Saturday, February 12, 2011

පෙබරවාරි 21 දා ග්‍රහ යුද්ධ තුනක්!රට තුල විපත් කරදර වැඩිවේ.

 පෙබරවාරි 21 දින ග්‍රහ යුද්ධ තුනකි.මෙම ග්‍රහ යුද්ධ ගැන විස්තර කිරීමට පෙර ග්‍රහ යුද්ධයක් යනු කුමක්දැයි පාඨකයන් දැනුවත් කළ යුතුය.(මෙය මීට පෙර අවස්ථාවක දක්වා ඇති නමුත් නැවත මතක් කිරීම හොදයැයි සිතුවෙමි.)

 *ග්‍රහයන් දෙදෙනෙකු එකම දේශාංශකය ඔස්සේ පිහිටන විට එම ග්‍රහයන් දෙදෙනා අතර ග්‍රහ යුද්ධයක් වේයැයි කියයි.අක්‍ෂාංශ අනුව බලන කල උතුරින්(ඉහලින්) සිටින ග්‍රහයාට ජයද දකුණින්(පහලින්) සිටින ග්‍රහයාට පරාජයද අත්වේ. 
  ඈපා පංඤ්චාංග ලිතේ දැක්වෙන පරිදි පෙබරවාරි 21 දින ප්‍රථම ග්‍රහ යුද්ධය ලෙස පාන්දර  4.15 ට බුධ හා කුජ යුධ වදින අතර ඉන් කුජ ජය ලබා බුධ පරදී එදිනම උදේ 6.38 ට දෙවන ග්‍රහ යුද්ධය ලෙස බුධ හා නෙප්චූන් යුධ වදින අතර නැප්චූන්ට ජය ලැබේ.එදිනම උදේ 9.48 ට නැවත කුජ නෙප්චූන් යුධ වදින අතර නෙප්චූන්ට ජය ලැබේ.(සාමාන්‍ය ජ්‍යොතිෂයේදී යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් ලෙස නොසැලකුවත් ලෝකායත ජ්‍යොතිෂයේදී එම ග්‍රහයන්ට සුවිශේෂී තැනක් හිමිවේ.)
    කුම්භ රාශිය තුල ආසන්න අංශක වල ගමන් කිරීම නිසා සිදුවන මෙම ග්‍රහ යුද්ධ පොකුරෙන් කුම්භ රාශිය පීඩාවීමක් සිදුවේ.(කුම්භ රාශිය ලෝකායතයේදී ලංකාව අයත් රාශිය ලෙස සැලකේ.)
    ග්‍රහ යුද්ධ තුනෙන් බුධ සම්බන්ධ වන යුද්ධ දෙකෙන්ම පරාජය අත්වන නිසා බුධට අයත් මිථුන කන්‍යා රාශි හිමි අයට හදිසි කරදර මතුවේ.විවාහ ගැටළු පෙම් සබදතා බිද වැටීම ඒ අතර ප්‍රධානවේ. බුධ අධ්‍යාපන කාරක ග්‍රහයා නිසා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට සම්බන්ධ අයට ,ලේඛකයන්ට විද්‍යාඥයන්ට උගතුන්ට අහිතකර අසුභ බලපෑම් ඇතිවේ.
  කුජ ග්‍රහයා මෙන්ම ලංකා කුම්භ කේන්ද්‍රයේ ලග්නයේ ගමන් කරන නෙප්චූන්ට තමා සම්බන්ධ වන යුද්ධ දෙකෙන්ම ජය අත්වීමද අසුභදායකය.කුම්භ රාශිය පීඩා කරමින් මෙම ග්‍රහ යුද්ධ සිදුවෙද්දී ග්‍රහ මණ්ඩලයේ අනිකුත් ප්‍රධාන ග්‍රහයකු වන ශනි 2011 ජුනි 13 දක්වා කන්‍යා රාශිය තුල දෙවන වරටත් වක්‍ර වීමත් කුජගේ දෘෂ්ටිය වක්‍ර ශනිට වැටීමත් අසුභ බලපෑම් තවත් උග්‍ර කරයි.
   හදිසි අනතුරු බහුල වන අතර බස්රථ වාහන මෙන්ම දුම්රිය අනතුරුද බහුල වේ.ගිනි තැබීම් ගිනි ගැනීම් වැඩිවන අතර මිනිසුන් අතර කල කෝලාහල අනතුරුද වැඩිවේ.පාලක පක්‍ෂ වලට දැඩි අසීරුතා වලට මුහුණ දීමට සිදුවන අතර ඇතැම් නීති රීතිද අවස්ථානුකූලව වෙනස්විය හැක.
   ස්වභාවික විපත් අනතුරු වැඩිවීමටද ග්‍රහ යුධ පොකුර බලපාන අතර වගා හානි වසංගත රෝග පැතිරීයාමද වැඩිවේ.

21 comments:

රත්ගමයා said...

අපොයි...පරිස්සම් උනොත් හොදා වගේ...බලා ඉමු..21 නේ..එහෙම දෙයක් උනොත් අනිවා ඇවිල්ලා කොමෙන්ට් එකක් දාලා යනවා.....

jhothishalanka said...

@රත්ගමයා
ඔන්න ඉතින් වැරදියට වටහා ගෙන මේ කරදර එදාම වෙන්නෙ නැහැ.එහෙමනම් ඉතින් ඔය අරක්කු බොන අය ඒ වෙලාවෙම වෙරි වෙන්න ඕන.ඒවටත් ටිකක් වෙලා යනවනේ ග්‍රහ හැසිරීමත් ඒ වගේ

කුරුම්නියා said...

ම් ..ම්..ඇත්තෙන්ම පරිස්සම් වෙන්නෙ කොහොමද?..නැත්නම් අර කවුද කිවුව වගේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිදිමුද?

chinthaka said...

එතකොට මේකේ බලපෑම කොපමණ කල් තියනවද

jhothiratna said...

" කුජගේ දෘෂ්ටිය වක්‍ර ශනිට වැටීමත් අසුභ බලපෑම් තවත් උග්‍ර කරයි"
ග්‍රහයන් දෙන්නෙක් එකට සංයෝග වීමත් එක ග්‍රහයෙකුගේ දෘෂ්ටියට අනික් ග්‍රහය ලක්වීමෙනුත් ලැබෙන්නේ එකම ප්‍රතිපලද?

Anonymous said...

ටියුසිනියාවේ ඊජිප්තුවේ වගේ තත්වයක් ලංකාවෙත් ඇති වේවිද?

jhothishalanka said...

කට්ටියටම උත්තර දෙන්නම්.තව ප්‍රශ්ණ තියෙන අය එවන්නකෝ. අදනම් උදේ ඉදන්ම වැඩ.

Anonymous said...

තුණුරුවන්ගේ ආශිර්වාදය තියෙනකම් මේ ග්‍රහ අපල ගණන් ගන්න ඕනේ නෑ!

Anonymous said...

moda katha

``` Outsider``` said...

ලංකාවටනම් පහුගිය දවස්වල ඇති තරම් අපල තිබුණනෙ. ආයෙත් සැරයක් එයිද?
මේ ග්‍රහ යුද්ධ වලින් ඇතිවන අපල කොයිතරම් කාලයක් පවතින්න පුඵවන්ද?

nuwan said...

ane thoge jothishya..gahayo kohomada mara ganne...meka 21 wana siyawasa..owa hodai konde badapu chiinnunta kiyanna.....

jhothishalanka said...

@all
ග්‍රහ යුද්ධ වලින් ඇතිවන අහිතකර බලපෑම් විදීම තමයි කරන්න වෙන්නේ.සිල්වත් ගුණවත් අයට ආරක්‍ෂාව තියෙනවා.

මෙතන ග්‍රහ යුද්ධ තුනක් සිද්ධවෙනවා.ග්‍රහ යුද්ධ වල බලපෑම් ඇතිවන කාලය ග්‍රහ යුද්ධයේ ස්වභාවය අනුව වෙනස්වේ.වරහමිහිර විසින් රචිත "වෘහත්සංහිතාව" කෘතියේ මෙම කාල පිළිබද විස්තර සදහන්ය.ඇත්ත වශයෙන්ම ග්‍රහ යුද්ධයක බලපෑම ඒ ආසන්න ග්‍රහ මාරුවක හෝ ග්‍රහයාගේ උදා,වක්‍ර,අස්ත ආදී ග්‍රහ තත්ත්වයක් සමග බැදී ඇත.මෙවර ග්‍රහ යුද්ධය සමග බද්ධ වන ප්‍රධානම ග්‍රහ තත්ත්වය 2011 ජනවාරී 26 සිදුවූ ශනි වක්‍රයයි.2011 වසර ග්‍රහ යුද්ධ රාශියක් සිදුවන වසරකි.නමුත් 2011 පෙබරවාරි 21 දින ග්‍රහ යුද්ධ තුනක්ම සිදුවීම විශේෂයි.2011 ජුනි 13 දිනෙන් ශනි නිවෘති වන තුරු අසුභ බලපෑම ඇති බව කෙටියෙන් කිව හැක.

හිස් අහස said...

13 මම අහලා තියනවා 13 නපුරුය කියලා කට්ටිය කියනවා ..ජෝතිශ්‍ය පැත්තෙන් එහෙම දෙයක් තියනවද ?

jhothishalanka said...

@jhothiratne
ග්‍රහයන් දෙදෙනෙකු එකට සංයෝග වීමෙන් හා එක් ග්‍රහයකුගේ දෘෂ්ටිය තවත් ග්‍රහයකුට වැටීමෙනුත් ඇතිවන ප්‍රතිඵල වෙනස් .උදාහරණයක් ලෙස ගත හැකි නොවුනත් රවි සදු එකට යෝග වීමත් එම ග්‍රහයන් සප්තමව අන්‍යොන්‍ය දෘෂ්ටියෙන් සිටීමත් සලකන්න.රවි සදු යෝගවීම අමාවක පෝය ආසන්නයේදී සිදුවේ.රවි සදු සප්තම වන්නේ පසලොස්වක ආසන්න දිනවලය.එම තත්ත්වල ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම් සලකා බලන්න.

jhothishalanka said...

@හිස් අහස
13 ඉලක්කම නරක ලෙස පෙරදිග ජ්‍යොතිෂයේ හෝ පෙරදිග අංක විද්‍යාවේ විශේෂ සදහනක් නැහැ.ඉංග්‍රීසින් අතර මෙම ඉලක්කම අසුභ බවට මතයක් ඇත.

jhothishalanka said...

@jhothiratne
කලින් ලිවූ කොමෙන්ටුවක් මකන ලෙස ඔබ දුන් උපදේශය ගෞරවයෙන් පිළිගතිමි.එය නුසුදුසු බව මා හටද වැටහුනි.ස්තූතියි.

Unknown said...

mamath mithuna...kavada venakam vage mema graha yudda vala balapema thiyenavada

jhothishalanka said...

@DARSHI
මේ ලිපිය යටතේ ඇති මගේ (ජ්‍යොතිෂලංකා) කොමන්ටු කියවන්න

ධරණි said...

ජ්‍යෝතිෂ ගැන තියන බ්ලොග් 1 ක් නිසා ආසාවට කියෙව්වා. පොස්ට් 1 ක් කියෙව්වම තවත් කියවන්න ආස හිතුන. ගොඩක් හොඳයි ඒ ලිපි ටික කියවද්දී අපේ සර් කෙනෙක්ව මතක් උනා. ගොඩක් තාර්කිකයි. ජ්‍යෝතිෂ ඉගෙන ගන්න ආසයි ඒත් හරියට උගන්නන කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒත් මම දැකපු ගොඩක් ජ්‍යෝතිෂඥයෝ හඳහන බලන දවසේ සිට අතීතෙ ගැන හරියට කිව්වත් අනාගතේ ගැන කියන දේවල් ගොඩක් වැරදියි. ජ්‍යෝතිෂ වැරදි නොවෙන බව නම් දන්නවා ඒත් හිතාගන්න බැරි ඇයි එහෙම වැරදෙන්නේ කියලයි. ග්‍රහ යුද්ධ ගැන දැනගෙන හිටියත් ඇත්තටම මොකද වෙන්නේ කියල නම් දැනුමක් තිබුනේ නෑ. දිගටම කියවන්න උත්සහකරනවා.

Anonymous said...

ලංකාවට තියෙන ලොකුම අපලේ මෙන්න මේ මෙංගල් මිනිස්සු ටික දෙනෙක් දේශපාලනේ කරන එක... මේ වගේ එවුන් ඉන්න රටකට හැමදාම අපල...
මරු ලිපිටික.. අසාවෙන් කියවන්න පුළුවන්..
මමත් බ්ලොග් එකක් හැදුවා ඉඩ තියෙන වොලාවක කියවලා බලන්නකෝ...www.pahesaraarana.wordpress.com/

Anonymous said...

ජ්‍යෝතිෂ්‍ය තුල ප්‍රතිපල ඇතිවෙන දවස කියන්න ක්‍රමයක් නෑ වගේ නේද. යුද්දේ ඇතිවෙන දවස කියල මක් කරන්නද.පිස්සු කතා

Related Posts Plugin for WordPress, Blogger...