Wednesday, December 15, 2010

දෙසැම්බර් 21 දින චන්ද්‍ර ග්‍රහනයක්!



 2010 වසරේ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍ර ග්‍රහනය 2010.12.21 දින මිථුන රාශිය තුල සිදුවේ.මෙම චන්ද්‍ර ග්‍රහනය පිළිබදව ලෝකායත ජ්‍යොතිෂය ඇසුරින් විමසා බැලීමක් සිදු කිරීමට සිත් විය.ප්‍රථමයෙන්ම චන්ද්‍ර ග්‍රහනය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්ත විවරණය සලකා බලමු.

    චන්ද්‍ර ග්‍රහනයක් සිදුවන්නේ සූරයයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය හරි කෙලින් පැමිණ පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටී (පෘථිවි සෙවනැල්ලෙන් සදු ආවරණය වීම.)සදු නොපෙනී යාමයි.මෙහිදී සදු සූර්යයාට දුරස්ථව හරි කෙලින් සිටින බැවින් පුර පසලොස්වක දිනයයි.පෘථිවියේ සෙවනැල්ල සම්පූර්ණයෙන්ම සදු මතට වැටෙන විට පූර්ණ වශයෙනුත් සුළු වශයෙන් වැටෙන විට අර්ධ වශයෙනුත් ග්‍රහනය සිදුවේ.සදු රාහු ඇල්ලීම යනුවෙන් ජනවහරේ භාවිතා වන්නේ මෙම සංසද්ධියයි.(රූපය ක්ලික් කර බලන්න.)
                              
     2010 දෙසැම්බර් 21 දින පෘථිවියට සාපේක්‍ෂව බලන කල රවි ග්‍රහයා ධනු රාශියේත් රවි සිටින දිශාවෙන් අනිත් පැත්තේ සරල රේඛාවක(අංශක 180) පිහිටන අයුරින් මිථුන රාශිය හා මුවසිරස නැකත එල්ලේ පිහිටයි.ග්‍රහනය සිදුවන කාල සීමාව තුල ශ්‍රී ලංකාවට දිවා කාලය නිසා මෙම පූර්ණ සූර්‍රය ග්‍රහනය අප රටට නොපෙනේ.
    ග්‍රහන ආරම්භය        හවස 1.10
    ග්‍රහන මධ්‍යය           හවස 1.47
    ග්‍රහන අවසානය       හවස 2.24
    ග්‍රහනය සිදුවන රාශිය  - මිථුන
    ග්‍රහනය සිදුවන නැකැත   -මුවසිරස නැකත ,4 පාදය


 මීට අමතරව ග්‍රහනය පිලිබද ලෝකායත අනාවැකි පළකිරීමට භාවිතා කෙරෙන පුර පසලොස්වක පොහොය ලබනා මොහොතේ තත්කාල කේන්ද්‍රයත්(තත්කාල කේන්ද්‍රය යනු අදාල මොහොතේ ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවන ලග්න දොලහට අයත් තරු රාශිය හා ඊට අදාල ග්‍රහ පිහිටීමයි.චන්ද්‍ර ග්‍රහන අනාවැකි පළකිරීමේදී තත්කාල කේන්ද්‍රය ලෙස භාවිතා කරන්නේ ග්‍රහනය සිදුවන මොහොතේ නොව පුර පසලොස්වක තිථිය ලබනා මොහොතට අදාල තත්කාල කේන්ද්‍රයයි.) ග්‍රහනය සිදුවන මිථුන රාශියත් මුවසිරස නැකතත් ඒවාට අයත් ග්‍රහයන් වන බුධ හා කුජ ග්‍රහයන් ලෝකායත සිද්ධාන්ත වලට බැදී ඇති අයුරු දැක්වීමක් ආධුනික පාඨකයන් වෙනුවෙන් පහත දක්වා ඇත.
                                මෙතනින් බලන්න                       


  1) පසලොස්වක තිථිය ලබනා 2010 දෙසැම්බර් 20 සදුදා හවස 2.48 වේලාවට අනුරූප තත්කාල කේන්ද්‍රය( රූපය ක්ලික් කර බලන්න)
                              
  2)අනිකුත් විස්තර ඉහත දැක්වූ  ලින්කය හරහා බලන්න (මෙහිදී අපට අවැසි මේෂ,මිථුන,කුම්භ රාශිවලට අයත් රටවල් පිටු අංක 21,22 තුලිනුත් කුජ ,බුධ ආදි ග්‍රහ විස්තර පිටු අංක 3 න් බලාගත හැකිය.)


 චන්ද්‍ර ග්‍රහනයට තත්කාල ලග්නය වන්නේ විශ්ව මූල මේෂ රාශියයි.ග්‍රහනය එහි තෙවැන්න වූ මිථුන රාශිය තුල සිදුවේ.ලංකා කුම්භ කේන්ද්‍රය රාශිය සැලකූ විට ග්‍රහනය සිදුවන්නේ පස්වැන්න තුලයි.තත්කාල මේෂ රාශියේ ග්‍රහ පිහීටීම සහ ඉහත ලින්කයේ අප්ලෝඩ් කර ඇති ලේඛනයේ පිටු අංක 5 සිට 18 දක්වා විස්තර  බලමින් මා විසින් දක්වා ඇති ලෝකායත අනාවැකි විස්තරය විමසා බලන්න.වෙනත් සුභ අසුභ ග්‍රහයන් දෘෂ්ටි වැටෙන අයුරු දැන ගැනීමට පිටු අංක 1 සිට 5 දක්වා බලන්න.


   විශ්ව මේෂ තත්කාලයේ තුන්වැන්නේ ග්‍රහනය සිදුවන නිසා ලෝකයේ බොහෝ රටවල  ස්වභාවික විපත් අධික වනු ඇත.(භූමි කම්පා,ජල ගැලීම්,අධික වැසි,ගිණිකදු පිපිරීම්,ලැව්ගිනි ආදිය) යුධ,දේශපාලන,දේශසීමා,ත්‍රස්ත ගැටුම් වැඩිවේ.ලංකා කුම්භ කේන්ද්‍රයේ පස්වැන්න පීඩා කරමින් ග්‍රහනය සිදුවන නිසා හා බුධ දෘෂ්ටිය පහට වැටීම නිසා පාසැල්,විශ්ව විද්‍යාල වල ඇතිවන බලවත් අවුල් වියවුල් ගැටුම් වලට විසදුම් සෙවීමට පාලකයන්ට සිදුවේ.සිසු ගැටුම් පෙළපාලි වැඩිවිය හැකි අතර බුද්ධිමතුන්ද තරමක් ප්‍රචන්ඩ ආවේගී අවස්ථා ඇති කරයි.විදේශවල හා වෙනත් ජාතීන්ගේ චොදනා ගැරහුම් අප රටට එල්ල විය හැකි අතර රට තුලින්ම දේශද්‍රෝහීන් ක්‍රියාත්මකවේ.ජනයාද මුදල් ලාභ ප්‍රයෝජන ගැනම සිතමින් කටයුතු කරන අතර දේශපාලකයන් අතර මෙම තත්ත්වය වැඩිවේ.2010 වසරේ සිදුවන මෙම අවසන් චන්ද්‍ර ග්‍රහනය අපට නොපෙනුනත් එයින් ඇතිවන අසුභ බලපෑම අපේ රටට මෙන්ම ලෝකයටම මාස කීපයක් පුරාම බල පැවතිය හැකිය.

1 comment:

jhothishalanka said...

අනේ සමාවෙන්න ඕන document 1 upload කරන කොට පොඩි අතපසුවීමක් වුනා.දැන් ඒක හරි මුලින්ම බලපු අයට තමයි අපහසුතාව

Related Posts Plugin for WordPress, Blogger...