Thursday, February 10, 2011

ග්‍රහ චලිතය පිළිබදව ජ්‍යොතිෂයේදී භාවිතා වන විශේෂ ග්‍රහ ගති

   ජ්‍යොතිෂයේදී සලකා බලන ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකි.රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු එම ග්‍රහයන් නවදෙනායි.
මින් රාහු කේතු ග්‍රහයන් දෙදෙනා රාශි චක්‍රයේ පිටුපසට ගමන් කරන අතර අනිත් සත් දෙනා රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරති.ග්‍රහයන් ස්වකීය චලිතයන්හිදී විවිධ ග්‍රහ තත්ත්වයන්ට පත්වේ.අස්ත වීම,උදාවීම,වක්‍රවීම,අනුවක්‍ර වීම, නිවෘති වීම එම ප්‍රධාන ග්‍රහ තත්ත්වයන්ය.
    * අස්ත වීම - 
              ග්‍රහයා ස්වකීය ගමනේදී රවිට ආසන්න වීම නිසා තම ආලෝකය නැතිවීමයි.(දවල් කාලයේ තරු නොපෙනීම ගැන සිතන්න)


    *උදා වීම
              අස්ත වූ ග්‍රහයා රවිගෙන් ඈත් වී තම ආලෝකය විහිදවීම ආරම්භ කීරීම


    * වක්‍ර වීම
              ඉදිරියට යන ග්‍රහයා ආපසු පසුපසට ගමන් ඇරඹිම (මෙය ග්‍රහයාගේ සූර්යයා වටා ඉලිප්සාකාර චලිතය නිසා පෘථිවියට සාපේක්‍ෂව ඇතිවන දෘෂ්ථි තත්ත්වයකි.)


    * අනුවක්‍ර වීම
              වක්‍රවූ ග්‍රහයා ආපසු ගමනේදී වක්‍ර වීම සිදුවූ රාශිය පසුකොට ඊලග රාශියට පිවිසීම


    * නිවෘති වීම
              වක්‍ර වූ ග්‍රහයා එම ආපසු ගමන නැවතීම


 "මේව දැනගෙන අපිට මොකටද" කවුරුවත් එහෙම හිතන්න එපා.ඉදිරියේදී මෙහි ලියැවෙන ලෝකායත ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි කියවීමේදී ඇතිවිය හැකි අපහසුතාවන් දුරු කිරීමට මෙම ග්‍රහ තත්ත්ව  පිළිබද විස්තර දක්වා ඇත. 
             

19 comments:

රත්ගමයා said...

මාත් බැලුවා එක පාරටම මේවා දාන්නේ මොක්ද කියලා.....
අන්තිමට නේ තේරුනේ අනාගතය උදෙසා කියලා

හිස් අහස said...

ඇත්තටම මටනම් මේගැන වැඩිය දැනුමක් නෑ ..අපි ඉතින් ජෝතිෂ්‍ය ගැන කවදාවත් ඉගනගත්ත අය නෙවේ ...

ඒත් මම මගේ යාලුවෙක්ව මේකට සෙට් කරා ..ඔන්න මිනිහා මේක බලනවා බැඳගෙන ..පොරගේ නම කසුන් මාධව මේ කමෙන්ට් එක පොර වෙනුවෙන් ..එයාට සිංහල ටයිපිං බෑ..

ඇත්තම කීවොත් මමනම් කැමති ජෝතිෂ්‍ය පැත්තේ තියන ඔය අභිරහස් කතාන්දර වලට ?..ඒව ගැන පොඩ්ඩක් ලියන්න බැරිද ?

jhothishalanka said...

@හිස් අහස
බලමු බලමු.මට ඔය කියන තරම් ලොකු අභිරහස් අද්දැකීම් නැතත් වෘත්තීය වශයෙන් වටිනා අපූරු අත්දැකීම් තියෙනවා.ඒව ගැන විටින් විට ලියන්නම්.ආ කසුන් මාධව යාළුවවත් අඩවියට සාදරයෙන් පිළිගන්න බව කියන්න.

~:: My Cottage ::~ said...

වචන ටික දැකලා "වක්‍ර" වුනා වගේ වුනා... ඒ වුනාට දැන් නම් අනු වක්‍ර වීගෙන එනවා වගේ...

මම වචන භාවිතා කළා හරි නේද?

jhothiratna said...

1)අස්ථ ග්‍රහයෙක් උච්ච ග්‍රහයෙක් සමග පිහිටීම නීච භංග රාජ යෝගයක්ද?
2)බුධ නීච භංග රාජ යෝග වීමේ ප්‍රතිපල මොනවද?

jhothishalanka said...

@jhothiratna
1) අපොයි නැහැ අස්ත ග්‍රහයෙක් උච්ච ග්‍රහයෙක් එක්ක ඉදීම නීච භංග රාජ යෝගයක් ලෙස සලකන්නේ නැහැ.නමුත් අස්ත ග්‍රහයා ඉන්නේ නීච වෙලා නම් යෝගය තියෙනවා.
2)බුධ ග්‍රහයා නීච මීන රාශියටයි.මීනයට උචිච සිකුරුයි.ඒ අනුව මීන රාශියේ බුධ,සිකුරු යෝග වන විට අදාළ නීච භංග යෝගය යෙදෙනවා.(මෙහිදී ග්‍රහයන් පිහිටන අංශක අනුව යෝගයේ ප්‍රභලතාව අඩු වැඩි වෙනවා.මීට අමතරව රේක යෝගත් සැලකිය යුතුයි.)හෙන්ද්‍රික් සිල්වා මහතාගේ "ජීවිතය හා ග්‍රහයෝ" පොතෙ ඔබ ලග ඇත්නම් එහි බුධ සිකුරු යෝගයට ඇති විස්තර කියවන්න.මීන රාශියේ බුධ සිකුරු යෝගය පිහිටන විට එය ඉතා උසස් කලා යෝගයක්.නීති අංශයටත් හොදයි.තීක්‍ෂණ දැනුම ඇති විනිවිද දකින අයෙක්.ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් ඒ අයට හොදට පිහිටනවා.

jhothishalanka said...

~:: My Cottage ::~
හරි හරි වචන ටික නියමෙටම ගැලපෙනවා.

jhothishalanka said...

@jhothiratna
ආ..තව එකක් අමතක වුනා බුධ සිකුරු (නීච භංග)සමග වෙනත් ග්‍රහයන් යෝග වන විට මෙම ප්‍රතිඵල තරමක් වෙනස් වෙනවා.

jhothiratna said...

"වෙනත් ග්‍රහයන් යෝග වන විට මෙම ප්‍රතිඵල තරමක් වෙනස් වෙනවා. "
ඔව් මන් අදහස් කරේ නීච ග්‍රහයෙක් අස්ථ වෙලා ඉන්න එක ගැන(අස්ථ ග්‍රහයන්ගේ ග්‍රහ යෝග වල බලයක් නැහැ කියලි මන් අහල තියෙන්නේ.).ඒකියන්නේ බුද රවී සිකුරු මීන රාශියේ.මීනය නව වැන්නත් වෙනවනම් සහ නව වැන්න චන්ද්‍රයාගෙන් දහ වැන්නත් වෙනවනම් ප්‍රතිපල කොහොමද?
ඔය කියපු පොත මන් ළඟ නැහැ.මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. නෙට් එකේ ද්වි, ත්‍රි ග්‍රහ යෝග ගැන විස්තර හොයාගන්න අමරුය්.

jhothishalanka said...

@jhothiratna
මම ඔබගේ කොමන්ටුව දැක්කා.මේ වෙලාවෙ පොඩි වැඩක.හැබැයි සම්පූර්ණ කේන්දරේ බලන්නෙ නැතිව ඔහොම කේන්දරේ කොටස් කොටස් අනුව විස්තර බැලීම සාර්ථක නැත.

jhothiratna said...

මම පිලිගන්නවා මේ වගේ කොටස් වශයෙන් පරික්ෂ කිරීමෙන් නිවැරදිව යමක් කියන්න අපහසු බව.එත් මට ඕන කරන්නේ මේ ත්‍රි ග්‍රහ යෝගය ගැන විස්තර දැනගන්න.

jhothishalanka said...

@jhothiratna
මේ වැඩ ඉවර වුන ගමනා ඔයාට ප්‍රතිචාර(අදහස්) දක්වනවා.

jhothiratna said...

ඔය දීපු විස්තර හම්බ උනා. ගොඩක් ස්තුත්ය්.

Anonymous said...

HATARA KENDARAYA palu weema gena pehedili karanawada?????

jhothishalanka said...

@anonym..
හතර කේන්දරේ හිස් වීම යනු උපන් කේන්ද්‍රයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන(1,4,7,10) වල ප්‍රධාන ග්‍රහයන් (යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) කිසිවකු තැන්පත් නොවීමයි.කුජ හා ගුරු ග්‍රහයන් උපතේදී බලදුබලවීම හා එම ග්‍රහයන් කේන්ද්‍රස්ථාන වලට දෘෂ්ටි වීම අනුව මෙහි ඵල විපාක විවිධවේ

Anonymous said...

hatara kendaraya his weema viwaha jevitayata balapanne kohomada kiyala pehedili karala denawada????? Obata Bohoma Pin....-Mama Sadaru [Anonymous]-

jhothishalanka said...

හතර කේන්ද්‍රය හිස් වීම විවාහයට තදින් පීඩා වන්නේ කුජ(අගහරු) 12 සිටින අයටයි.ගුරු ග්‍රහයා 3,11 ස්ථාන වල හෝ ක්‍ෂෙත්‍ර උච්චව සිටින අයටත් හතර කේන්ද්‍රය හිස් වීමේ දෝෂ භංගවේ.හතර කේන්ද්‍රය හිස් වූ පලියට ශ්‍රමණ යෝගයක් හෝ අවාසනාවන්ත යෝගයක් වන්නේ නැහැ.

Anonymous said...

bohoma istuti....ක්‍ෂෙත්‍ර උච්චව්ම yanna genath kiyala genawada?????තවද,RAVI ge mahadasawa tula gaman kirima jevithayata balapana akaraya genada kiyadenawada????....-Sadaru-

jhothiratna said...

@Sadaru
You can use google to find this kind of information.As far as I know effects of the sun mahadasha depends on various factors.For example where the sun was placed on your birth chart,power of the sun,and aspects on the sun.You can find most of the general effects of the sun major perioud from the below link.

http://www.indianastrology2000.com/dasha/sun.php

Related Posts Plugin for WordPress, Blogger...