Saturday, January 22, 2011

පක්‍ෂියා රජ වෙලාද?

  
 ජ්‍යොතිෂයේදී පඤ්ච පක්‍ෂි ක්‍රමය භාවිතා කරන අවස්ථා

     * සුභ මුහුර්ත සෑදීමේදී(දරුවන්ගේ චාරිත්‍ර,විවාහ මංගල,සුභ ගමන් යාම,ගෘහ ආශ්‍රිත කටයුතු,නඩු හබ,ගොවිතැන් වෙළදාම් කිරීම,.....ආදිය)
     * ජන්ම කේන්ද්‍රයක් නැති අයට සුභ මුහුර්ත සාදා ගැනීමට
     * තත්කාළ ශාස්ත්‍ර කීමට (නැතිවූ බඩු හා ප්‍රානීන් ගැන,ජය පරාජය දැන ගැනීම,සිදුවීම් දැන ගැනීම,...ආදී)
     * මල්වර ඵල දැන ගැනීමට
     * සිහින පලාඵල විග්‍රහ කර ගැනීමට 
    


 පඤ්ච පක්‍ෂීන්
     * මයුර(මොණරා) 
     * කුක්කුට(කුකුළා)
     * කාක(කපුටා)
     * පිංගල(බකමූණා)
     * භේරුණ්ඩ(රාජාලියා)


  පඤ්ච පක්‍ෂීන්ගේ අවස්ථා පහ
     * රජ(ඉතා සුභයි.)
     * භෝජන(සුභයි)
     * ගමන(මධ්‍යස්ථ සුභයි.)
     * නිදි (ප්‍රතිඵල රහිතයි.අසුභයි)
     * මර (ඉතා අසුභයි)


 මෙම ශාස්ත්‍ර ක්‍රමයේදී තමාට හිමි පක්‍ෂියා සොයා ගන්නා ක්‍රම දෙකක් ලංකා පඤ්චාංග ලිතේ දක්වා ඇත.
      1)  තමන් උපන් නැකත හිමි පක්‍ෂියා තෝරා ගැනීම
      2) උපන් නැකත නොදන්නා අයට තමන් භාවිතා කරන නමේ මුල් ස්වරය අනුව පක්‍ෂියා තෝරා ගැනීම


 මෙම ක්‍රම දෙක අනුව පක්‍ෂියා තෝරා ගන්නා අයුරු විස්තර කිරීමට ප්‍රථමයෙන් කිව යුතු වැදගත් දෙයක් ඇත.එය මෙම ලිපියේ වැදගත්ම සංධිස්ථානයකි.කිව යුතුමය.
      * ඉහත ක්‍රම දෙක අනුව තමාට හිමි පක්‍ෂියා ලෙස උපන් නැකත නොදන්නා අයකුට නමේ ස්වරය අනුව එක් පක්‍ෂියකු හිමි වුවත් උපන් නැකත දන්නා අයකුට ක්‍රම දෙකම සලකා බැලූ විට පක්‍ෂීන් දෙදෙනෙකු ලැබෙන අවස්ථා වැඩිය.(ක්‍රම දෙකෙන්ම එකම පක්‍ෂියාද ලැබෙන අවස්ථාද ඇත)මෙලෙස ක්‍රම දෙකෙන් එකම පුද්ගලයකුට පක්‍ෂීන් දෙදෙනෙකු ලැබීම පඤ්ච පක්‍ෂි ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී මතුවන ගැටළුවකි.යම් පුද්ගලයකුට නැකතට හිමි පක්‍ෂියා ලෙස එක් පක්‍ෂියකුත් නාම ස්වරයට හිමි පක්‍ෂියා වෙනකෙකුත් වන විට පක්‍ෂි අවස්ථා 5 (රජ,මර ආදී) තේරීම මහා විකාරයක් බවට පත්වේ.
      ඇත්ත වශයෙන්ම පැරණි ඉන්දීය පොත්වල පඤ්ච පක්‍ෂි ක්‍රමය චූල නක්‍ෂත්‍රයට අයත් ක්‍රමයක් එනම් ජන්ම කේන්ද්‍රය,පඤචාංග සුභ වීම ,සුභ දිනය  හෝ සුභ හෝරාව ආදිය නොසලකා ක්‍ෂණිකව නැකැත් සුද්ධ කිරීමේ ක්‍රමයක් ලෙස තමයි දක්වා තියෙන්නේ.ඒ අනුව පඤ්ච පක්‍ෂි ක්‍රමයට අදාළ පක්‍ෂියා තේරිය යුතු නිවැරදිම ක්‍රමය නාම ස්වරය අනුව තේරීමයි.නාම ස්වරයට අනුව පක්‍ෂියා තේරීම සහ පඤ්ච පක්‍ෂින්ගේ අවස්ථා 5(රජ,මර,නිදි ආදී) තේරීමත් පඤ පක්‍ෂි නක්‍ෂත්‍ර කාල යෝග පහ යෙදෙන අයුරුත් ඉන්දීය පොත් පත්වල ඉතා පැහැදිළිව දක්වා ඇත.පඤ්ච පක්‍ෂි ක්‍රමයේදී පක්‍ෂීන්ට හිමි නැකැත් මිස නැකතට හිමි පක්‍ෂි සැලකීමක් දක්වා නැත.ලංකා පඤචාංග ලිත වරද්දා ඇත්තේ මෙතැනය.ඈපා පඤචාංග ලිතේ මෙය නිවැරදිව දක්වා ඇත.(මා කිසිදු පඤචාංග ලිතකට අයිති නැත.මෙය කිසිදු පඤචාංග ලිතකට කඩේ යෑමක්ද නොවේ.) ලංකා ලිත පසු කාලීනව තම වැරැද්ද හදුනාගෙන ඇතත් වැරැද්ද පිළිගැනීමට ඇති නොකැමැත්තටදෝ මෑත කලාප වල සිට තද කළු අකුරින් තම වගුව ඉන්දීය ක්‍රමයට සුළු වශයෙන් වෙනස් කතාවක් පවසා ඇඟ බේරාගෙන ඇත.(ලංකා හා ඈපා පඤචාංග ලිත් වල පඤච පක්‍ෂි ක්‍රමය දැක්වෙන වගු පහත දැක්වේ.ලින්ක්  ක්ලික් කරල බලන්න)නැකතට හිමි පක්‍ෂියා සලකන්නේ විවාහ පොරොන්දම් පරීක්‍ෂාව වැනි කටයුතු වලටය.ලංකා ලිත මෙය පඤ්ච පක්‍ෂි ක්‍රමය සමග පටලවා දක්වා ඇත.
                 ලංකා පඤ්චාංග ලිත 
                 ඈපා පඤ්චාංග ලිත 


 නාම ස්වරය අනුව පක්‍ෂියා තේරීම (ඉහත දැක්වූ ලංකා ලිතට අදාළ රූපයේ උදාහරණ මගින් දක්වා ඇත.)
     


 පුර පක්‍ෂයේ හා අව පක්‍ෂයේ දිනවල පඤ්ච පක්‍ෂි අවස්ථා(රජ,මර ආදී) සහ පුර අව දෙපක්‍ෂයේ මර පක්‍ෂි යෙදෙන අයුරු
(ඉහත දැක්වූ රූපවල දක්වා ඇත.ඈපා ලිතේ දක්වා ඇත්තේ හැට පැය සිංහල ක්‍රමයටයි.ලංකා ලිතේ ඉංග්‍රීසි ඔරලෝසු ක්‍රමයට දක්වා ඇත. )


උපන් නැකත නොදන්නා අය සදහා වූ පඤ්ච පක්‍ෂි නක්‍ෂත්‍ර කාල යෝග පහ  
                මෙතනින් බලන්න 


 විශේෂ -
      මෙම ලිපිය ලිවීමට විශේෂයෙන් අදහස් කළේ ඉපැරණි පඤ්ච පක්‍ෂි ක්‍රමය නිවැරදිව භාවිතා කරන අයුරු ජ්‍යොතිෂය කරන අයටත් පාඨක ඔබටත් වැටහීමක් ලබා දෙනු පිණිසය.මේ ලිපිය පිළිබද ඔබගේ අදහස් මා හට වැදගත්ය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...