පුර පසලොස්වක පොහොය දිනය බෞද්ධ අපිට ඉතා පූජනීය දිනයක් වන්නේ එම දිනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සමඟ තදින් බැදී ඇති දිනයක් වන බැවිනි.බුදුන් වහන්සේගේ දිවියේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇත්තේ පුර පසලොස්වක දිනවල නිසා බෞද්ධයන් එදින සුභ දිනයක් ලෙස සලකා සුභ කටයුතු සදහා යොදා ගැනීම බහුලව දක්නට ඇත.එම දිනය නිවාඩු දිනයක් වීම නිසා එම තත්ත්වය තවත් වැඩිවී ඇත.
නමුත් මෙහිදී ආගමික සිතුවිලි හා ජ්‍යොතිෂය පටලවා ගැනීමක් සිදුවී ඇති බව කිව යුතුය.ජ්‍යොතිෂය අනුව පුර පසලොස්වක දිනය ලෞකික සුභ කටයුතු සදහා සුදුසු නොවේ.එහෙත් පුර පසලොස්වක තිථිය යෝග්‍ය වන අවස්ථාද නැත්තේ නොවේ.පැවිදි කිරීමේ කටයුතු වලට පුණ්‍ය කටයුතු වලට පුර පසලොස්වක තිථිය සුදුසු බව පොත්පත් වල සදහන්වේ."මුහුර්ත චින්තාමාණික්‍යය" කෘතියේ දැක්වෙන
හත රේවතී පුසස්විද තුනතුරු රෙහෙ න
සිත පුනවස් මුව මා සා නුර සුව න
තිති එකලොස් පෑලවිය සය පසලොසින
පසඟද දවස් සඳ බුධ ගුරු කිවි පසි න
කවියේ තුන්වන පේළිය අනුව පසලොස්වක තිථිය වාහන සම්බන්ධ කටයුතු වලට සුභ බව දැක්වේ.එමෙන්ම පුර පසලොස්වක දිනක වුවත් පසලොස්වක තිථිය ලැබීමට පෙර හෝ පසු සුභ කටයුතු යොදා ගැනීමේ වරදක් නැත.එසේවුවත් දසමහ දෝශයක් වන මර දෝෂය යෙදෙන නිසා පුර පසලොස්වක තිථිය යෙදෙන සෙනසුරාදා දින කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු බව පුරාණ මතයයි.
ජ්‍යොතිෂයේදී ග්‍රහලොව මව් ලෙස සළකන සදු අන් ග්‍රහයන් සමඟ සසදන විට ඉතා ඉක්මනින් වෙනස්වේ.ස්ත්‍රී ග්‍රහයකු ලෙස දැක්වෙන සදු පුර පක්‍ෂයේදී සුභයකු ලෙසත් අව පක්‍ෂයේදී පාපියකු ලෙසත් සැලකේ.පුරපසලොස්වක ආසන්න දිනවල ජීවී පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැඩිවීමක් ඇති බව ජීව විද්‍යාත්මකව ඔප්පුවී ඇත. සතුන්(මිනිසාද ඇතුළුව) හා ශාකවල විශේෂයෙන් මෙම ලක්‍ෂණය දැකිය හැක.පුර සදුගේ දිනවල ආර්ද්‍රතාව(තෙතමනය) වැඩිනිසා දිලීර පුස් වැඩීම හොදින් සිදුවේ.එවැනි කාලවල ගොයම් කැපීම,අතු සෙවිළි කිරීම ආදිය සිදුනොකරන්නේ එබැවිනි.ඇදුම,කිරිගඩු,උන රෝගීන්ට පුරසද කාලය අගුණ වුවත් පිත් රෝගීන්ට පුර සදු කාලයේ සහනයක් ලැබේ.පුරසදු කාල වලදී ජීවීන් වඩාත් ක්‍රියාශ්‍රීලී බවත් ඒ නිසාම එවැනි දිනවල ඔවුන් කලබලකාරීවන බවටත් මතයක් ඇත.උමතු අයගේ උමතුභාවයද පුර පසලොස්වක දිනවල වැඩිවන බවටද සාක්‍ෂි ඇත.මිනිසුන් අතර ප්‍රචලිත "පිස්සු හැදෙන සද" වැනි වදන් බිහිවීමටද මෙම කරුණ බලපා ඇත.
පුර පසලොස්වක පොහොය දිනය සුභ කටයුතු සදහා සුදුසුලෙස බෞද්ධයන් සිතීම සාධාරණය මන්ද තිලෝගුරු බුදුරදුන් පවා පුර පසලොස්වක තිථිය තම දිවියේ විශේෂ කටයුතු සදහා යොදා ගත්තේ නම් පෘථග්ජනයන් වන අපට එදින අසුභ වන්නේ කෙසේදැයි ගැටළුවක් පැන නගින බැවිනි.නමුත් මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ බුද්ධ චරිතයේ පවා එදින සිදුවී ඇත්තේ ලෞකික සුභ කටයුතු වලට වඩා ලෝකෝත්තර කටයුතු බවයි.එනම් බුද්ධ චරිතයේ ඉපදීම,අභිණිෂ්ක්‍රමනය, බුදුවීම,පලමු ධර්ම දේශණය,පිරිනිවීම වැනි දෑ මිස නම් තැබීම,අකුරු කියවීම,විවාහය වැනි කටයුතු සදහා පුර පසලොස්වක දින යෙදුන බව සදහන් වී නැත.
1 comment:
niyamay
Post a Comment