Tuesday, December 28, 2010

විවාහය සිදුවන කාලය ගැන කියවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත

 විවාහය සිදුවන කාලය ගැන කියවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත

    *බ්‍රහස්පති(ගුරු) ග්‍රහයා ගෝචර ගමනින් 3,7,11 ස්ථාන වල ගමන් කරන කාලයේ විවාහය සිදුවීමට තරම් බලවත් මංගල යෝග උදාවේ.
    * රාහුගේ මහදශා අතුරු කාල වල විවාහය යෙදීමට වැඩි නැඹුරුතාවක් ඇත. 
    * හත අධිපතියාගේ මහදශා අතුරු දශා කාල වලදීද මංගල යෝග උදාව බලවත්වේ.
    * හත අධිපති ග්‍රහයා හතේම ගෝචර කාලයේදීද යෝග උදාව බලවත්වේ.
    * ලග්නාධිපති ග්‍රහයා හතේත් හත අධිපති ලග්නයේත් ගමන් කරන කාලය


මීට අමතර වශයෙන් මංගල යෝග උදාවීම පිළිබදව බැදී ඇති ජ්‍යොතිෂමය සිද්ධාන්ත  තව දුරටත් ඇත. ඉහත දැක්වූයේ ප්‍රධාන වශයෙන් දක්වා ඇති සිද්ධාන්ත කීපයකි.   


    *බ්‍රහස්පති(ගුරු) ග්‍රහයා ගෝචර ගමනින් 3,7,11 ස්ථාන වල ගමන් කරන කාලයේ විවාහය සිදුවීමට තරම් බලවත් මංගල යෝග උදාවේ.
       ජ්‍යොතිෂයේදී විවාහ ස්ථානය ලෙස සලකන්නේ හත්වැන්නයි.බ්‍රහස්පති ග්‍රහයා හත්වැන්නේ ගමන් කරන විට හා බ්‍රහස්පතිගේ දෘෂ්ථිය හත්වැන්නට වැටෙන විට යහපත් මංගල යෝග හොදින් උදාවන බව සදහන්ය.බ්‍රහස්පති ග්‍රහයාට තමන් සිටින රාශියේ සිට පස්වන හා නවවන ස්ථාන පෙනෙන නිසා හතට දෘෂ්ථි වන්නේ 3,11 ගමන් කරන විටය.බ්‍රහස්පති 3,7,11 ස්ථාන වල ගමන් කිරීම විවාහය සිදුවීමට බලපාන බව දක්වා ඇත්තේ එබැවිනි.
        මේ දිනවල බ්‍රහස්පති(ගුරු) මින රාශියේ ගමන්කරයි(2011.05.08 දක්වා) ඒ අනුව විවාහයට සුදුසු වයසේ සිටින කන්‍යා,මකර,වෘෂභ ලග්න හිමියන්ට 2011.05.08 දක්වා මංගල යෝග උදාවේ.උපතේ ග්‍රහ පිහිටීම් අනුව මෙම තත්තවය අඩු වැඩිවේ.


     * රාහුගේ මහදශා අතුරු කාල වල විවාහය යෙදීමට වැඩි නැඹුරුතාවක් ඇත.
           මෙම සිද්ධාන්තය පැරණි පොත් පත් වල විශේෂයෙන් දක්වා නැතත් ජ්‍යොතිෂ පර්යේෂණ මගින් එය සනාථ වී ඇති බවට දක්වා ඇත.(ලේඛකයා මෙවැනි පර්යේෂණ වලින් එලඹෙන නිගමන වලට පෞද්ගලික වශයෙන් විරුද්ධය.වරහමිහිර ආදී ආදී පැරණි පඩිවරු ජ්‍යොතිෂ සිද්ධාන්ත සකසා ඇත්තේ සම්භාවිතා පරීක්‍ෂණ වලට වඩා පුළුල් ක්‍රමයකටය)අතුල මංචනායක මහතාගේ "ජ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත" කෘතියේ 20-21 පිටුවල මෙම පර්යේෂණය ගැන දක්වා ඇති අතර එහිදී දක්වා ඇත්තේද එය නියමයක් ලෙස භාවිතා කිරීමට පෙර අත්දැකීම් අනුව සලකන ලෙසය.රූපය ක්ලික් කර බලන්න.(එම කෘතියේ පිටු දෙකක් දැක්වීම වුවද බුද්ධිමය නීති යටතේ වරදකි.බ්ලොග් කියවන පාඨකයන් වෙනුවෙන්ම සිදුකළ එම වරදට එම පොතේ කතුවරයා හා ප්‍රකාශකගෙන් සමාව අයදිමි.)
                          
      * හත අධිපතියාගේ මහදශා අතුරු දශා කාල වලදීද මංගල යෝග උදාව බලවත්වේ.
           මෙම සිද්ධාන්තය මෙසේ කෙටියෙන් දක්වා ෂේප් වුවහොත් මෙම බ්ලොගය කියවන අයෙකු ආයේ මේක පැත්ත පළාතේ එන එකක් නැහැ." මහ ලොකුවට ටයිටල් එකට පහලින් "ජ්‍යොතිෂය පිළිබද වැටහීමක් ඇති හා නැති " කියලා ලියල තිබුනට ඇතුලෙ ලියලා තියෙන දේවල් තේරුම් ගන්න තවත් ජ්‍යොතිෂ පන්තියකට යන්න වෙයි වගේ". අන්න එහෙම හිතෙන අයට තම තමන්ගේ (හෝ අනිත් අයගේ) හත අධිපති ග්‍රහයා කවුද කියලා දැනගන්න පහතින් පුළුවන්.ලග්නය අනුව
         මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ගේ හත අධිපති ග්‍රහයා  - සිකුරු(කිවි)(කාල සීමාව අවු 20)
         වෘෂභ හා තුලා ලග්න හිමියන්ට      - අඟහරු(කුජ) (අවු 7)
         මිථුන හා කන්‍යා ලග්න       -බ්‍රහස්පති(ගුරු) (අවු 16)
         ධනු හා මීන ලග්න     -බුධ (අවු 17)
         කටක හා සිංහ  - සෙනසුරු(ශනි) (අවු 19)
         කුම්භ ලග්නයට  -රවි(ඉරු) (අවු 6)
         මකර ලග්නයට -චන්ද්‍රයා(සදු) (අවු 10)
   මෙම ග්‍රහයන්ගෙන් හත්වැන්නට උපතේදී ඇතිවූ බලපෑම අනුව යෝග උදාවීමද වෙනස්වේ.


     * හත අධිපති ග්‍රහයා හතේම ගෝචර කාලයේදීද යෝග උදාව බලවත්වේ.
             ලග්න වල හත අධිපති ග්‍රහයන් ඉහත දක්වන ලදී.මෙම ග්‍රහයන් එක් රාශියක ගමන් කරන කාලය එකිනෙකට වෙනස්ය.එම කාලයන් දළ වශයෙන් පහත දැක්වේ.
       සදු - දින 2
       බුධ -දින 20
       රවි -මාසයයි
       කුජ,සිකුරු -මාස එක හාමාරයි.
       ගුරු -අවුරුද්දයි. 
       රාහු,කේතු -අවු එක හමාරයි (නමුත් රාහු කේතුට කිසිම රාශියක අධිපති කමක් නැත.)
       ශනි  -අවු දෙක හමාරයි.


      





         

22 comments:

dinesh said...

තේරෙනව හොරයි වාගෙ .........!! නිවාඩුව ආයෙත් කියවන්න ඕනෙ.

Anonymous said...

hatha adipathi Kuja ,Senasuru nam Kuja ,senasuru papi grahyo bawin ema dasha mangala yoga uda karanawada?

jhothishalanka said...

@Anonymous
ශනි,කුජ වැනි ග්‍රහයෝ පාප ග්‍රහයෝ නිසා එම මහ දශා වල මංගල යෝග උදාවට බාධා මතුවෙනවා තමයි.ඒ වුනාට පාප ග්‍රහයෙක්ගෙ මහ දශාවක් තිබුනට විවාහය ප්‍රමාද වීම සෑම විටම සිදුවෙන්නේ නැහැ.රාහු උනත් පාප ග්‍රහයෙක්නේ.ඒ වුනාට රාහු දශාවල විවාහ යෝග වැඩියෙන් යෙදෙනවා.පාපයෙක් උනත් හත අධිපති ග්‍රහයාගේ මහ දශාව විවාහ යෝග වලට හොදයි. උපන් කේන්ද්‍රයේ විස්තර නැතිව උත්තර දෙන්න අමාරුයි.ඇනෝ කෙනෙක් වගේ ආවට මට අයි.පී එක පුරුදුයි වගේ.ඒකට කමක් නැහැ

Anonymous said...

උපතේ ග්‍රහ පිහිටීම් අනුව මෙම තත්තවය අඩු වැඩිවේ...
මෙම ග්‍රහයන්ගෙන් හත්වැන්නට උපතේදී ඇතිවූ බලපෑම අනුව යෝග උදාවීමද වෙනස්වේ....
මේ දේවලුත් විග්‍රහ කරානම් නේද ලිපියේ වටිනාකම වෑඩිවෙන්නෙ?

jhothishalanka said...

@ Anonymous ඒ වගේ දේවල් විස්තර කිරීම කෙටියෙන් කරන්න ටිකක් අමාරුයි.උපතේදී 7,8 ස්ථාන වල ග්‍රහ පිහිටීම් සුභ අසුභ ග්‍රහ දෘෂ්ථි එම ස්ථාන වලට බලපාන අන්දම ගැන සලකළ බලන්න ඕන කියන එක තමයි එතෙන්දි කිව්වේ.කොහොමත් ජ්‍යොතිෂය ගැන වැටහීමක් ලබා දීම හරි අමාරු දෙයක්.ඉදිරියේදී ඒ ගැන තවදුරටත් සලකා බලන්න බලාපොරොත්තු වෙනවා.ආවාට ස්තූතියි

Anonymous said...

පාටකයන්ගේ දෘශ්ටි කෝනෙන් බලලා බ්ලොග් එක ලියන්න.මාත් අතුලුව මේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක් අඩු ජෝතිශ දෑනුම ඈති අය.අපි එන්නේ අපි ලග නෑති දේ ඔබෙන් බලාපොරොත්තුවෙන්.මිනිස්සුන්ගෙ ජ්යොතිශ දනුම වෑඩිවෙන්න වෑඩිවෙන්න මිනිස්සු ජ්යොතිර්විද්යාව විස්වාස කරනව.ඒක නිසා දනුම බෙදා හදා ගන්න.Thanks.
ආපහු එනවා.
මීට ඈනා.

Buddhika Krishanha said...

බූම දොසයක් කියන්නෙ මොකක්ද???
ඒවට පිලියම් නැද්ද???

jhothishalanka said...

@Buddhika Krishanha භෞම දෝෂ යනු අගහරු(කුජ) ග්‍රහයා උපතේදී පිහිටීම නිසා ඇතිවන දෝෂයකි.කුජ දෝෂය,මංගල දෝෂය,අංගාර දෝෂය යනුවෙන් හැදින්වෙන්නේද මෙම භෞම දෝෂයමයි.කුජ ග්‍රහයා උපතේදී ලග්නයෙන්,සදුගෙන් හෝ සිකුරුගෙන් 1,2,4,7,8,12 ස්ථානයක පිහිටීම මෙම දෝෂය ලෙස හදුන්වා දී ඇති අතර ඒ අනුව බලන විට මෙම දෝෂය නැති කේන්ද්‍රයක් සොයා ගැනීමට නැති තරම්ය.පොරොන්දම් ගැලපීමේදී භෞම දෝෂ ඇති කේන්ද්‍රයට එම දෝෂය ඇති කේන්ද්‍ර ගැලපේ.භෞම දෝෂය නැති කේන්ද්‍ර වලට එම දෝෂය නැති කේන්ද්‍ර ගැලපිය යුතුය.භෞම දෝෂය කේන්ද්‍ර වල ග්‍රහ පිහිටීම අනුව භංග වී යන අවස්ථාද ඇත.ඒ ගැන දැක්වීම කමෙන්ටුවකින් කළ නොහැක.කුජ දෝෂය ජ්‍යොතිෂයේදී හැදින්වෙන්නේ විවාහ දෝෂයක් ලෙසය එවැනි දෝෂ පිළිවෙත් කිරීමෙන් සම්පූර්ණයෙන් මඟ හරවා ගත නොහැක.

Anonymous said...

ලග්නය මුල් කරගෙන අතිවන ග්‍රහ යෝග චන්ද්‍රය මුල් කරගෙන ඈතිවනවාද? මට හිතෙන විදිහට බොහෝ ජොතිර්වේදීන් ජනතාව ඈන්දවීමට මෙය පාවිච්චි කරනවා.එයට හේතුව පහත කරුනුය්.වෑරදිනම් මා නිවරදි කරන්න.

1)Original vedic astrology වලට අනුව පන්චමහා පුරුශ යෝගය පිහිටන්නේ ලග්නය මුල්කරගෙන.ඒත් බොහෝ ජොතිර්වෙදීන් චන්ද්‍රය මුල්කරගෙනත් පන්ච මහාපුරුශ යෝග පිහිටන බව කියනවා.
2)කේමදෘමා යෝගය ඈත්තටම නරක ග්‍රහ යෝගයක්ද?බොහෝදෙනාගේ කේද්‍රවල මෙමේ ග්‍රහ යෝගය පිහිටියත් කියන තරමේ නරක ප්‍රතිපල නෑහෑ.
3)රටේ ජනප්‍රිය දේශපාලකයකුගෙ කෑන්ඩ්‍රයෙ පිහිටා තිබෙන චන්ද්‍රයාගෙන් දහ වෑන්නේ රවි ශුක්‍ර බුද යෝගය රාජ යෝගයක්ද?

jhothishalanka said...

@Anonymous
1) ඔබ අසා ඇති ප්‍රශ්ණය බුද්ධි ඝෝචරයි.ජ්‍යොතිෂය ඉගෙන ගන්නා කාලයේදී මටත් ඔය ගැටළුව තදින් තිබූ දෙයක්.ලග්නයෙන් කේන්ද්‍ර ගතව ඇතිවන පංච මහා යෝග සදුගෙන් කේන්ද්‍ර ගතවත් ඇතිවන බව බොහෝ පොත්පත් වල ලියා තිබෙනවා.පැරණි ඉන්දියානු පොත්වල පංච මහා පුරුෂ යෝග දක්වා ඇත්තේ අදාල ග්‍රහයන් ලග්නයෙන් කේන්ද්‍ර ගත වන විට බවයි.සදුගේ කතාව ඈදී ඇත්තේ අපේ සිංහල පොත් පත්වලයි.
ආර්.එච්. විලියම් මහතාගේ "ජ්‍යොතිෂ අත්පොත" 58 පිටුවේ පංච මහාපුරුෂ යෝග ලග්නයෙන් මෙන්ම සදුගෙන් කේන්ද්‍ර ගත වන විටද ඇතිවන බව දක්වා ඇත.වෙනත් සිංහල පොත් බොහොමයක දක්වා ඇත්තේ ලග්නයෙන් කේන්ද්‍රගත වීමයි.(" 550 යෝග" පියසේන රතු විතාන)කොහොමද ඉතින් මම උත්තර දෙන්නේ.හැබැයි අපේ තාත්තාගෙන් මේ ගැන ඇහුවහම එයා කිව්වෙනම් ලග්නයෙන් මෙන්ම සදුගෙන් කේන්ද්‍ර ගතව කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි ග්‍රහයන් උච්ච හෝ කෙෂත්‍රව සිටින විට පංච මහා පුරුෂ යෝග යෙදෙන බවයි.
2)කේමධ්‍රැම යෝගය හැදෙන්නේ සදුගෙන් දෙපසම කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.මෙය නියම ලෙස යෙදෙන්නේ සදුගෙන් දෙපස අංශක 30 සම්බන්ධවයි.කේමධ්‍රැම යෝගය දුටු පමනින් කේන්ද්‍ර හිමියා "දිළින්දෙක්" යැයි කියන්න ගියොත් වැරදියි.යෝගය භංග කරන වෙනත් යෝග බලයයි කියන්න ඕන. නැත්නම් ඉතින් හොදට පල් වෙන්න තමයි වෙන්නේ(සමහර විට එවැනි අනාවැකි කියන කේන්ද්‍ර බලන්නන්ට ගුටි කන්නත් වෙන්න පුළුවන්.)යෝගයේ දෝෂ භංග වී තිබුනොත් ධනය ලැබෙනවා.
3) චන්ද්‍රයාගෙන් දසවැන්නේ රවි,බුධ,සිකුරු යෝග වීම රාජ යෝගයක් තමයි.හැබැයි ඔය රාජ යෝග ඔය විදියට ඵල දෙනවා නම් මේ රටේ කීදෙනෙක් රජ වෙලාද?

Anonymous said...

Is Kuja අගහරු(කුජ) placed on 12 considered as Dosha දෝෂ in a girls horoscope?? In Mithuna Lagna

jhothishalanka said...

@Anonymous
කේන්ද්‍රයක 12 ස්ථානයේ කුජ තැන්පත් වූ විට කුජ දෝෂය (භෞම දෝෂය)යෙදෙනවා.ඊට අමතරව කුජ දොලහේ සිටින විට කුජගේ දෘෂ්ථිය හතට වැටෙන නිසා එයද විවාහයට බලපාන දෝෂ තත්ත්වයකි.ස්ත්‍රී කේන්ද්‍රයක කුජ 12 පිහිටීම මෙවැනි දෝෂ මතු කලත් පුරුෂ කේන්ද්‍රයේද ඊට අනුරූප දෝෂ යෙදෙන විට දෝෂ භංගවී යහපත් වෙනවා.

Anonymous said...

රාහු 7 සිටිම විවාහයට කෙසෙ බලපෑමක් ඈති කරයිද?
රාහු මහා දසාවත් සමග ඉහත අවස්තාව කෙසේ බලපායිද?

jhothishalanka said...

@Anonymous
රාහු යනු පාපී ග්‍රහයකු නිසා රාහු 7 වැන්නේ සිටින කේන්ද්‍ර පාපී කේන්ද්‍ර ලෙස සැලකේ.කේන්ද්‍ර ගැලපීමේදී රාහු 7 සිටීමට ගැලපිය යුතුයි.ස්ත්‍රී කේන්ද්‍රයක රාහු 7 සිටින විට මෙම තත්ත්වය(පොරොන්දම් ගැලපීම) වැඩි වශයෙන් බලපායි.රාහු 7 සිටීම සරාගී යෝගයක් ලෙසද සැලකේ.
රාහු 7 සිටින අයට රාහු මහ දශාවේදී මංගල යෝග උදාවීම අනිත් අයට වඩා අඩු බවට ජ්‍යෙතිෂ ගුරුකුල මතයක් ඇත.

විචි said...

ෙදෙදෙනකුෙග් විවාහය සාර්ථක අසාර්ථක භාවය ෙපාෙරාන්දම් තුලින් දැනගැනීමට මට අවශ්‍යව අැත. එ් සදහා ඔබතුමාෙග් සහාය ලබාගත හැකිද? එ් ෙකෙස්ද?

jhothishalanka said...

@විචිම්
....මේ බ්ලොග් එකට කමෙන්ට් කරලා අහපු පුංචි පුංචි ප්‍රශ්ණ වලට මම උත්තර දීල තියෙනවා තමයි.නමුත් බ්ලොග් එක ලියන කොටම හිතට ගත්තා මේක ආදයම් මාර්ගයකට සම්බන්ධ නොකර ගැනීමට හා කෙටි පිළිතුරු දිය නොහැකි ගැටළු වලට ඒ ගැන දන්වා උත්තර නොදී සිටීමට ඔබගේ ඉල්ලීම කෙටි පිළිතුරකින් කල නොහැකියි ඔබ පලාතේ සිටින දක්‍ෂ දෛවඥයකු හමුවන්න.

nuwan said...

කුජ 7 ඉන්න අයට විවහ හරියනව අඩුයි කියන්නෙ ඇත්තද? කුජ 7 ඉන්න මකර ලග්නෙ කෙනෙක්ට හරියන්නෙ මොනවගෙ ලග්නෙක කෙනෙක්ද? එයාගෙ 7 කුමක් තිබිය යුතුද?

jhothishalanka said...

@nuwan
කුජ හතේ සිටින මකර ලග්න හිමියාගේ කුජ නීචවී සිටින නිසා කුජ 7 වැන්නේම හෝ ඊට සෑහෙන පාපාංශක ඇති (මෙම පාපාංශක යෙදීම ගැන කෙටියෙන් දැක්වීම අසීරුය.) කේන්ද්‍රයක් ගැලපිය යුතුයි.සුදුසු ලග්නය මෙයයැයි විශේෂයෙන් දැක්විය නොහැකියි අදාළ ග්‍රහ පිහිටීම් සහිතව ඇති නම් කුමන ලග්නයක් වුවත් හොදයි.කුජ හතේ සිටීම විවාහයට බාධක පිහිටීමක් ලෙස ජ්‍යොතිෂයේදී සාමාන්‍යයෙන් සැලකුවත් මෙම තත්ත්වය ග්‍රහ පිහිටීම් අනුව අඩු වැඩි වෙනවා.කුජ හතේ සිටින ස්ත්‍රී මකර ලග්න හිමියාට මෙය වැඩිපුර බලපායි.

Anonymous said...

RaJitha

Kenekuge kendaraya pihitana akarayen ohu/aya wiwahawana kena gana gathi guna gana niwaradiwa prkasha kala hakida? ekama nakathen upan aya wiwahaweema onama kendrayakata subada?porondam balima anawashyada? isthuthi..

RANDEW GURUKULAYA said...

හත අධිපතියා වැසවුන
නවඅංසෙට තිෙකාණ වෙමින
සුරගුරු අා කලට නදන
සතට විවා සැප ගෙන එන

Anonymous said...

RaJitha

Mage prashnayata thama utharrayak naa..

Kenekuge kendaraya pihitana akarayen ohu/aya wiwahawana kena gana gathi guna gana niwaradiwa prkasha kala hakida? ekama nakathen upan aya wiwahaweema onama kendrayakata subada?porondam balima anawashyada? isthuthi..

jhothishalanka said...

යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත අධිපති පිහිටීම ස්වභාවය අනුව විවාහයට ලැබෙන කෙනාගේ විස්තර යම්තාක් මට්ටමකට පැවසිය හැකියි.(දක්‍ෂ දෛවඥයකුට ඉතාම නිවැරදිව පැවසිය හැකියි.)පහත ලිපියෙන් දැක්වෙන්නේ හත අධධිපති පිහිටීම සලකා විවාහ සහකරුගේ ස්වභාවය ගැන දැක්වෙන සටහනක්.
http://lankajhothisha.blogspot.com/2011/12/blog-post_30.html
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම නැකත වන විට 20 පොරොන්දම් පරීක්‍ෂාවෙන් බැහැර විශේෂ ක්‍රමයකට පොරොන්දම් බැලිය යුතුය.නමුත් එකම නැකත වූ පමනින්ම විවාහයට සුභ ලෙස සලකන්නේ නැහැ.නැකතේ ස්වභාවය නැකැත් පාදය මෙන්ම ග්‍රහ රාශි රාශ්‍යාධිපති ආදී උපන් නැකතට පමනක් සීමා නොවන අනිවාර්්‍ය පොරොන්දම් වල ගැලපීම ගැනත් සලකා බැලිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...