Tuesday, October 12, 2010

පිටරට උපන් දරුවෙකුට මෙරට වේලාවට කේන්ද්‍රය සෑදීම වැරදියි.

විදෙස් රටක උපන් දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය සෑදීමේදී ලංකාවේ බොහෝ දෛවඥයන් විසින් අනුගමණය කරන්නේ දරුවා උපන්රටේ හා ලංකාවේ වේලාවන් අතර වෙනස සොයා දැනගෙන එම වේලාව අඩු වැඩි කොට ශ්‍රී ලංකාවේ වේලාවට හරවා ලංකාවේ භාවිතා කරන පඤචාංග ලිතක් ඇසුරින් ජන්ම කේන්ද්‍රය සෑදීමයි. බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ මෙම ක්‍රමය නිවැරදි බවයි. නමුත් මෙය ඉතා වැරදි ක්‍රමයක් බව අවධාරණය කළ යුතුය.පහත දැක්වෙන කෙටි හැදින්වීම මගින් ඕනෑම අයකුට මෙහි ඇති බරපතල වැරද්ද අවබෝධ කර ගත හැකියි.
      
යම් කෙනෙකුගේ උපන් ලග්නය ලෙස ඔහු උපන්මෙහොතේ එම ස්ථානයට අනුරූපව නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවෙමින් පවතින ලග්න දොලහට අයත් තරු රාශිය ලෙස සරලව හැදින්විය හැකියි.මෙම මූලික සිද්ධාන්තයේ සිටිමින් එංගලන්තයේ ලන්ඩන් නුවර එම රටේ වේලාවෙන් උදේ 6.00 ට දරුවෙකු උපන්නේ යැයිදඑදින එම මොහොතේ දරුවා උපන් ස්ථානයට මේෂ රාශිය උදා වූයේ යැයිද සිතන්න.ඒ අනුව දරුවාගේ උපන්ලග්නය මේෂ ලග්නයයි.රටවල් දෙකේ වේලා වෙනස අනුව දරුවා උපදින මොහොත වනවිට ලංකාවේ කොළඹ වේලාව දවල්11.21 පමනවේ. නමුත් එංගලන්තයේ දරුවා උපදින වේලාවට කොළඹින් මතුවන්නේ මේෂය නොව වෙනත් රාශියකි. රටවල්දෙකටම එකවර මේෂ රාශිය උදා වීමට නම් පෘථිවිය පැතලි විය යුතුය.(නමුත් පෘථිවිය ගෝලාකාර බව කුඩා පාසැල් සිසුවකු පවා දනී.) මෙම ක්‍රමය ප්‍රචලිත කල ජ්‍යොතිෂ වේදියාට හෝ වේදීන්ට අකමැත්තෙන් වුවද සාප කල යුතුය.
    ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකු විසින් වරින්වර මෙම ක්‍රමයේ ඇති වැරද්ද පුවත්පත් හා වෙනත් මාධ්‍ය හරහා පෙන්වා දුන්නද අපේ රටේ බොහෝ දෛවඥයන් පිටරට උපන් අයගේ කේන්ද්‍ර සාදන්නේ ඉහත දැක්වූ වැරදි ක්‍රමය මගිනි.ඔවුන් එසේ කරන්නේ හරි වැරදිකෙසේ වෙතත් මොන ක්‍රමයකින් හෝ කේන්ද්‍රයක් සාදා විදේශිකයන්ගෙන් හා පිටරට පදිංචි ධනවත් ශ්‍රී ලාංකිකයන්ගෙන් කෙසේහෝ මුදල් ලබා ගැනීමටදෝයි සැකයක් ඇතිවේ. ක්‍රමය වැරදි වුවත් වැඩේ පහසු නිසා වැරදි ක්‍රමයේම එල්ලී සිටී.නමුත් බොරු කේන්ද්‍ර සාදා පලාඵල කථනය කිරීම ශාස්ත්‍රීය අගෞරවයට හේතු වන බව ඔවුන් දැන ගත යුතුය.
   ඔබ පවුලේ හෝ හිතවතකුගේ ඥාතියකුගේ දරුවෙකු ඉපදී ඇත්තේ පිටරටක නම් එම දරුවාගේ ජන්ම පත්‍රය නිවැරදිව සාදා ඇත්දැයි සැකයක් ඔබටත් මතු විය හැකිය. එම දරුවාගේ ජන්ම කේන්ද්‍රය නිවැරදි දැයි පරීක්‍ෂා කර ගැනීමට යොදා ගත හැකි ඉතා සුදුසු ජ්‍යොතිෂ අඩවි දෙකක් (ගාස්තු රහිත) පහත දැක්වේ.
         
 http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
 http://www.vedicastrologer.org/jh/jh_full_install.zip
    

1 comment:

බිඟූ said...

http://www.vedicastrologer.org/jh/jh_full_install.zඉප්

මේක වැඩ නැනේ...
කමක් නැ.. ඉස්සරහටම යමි....

Related Posts Plugin for WordPress, Blogger...