොටස්වල ඌනතා ඇති වීමට ඉඩ තිබුනි. නැතිනම් එම විද්‍යා නියමවල ස්වභාවය හා බිහිවීම ඊට හාත්පසින් නෙස් අයුරකින් සිදුවීමටද ඉඩ තිබුනි.
  
  මෙම ලිපියේ ප්‍රධාන අරමුණ ජ්‍යොතිෂයේ සත්‍ය අසත්‍ය බව පෙන්වා දීම නොවන බව අවධාරණය කරමි.එය තීරණය කල යුත්තේ ජ්‍යොතිෂය ජීවිකාව කරගත් අයවත් ජ්‍යොතිෂය අසත්‍ය බව පවසන උගතුන් ලෙස පෙනී සිටින අයවත් නොවන බව පමනක් දක්වමි.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.
     බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව යනු බටහිර රටවල් විසින් ලොවට දුන් දායාදයක් බවයි.එහෙත් නවීන විද්‍යාව  බිහිකිරීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය බඳින ලද්දේ බටහිර ජාතිකයන් නොව පෙරදිග ගණිත විද්‍යාඥයන් බව අමතක නොකල යුතුය.බටහිර චින්තනයට තදින් වහල්වී නවීන විද්‍යාවේ මහා බ්‍රහ්මයන් ලෙස බටහිරයන්ව සලකන අපේ අයට යම් වැටහීමක් හෝ ලබා දීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි.
     පුරාණ බැබිලෝනියානු හා ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් ගණන් කිරීමේ කටයුතු ආරමිභ කර ඇත්තේ අත්වල ඇගිලි උපයෝගී කර ගනිමිනි,ඔවුන්ගේ ගණිත සංඛේත  හා පද්ධති අතර වෙනස්කම් පැවතියත් එම සංකේත 1,5,10 වැනි සංඛයා මූලික කොට නිර්මානය වීම දෑතේ ඇඟිලි ඇසුරින් ගණන් කිරීමේ ආභාෂයෙන් ලැබූවක් විය හැකිය.රෝම ඉලක්කම් වල ස්වභාවය අනුව එම ඉලක්කම් වලටද අතේ ඇඟිලි සම්බන්ධවී ඇති බව පෙනේ.1,10,100 පාද අනුව ඊජිප්තු සංඛ්‍යා පද්ධතියත් හැටේ  පාදය අනුව බැබිලෝනියානු සංඛ්‍යා පද්ධතියත් මූලිකව නිර්මාණය වී තිබුණි. කල්ගතවීමේදී පයිතගරස් ප්‍රමෙයයෙන් බිහිවූ වර්ග සමීකරණ වල විසදුම් සෙවීමේදී පූර්ණ සංඛ්‍යා දෙකක් අතර ඇති දශම සංඛ්‍යා ,අපරිමිත සංඛ්‍යා ගැන අවබෝධයක් බැබිලෝනියානු ශිෂ්ටාචාර වැසියන්ට තිබූ නමුත් ඔවුන්ගේ සංඛ්‍යා පද්ධතියේ බින්දුව හෙවත් ශුන්‍යය සංකල්පය නොතිබූ නිසා එම ශිෂටාචාර බිඳ වැටී දොලොස්වන සියවස වනතුරුම වීජ ගණිතයේ සීඝ්‍ර වර්ධනයක් සිදු නොවුනි. 
     නමුත් 12 වන සියවසේදී බෑග්ඩෑග් නගරය මුල් කරගෙන අරාබි ජාතිකයන් විසින් පෙරදිග හා බටහිර අතර වෙලඳ කටයුතු දියුණු කිරීමේ අතුරු ඵලයක් ලෙස පෙරදිග ආගමික හා විද්‍යා දර්ශන බටහිර රටවලට සංක්‍රමනය විය.ඔවුන් විසින් ඉන්දීය හා වෙනත් පෙරඳිග ගණිතඥයන්ගේ පොත් රාශියක් පරිවර්ථනය කිරීම නවීන විද්‍යාවේ දියුණුවට මහඟු මෙහෙවරක් විය. ඒ අනුව යුරෝපයේ නියම ලෙස විද්‍යා පුනරුදය සිදුවූයේ 15 වන සියවසේ නොව පෙරදිග ගණිත විද්‍යා නියම සේද මාර්ගය ඔස්සේ යුරෝපයට සංක්‍රමණය වූ 12 වන සියවසේදීය.
        පෙරදිග දාර්ශනික මත හා විද්‍යාත්මක නියම යුරෝපයේ ප්‍රචලිත වීම මුල් කාලයේදී තරමක් ප්‍රමාද විය.මෙයට ප්‍රධාන හේතුවක් වූයේ ඒවා පැරණි බයිබලයේ සඳහන් කරුණු වලට පටහැනි වීමයි.පල්ලියෙන්ද බයිබලයට නොගැලපෙන මතවාද පලකල අයට එරෙහිව මරණ දඩුවම,ජීවිතාන්තය තෙක් සිර දඩුවම් වැනි දැඩි දඩුවම්එල්ල විය.ගැලීලියෝ,සීටෝ වැනි විද්‍යාඥයන් එලෙස පල්ලියේදඩුවම් වලට ලක් වූවන්ය.ලැවොයිසියර්ගේ මරණ දඩුවමටද පල්ලියේ සමිබන්ධයක් පැවතුනි.
          කෙසේ වුවත් 15 වන සියවසේ අගභාගය වනවිට යුරෝපයේ සිදුවූ විද්‍යා පුනරුදයත් සමග ඇතිවූ සමාජ විප්ලව නිසා පල්ලියේ හා රජුන්ගේ බලය බොහෝ දුරට බිඳ වැටුනි. අවසානයේදී බයිබලයේ සඳහන් වන කරුනු රාශියක් විද්‍යානුකුලව වැරදි බව සනාථ විය. මෙම සත්‍ය හමුවෙි බයිබලයද නව විද්‍යාවට අනුකුලව සංශෝධනය විය.පෘථිවිය වටා සූර්්‍යයාගේ චලිතය නොව සූර්යයා වටේ පෘථිවි චලිතය මෙලෙස සංශෝධනය වූවකි.ගැලීලියෝට තම දිවියේ අවසාන කොටස සිරමැදිරියක ගෙවීමට සිදුවූයේ මෙම සත්‍යය ලොවට හෙලි කිරීමට උත්සාහ කිරීම හේතුවෙනි. සත්‍ය වශයෙන්ම පෘථිවිය සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර මාර්ගයක චලනය වන බව බටහිර ජාතිකයන්ට කියා දුන්නේ පෙරදිග ජ්‍යොතිෂ ආචාරීන්ය.බටහිර තාරකා විද්‍යාඥයන් නවීන තාරකා විද්‍යා නියම බිහිකලේ පෙරදිගින්  දැනුම උකහාගෙනය.එම පැරණි තාරකා විද්‍යා නියම අමු අමුවෙි පෙරදිගින් බටහිරට උස්සාගෙන ගිය අවස්ථාද විය.එහෙත් ඒවා සඳහා නම් දා ගත්තේ බටහිර විද්‍යාඥයන්ය.
       වර්තමානයේ අන්තර්ජාලයෙන් ගණිතයේ විද්‍යාවෙි ඉතිහාසය හා විකාශනය ගැන කරුණු විමසන අයකුට ඉන් දර්ශනය වන්නේ බටහිර විද්‍යාඥයන් නවීන විද්‍යාව බිහි කල අන්දමයි.ඒවායේ පෙරදිග විද්‍යාඥයන් ගැන විස්තර ඇත්තේම නැති තරම්ය. එම විස්තර සකසා ඇති බටහිර ජාතිකයන් එය වුවමනාවෙන්ම  සිදු කර ඇත.තවත් වසර 100කින් 200කින් පසු 0,1,2,.. යන හින්දු අරාබි ඉලක්කම්වල හින්දු අරාබි වචනය ඉවත්වී ඒවා එංගලන්තයෙන් බිහිවූ ඉංග්‍රීසි ඉලක්කම් යැයි අන්තර්ජාලයේ හෝවෙනත් පොත්පත්වල සඳහන් විය හැකිය.එදාට අපේ රටෙ පමනක් නොව එම ඉලක්කම් බිහිවූ ඉන්දියාවේ ගුරුවරුන්ද පාසැල් ළමුන්ට එම ඉලක්කම් ඉංග්‍රීසි ඉලක්කම් ලෙස හදුන්වා දීම පුදුම විය යුතු කරුණක් නොවෙ.
            0,1,2,.. පෙරදිග ඉලක්කම් වලට අද අපි "හින්දු අරාබි ඉලක්කම්" යන වචනය භාවිතා කලත් ඒවායේ නිර්මාතෘවරු හින්දුන්ය."අරාබි" කොටස අරාබීන් ඒවා බටහිරට ප්‍රවාහනය කිරීමේ ගමන් ගාස්තුවයි.දැනට ඇති ලිඛිත සාක්ෂි අනුව පැරණි පෙරදිග ගණිත විද්‍යාඥයන් බොහෝ දෙනෙකු සේවය කලේ රාජකීය ගණිතඥයන් ලෙසයි.වරහමිහිර,ආර්්‍යභට්ට,භාස්කර්,පරාශර එම පිරිසෙන් කිහිප දෙනෙකි.(මොවුන් ජ්‍යොතිෂ ආචාරීන් මිස ගණිත විද්‍යාඥයන් ලෙස පිළිගැනීමට අකමැති අය පයි අගයේ සංඛ්‍යාත්මක අගය ගණනය,පෘථිවියේ විශ්කම්භය ෙසෙද්ධාන්තික ගනනය,වෘත්තයක පරිධිය,වර්ගඵලය (2පයිආර්,පයිආර්වර්ගය) සූත්‍රවල අයිතිය ඇති ගණිතඥයන් ගැන සොයා බලන්න.)
         පෙරදිග ගණිත ඉලක්කම් වල ආගමනයත් සමඟ එතෙක් නිසි සම්මතයක් නොමැතිව අවුල් වූ නූල් බෝලයක් මෙන් අක්‍රමවත්ව වල්බිහිවී තිබූ බටහිර ගණිතය නවීන විද්‍යාව බිහිවීමට සුදුසු මාර්ගයට පිවිසුනි.පෙරදිග ගණිත ඉලක්කම් නොලැබුනි නම් ආලෝක වර්ෂයක දිග ප්‍රමානය ඉලක්කමෙන් කොලයක ලියා ගත නොහැකිව බටහිර රටවල් ලොකු අමාරුවක වැටෙනු නිසැකය.පෙරදිග ඉලක්කම් සමඟ පැමිණි ශුන්‍යය හෙවත් බින්දුව පෙරදිගින් බටහිරට නොලැබෙන්නට අද නවීන විද්‍යාව කියා දෙයක් නොතිබෙන්නටත් ඉඩ තිබුනි.(යම් අයකු මෙය පිළිගැනීමට අකමැතිනම් රෙනේ ඩෙිකාර්ට්ස් විසින් ශුන්‍යය පාදක වූ ඛංඩාංක අක්‍ෂය හරහා ඛණ්ඩාංක ජ්‍යාමිතිය බිහි කල අයුරුත් එම ඛණ්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් අයිසැක් නිවිටන් කලනයේ හා අනුකලනයේ ජ්‍යාමිතික විවරණය සිදුකල අයුරුත් විල්හෙල්ම් ලයිබිනීට්ස් ශුන්‍යය ආධාරයෙන් වෘද්ධිය,සීමාව හරහා කලනය හා අනුකලනයේ වීජ ගණිතමය විවරණය කල අයුරුත්,පරිඝනකය පාදක වන 0,1 තාර්කිකය ගැනත් සොයා බලන්න.සිතා බලන්න. )
     පෙරදිගින් ලැබුනු ගණිත ඉලක්කම් හා වෙනත් පෙරදිග විද්‍යා නියම ජ්‍යොතිෂ ආචාරීන්ගේ  ලිපි ලේඛනවල  දැක්වුණු කරුණු යොදාගෙන හා සොරාගෙන බටහිර ජාතිකයන් නවීන විද්‍යාවේ ක්‍ෂෙත්‍ර කිහිපයක්ම ගොඩ නැංවූ අයුරු පිළිබඳව රසවත් විස්තරයක් වෙනමම සටහනකින් ඉදිරියේදී කියවමු.   
      
  

3 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.
බිඟූ said...

ඇනීට මල පැනලා වගෙයි..
හා හා...

Anonymous said...

avurudu dahas gananak pavathina sanskruthiyakata boruvak prodavak kiyala kiyanna..me eeye pereida ipaduna evunta aithiyak na...jothishya pahala vuna mul kale indalama , ekata banina evun inna athi one tharam ,habai bana bana indala un marila giya misak jothishyata nam haniyak une na...eka thamath yahathin thiyanava.....

Related Posts Plugin for WordPress, Blogger...