Wednesday, February 23, 2011

ගඳ පැළෑටිය

      එය මනාව සැකසුණු රුක් ගොමුවකි.විවිධාකාරයේ වෘක්‍ෂලතා වලින් සමන්විත එහි පෙනුම මනස්කාන්තය.මහා විශාලව වැඩුණු වෘක්‍ෂ මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ ගස්වැල් හා කුඩා පැලෑටි වලින් ගහණය.සුවදවත් මල් පිපුණු ගස්වැල්,එලවළු,පළතුරු ගස් මෙන්ම වටිනා බෙහෙත් පැළෑටිද එහි විය.
වසර ගණනාවක් පැරණි ගස්වැල් මෙන්ම ඊයේ පෙරේදා පොලොවෙන් මතුවූ පැලෑටි අතර සිටින මාද එහිම වූ සිවුමසක් වයසැති ශාකයකි.බොහෝ කුඩා ගස්වැල් තමන්ගේ වර්ගය හරි හැටි දැන සිටියද මාගේ වර්ගය කුමක්දැයි මා තවමත් හරිහැටි වටහා ගෙන නැත.මා පීදුනු පසු ලැබෙන ඵලය එළවළුවක්ද පලතුරක්ද මල් ජාතියක්දැයි මා නොදනී.මාගේ වර්ගයේ සගයකු හෝ වැඩිහිටියකු අහල පහලකවත් නැති නිසා ඒ පිළිබදව අදහසක් ලබා ගැනීමටද නොහැක.සමහර විට මා බෙහෙත් පැළෑටියක් විය හැක.එසේ වුවහොත් මා වඩාත් සතුටුය.
   අප රුක් ගොමුව එකට පිහිටා ඇතත් සමහර තැන්වල හිස් ප්‍රදේශ පිහිටා ඇත.තවත් තැන්වල ගස්වැල් එක පොකුරේ පිහිටා ඇත.අපි වැනි පුංචි ගස්වැල්වල යම්කිසි කළබල ස්වරූපයක් තිබුනද විශාල රූක්‍ෂ කිසිදු කළබල ගතියකින් තොරව නිසොල්මනේ සිටී.නමුත් වැඩි ඵලදාවක් ඇත්තේ එම විශාල ගස්වලය.
   එය තවත් හිමිදිරි උදෑසනකි.යාන්තම් පියලි දෙකෙන් කොළ මතුවූ පැලෑටියක් පොලොවෙන් ඉහලට මතුවී ඇති අයුරු කුඩා අපට එදින දැකගත හැකිවිය.මෙවැනි කුඩා පැලෑටියක් මතුවූ විට එය මුලින්ම පෙනෙන්නේ කුඩා අපටය, අපි එදෙස සැලකිල්ලෙන් සිටියෙමු.එය හරි අමුතු පැළෑටියකි.මීට පෙර කිසි දිනෙක දැක නැත.පැලෑටියේ පත්‍රවල වර්ණය වෙනස්ය.එය කළු පැහැයට හුරුය.අරුමයකි ඉන් අමුතුම දුර්ගන්දයක් සුළු වශයෙන් වහනය වේ."පුංචි ගද පැළෑටියක්" දෙයියනේ මේ මොකක්ද?මෙයා පොඩි වුනත් ගදයිනේ.මෙයා ලොකු වෙනකොට තව තව ගද වැඩි වෙන්න පුළුවන්.
"ඒයි උඹ කවුද?මොකද උඹ ඔච්චර ගද?" 
අපි එම පැළෑටියෙන් ඇසුවෙමු.ම්හු.. කිසි උත්තරයක් නැහැ.ගද පැළෑටිය ගැන කුඩා ගස්වැල් අතර කසු කුසුව වැඩි විය. 
   "මෙන්න බලාපල්ලා ගද පැළෑටියක් අපි ලගම හැදිලා.ආපෝ එයාගෙන් එන ගද දැන් ටිකක් වැඩිත් වෙලා."
   " මේකට අපි හොද වැඩක් කරමු.අපි කට්ටියම එකතු වෙලා මෙයාට හොදට බනිමු.අන්තිමට බැනුම් අහගන්න බැරිව මෙයා මැරිලා යාවී." අයෙක් පැවසීය.
   "ඔව් ඔව් ඒක හොදයි.අපි මෙයාට බනිමු.බනින කොට හොදට වචන දාලා බනිමු.ඔය කුණුහරුප ටිකක් දාලා බනින්න ඕන.එතකොට තමයි එයාට අහන් ඉන්න බැරි." තව අයෙක් එය තහවුරූ කළේය.
    ඒ අනුව සැවොම එක්ව ගද පැළෑටියට බනින්නට විය.අම්මා මෝ නැතිව බනින්නට විය.අරුමයකි,අපි බනින විට ශාකයේ ගද තව තවත් වැඩි විය.ඒ මදිවට සිහින් කෙදිරිළි හඩකින් ආරම්භවී ශබ්ද කරන්නටද විය.අපි තව තවත් බැන්නෙමු.ගන්දස්සාරය තවත් වැඩිවිය.ශබ්දයද ක්‍රමයෙන් වැඩිවී ඝෝරනාඩුවක් මෙන් විය.මෙන්න බොලේ ගද එක්කම අමුතු විෂ දුමකුත් පිටවෙනවා.දැන්නම් ඉන්න බැරි තරම්ය.ඒ මදිවට පැළෑටියත් ටික ටික වර්ධනය විය.ඒ අතරට අද්භූත ජනක සිදුවීම්ද විය.පැළෑටියේ ස්වරූපය වරින් වර වෙනස්වේ.වරෙක එය තමන්ට බනින ශාකයක ස්වරූපය ගනී. විටෙක රළුය ගොරහැඩිය.තවත් විටෙක සුමුදුය.සුකුමාලය.
 "ආපෝ අපි මෙයාට බනින කොට මෙයාගෙ ගද වැඩි වෙනවානේ.විෂදුමත් වැඩිවෙනවා.ඒ මදිවට සැරින් සැරේට වෙස් පෙරලනවා.අපි මේකට මොකද කරන්නේ."
  "අපි මේ ගැන ලොකු ගහකට කියමු.එයා අපිට උපදෙස් දේවි මෙයාව එලවන්නේ කොහොමද කියලා."
    ඒ අනුව අපි සැවොම සිද්ධිය ලොකු ගසකට පැවසූවෙමු
  "ආපෝ ඔය වගේ පැළෑටි මේ රුක් ගොමුවේ කලින් කලට මතුවෙනවා.ඕක හතු පැළෑටි වර්ගයක්.හැබැයි කටහඩට සංවේදියි.ඔයාල බනින කොට එයාගෙ වර්ධනය වැඩි වුනේ ඒකයි.ඒ වගේම ඔය හතු වර්ගය හරි විෂ ජාතියක්.ඒව හැදෙන එක හරිම භයානකයි.ඕකට හොදම බේත තමයි ඔයාල ඒ පැළෑටිය දිහා බලන්නෙවත් නැතිව සද්ද නොකර ඉන්න එක.එතකොට ඒක ඉබේම මැරිලා යාවී."
   "අයියෝ අපිට ඒක තේරුනේ දැන්නේ.අපිමනේ මෙයාට පෝර දාල තියෙන්නේ.අපි දැන් ඉදන් මෙයා දිහා බලන්නෙවත් නැතිව ඉදිමු.එතකොට තව ටික දවසකින් ඉබේම මැරිලා යාවි."

11 comments:

Chanaka Aruna Munasinghe said...

Correctly Understood !!!

Anonymous said...

ස්ද්දේ වහලා වැඩ දෙනවා කියලා කථාවක් අහලා තියෙනවාද?

පැලෑටිය ගඳ වුනත් ඒක ඉබේම මැරෙනවා කියලා හිතාගෙන හිටයොත් ඒන මෝඩ වැඩක් වෙන්ව පුලුවන්
නියපොත්තෙන් කරන්න තිබ්බ දේ පොරොවෙන් කරන්න වෙනකම් ඉන්නත් හොඳ නෑ නේ...

පෑනෙන් කරන ඒවා ටිකයි...

නදී said...

මොකද අය්යා පෝස්ට් දාලා මකන්නෙ?බලන්නෙ එද්දි පෝස්ට් එක නෑ. :(

jhothishalanka said...

@නදී.
මේකනේ නංගී මේ දවස්වල බ්ලොග් අවකාශයේ මුස්ලිම් ජාති වාදියෙක් අමුතු සෙල්ලම් දානවා.කලින් පෝස්ට් ඊට අදාල වුවත් අපි ඒවා දානකොට ඒකව තව ප්‍රමෝට් වෙනවා.ඒකයි මැකුවෙ.නැතිව ඔයාලව රැවැට්ටුවා නෙවෙයි.මේ ලිපියත් ඊට අදාලයි.අපි මේ වෙලාවෙ කරන්න ඕන වැඩේ මේ ලිපියෙන් මට හිතෙන විදියට ලිව්වා.

හිස් අහස said...

කතාව ඇත්ත මචං අපි සතපහකට ගනං ගන්නේ නැතුව ඉමු ටික දවසකින් එයාගේ ඉබේම හුලං බැහැලා යවි ...

සූර සරදියල් said...

************ඒක නෙවෙයි මොකද අනේ ඔයා පෝස්ට් ලියල පස්සේ ඒක මකන්නේ.සින්ඩි වලින් කියවන අපි නිකං රැවටෙනවනේ. පහත ලිපිය කෝ..

http://lowethne.blogspot.com/2011/01/blog-post_8642.html *******************************

මතකද මේ කමෙන්ට් එක.. හා අද මගේ වාරෙ
ආ කෝ පොස්ට් එක?? හෑ??

විහිලුවට කිව්වෙ ගනන් ගන්න එපා සහෝදරයා

සූර සරදියල් said...

සිරාවට අපි ඔය වගේ ජාති වාදි බ්ලොග් ප්‍රමොට් කරන්න හොද නෑ!! මකපු එක හොන්දයි

Anonymous said...

ayya lassanata liyala tiyenawa kattiyama ee widihata karamu

jhothiratna said...

අදාල පොස්ට් එක මකන්න කියල ඉල්ලීමක් කරන්නත් හදල මම නිහඬව හිටියා.මගේ ඉල්ලීම මොනවිදිහට වැටහ ගනීවිද කියල දන්නැති නිසා.අප අවට සිදුවන දේවලට අනවශ්‍ය ලෙස සංවේදී වීම අනවශ්‍ය දෙයක්.
විශාල රූක්‍ෂය කව්ද කියල දැනගන්න කැමතිය්.

jhothishalanka said...

@jhothiratna
එකක් නෙවෙයි කීපයක් තිබුණා

Anonymous said...

හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී අඩවිය ගැන වැඩිය කෑගහන්නේ නැතුව නිසි බලධාරීන්ට දැනුම් දෙමු ,
ලංකාවේ කොහේ සිටියත් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදේවි!!!
http://defence.lk/main_abt.asp?fname=contacts
slcert@slcert.gov.lk මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දන්වා සිටින්න.
මේ ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්න සෑම දෙනාම මෙම ඊමේල් ලිපියයන් වලට මේ ත්‍රස්තවාදී අඩවි ගැන තොරතුරු දැනුම් දෙමු!
මේ ත්‍රස්තවාදී අඩවියේ ලිපිනය යොදා 1 ඊමේලයක් අදාල ලිපින වලට යොමුකරන මෙන් අපේ සහෟදයන්ගෙන් ඉල්ලා සිටිමි.
මේ අපේ රටයි!!
දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!!

Related Posts Plugin for WordPress, Blogger...