Tuesday, May 3, 2011

"ශනි ඒරාශ්ඨකය"

         "ශනි ඒරාශ්ඨකය"යන්න ඇසෙත්ම බොහෝ දෙනාට ඇතිවන්නේ යම්කිසි බියකි.ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැති හා එවැනි තත්ත්වයන් පිටතට පෙන්වන අයද ඇතැම් විට ශනි ඒරාශ්ඨකය ගැන සැළකිළි මත්    වෙති.ඒරාශ්ඨක සමයේදී කේන්ද්‍ර හිමියා නොමරා මරන තරම් අපල තත්ත්වයක් ඇති බවට මතයක් තිබීම මීට හේතු සාධකවේ.විශ්ණු දෙවියන්ට වසර 19ක් බටකොළ කවාපු දේව කතාව මේ හා බැදී ඇති පෞරාණික කතාන්දරයකි.එමෙන්ම සිදුහත් තවුසාණන්ට සය වසරක දුෂ්කර ක්‍රියා කාලය තුල ශනි ඒරාශ්ඨකයක් තිබූ බව කියයි.බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හෙළිකල දැනට පිළිගෙන ඇති බුද්ධ කේන්ද්‍රය අනුව මෙය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බව පෙනී යයි.

    ශනි ඒරාශ්ඨකය ගැන ලියවෙන මෙම ලිපිය පලමුවෙන් ලියවුනේ ඉතා සවිස්තර පාසැල් සිසුවකුට පවා වටහා ගැනීමට පහසු ක්‍රමානුකූල ලිපියක් ලෙසටය. නමුත් ජ්‍යොතිෂ ලිපි ලියන්නන් අනුගමනය කෙරෙන සාම්ප්‍රධායික පිළිවෙතක් නිසාම එම ලිපිය වෙනස් කලෙමි.එය එසේ කලේ හේතුවක් ඇතිවය.මෙම ලිපිය කියවාගෙන යනවිට එය වැටහෙනු ඇත.එබැවින් ඒ ගැන විස්තර කිරීම අනවශ්‍යය.
   ශනි ඒරාශ්ඨකය ගැන විශේෂයෙන් සදහන්වෙතත් එම ඒරාශ්ඨකයේ තද ගතිය අඩු වැඩි වීම ඇතිකෙරෙන විශේෂ තත්ත්වයන්ද ඇත.සමහර විට ඒරාශ්ඨක කාලය කිසිදු කරදරයක් නැතිව ගෙවී යාමද සිදු විය හැක. මෙවැනි තත්ත්ව නිවැරදිව දැකිය හැක්කේ පලපුරුදු දෛවඥයකුටය.මෙම ලිපියේ අරමුණ වන්නේද ශනි ඒරාශ්ඨකය පිලිබද මූලික දැනුමක් ලබාදීම හා ඒවා ජන්ම කේන්ද්‍රයක යෙදෙන ආකරය හා එහි අසුභ ප්‍රභලතාව තීරණය කෙරෙන අයුරු ගැන වටහා දීමක් කිරීමටය.

  ශනි ඒරාශ්ඨකය ආකාර තුනකි.
  1)ජම්ම(ජන්ම) ඒරාශ්ඨකය (චන්ද්‍ර ඒරාශ්ඨකය කියාද හදුන්වයි.)
  2)ලග්න ඒරාශ්ඨකය
  3)අෂ්ටම ඒරාශ්ඨකය
  
   1)ජම්ම(ජන්ම) ඒරාශ්ඨකය (චන්ද්‍ර ඒරාශ්ඨකය)
         ජන්ම ඒරාශ්ඨකය යනු උපතේදී චන්ද්‍රයා සිටි රාශියට ගෝචර ගමනින් ශනි ග්‍රහයා පැමිනීමයි.ශනි ග්‍රහයා සාමාන්‍යයෙන් එක් රාශියක් තුල වසර දෙක හමාරක් ගමන් කරයි.ශනි ග්‍රහයා සදු සිටින රාශියට පෙර රාශියේ(සදුගෙන් 12 වැන්නට) ගමන් කරන වසර දෙක හමාර ජන්ම(චන්ද්‍ර) ඒරාශ්ඨකයේ මුල් අවදිය හා ශනි සදුගෙන් දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර ජන්ම ඒරාශ්ඨකයේ අවසන් අවදිය ලෙසත් සැලකේ.ඒ අනුව ජන්ම ඒරාශ්ඨකයේ සම්පූර්ණ කාලය වසර හත හමාරකි.
   2) ලග්න ඒරාශ්ඨකය
          සෙනසුරු ග්‍රහයා දොලොස් වැන්නේත් ලග්නයේත් දෙවැන්නේත් යන ස්ථාන වල ගමන් කරන වසර හත හමාර කාල සීමාව ලග්න ඒරාශ්ඨක අපල කාලයයි.
   3) අෂ්ඨම ඒරාශ්ඨකය.
         ශනි ග්‍රහයා කේන්ද්‍ර හිමියාගේ ලග්න රාශියේ සිට අටවන රාශියේ ගමන් කරන වසර දෙක හමාර කාලයයි.

  මෙම ඒරාශ්ඨක වල අසුභ ඵල අඩුවැඩි වන අවස්ථා හා ඒ සදහා බලපාන හේතු සාධක කරුණු
    * මෙම ඒරාශ්ටක වලින් වැඩිම අසුභ බලපෑමක් ඇතිවන ඒරාශ්ඨකය ඒ ඒ ලග්න හිමියාගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ගතකෙරෙන දශා ක්‍රමය අනුව තීරණයවේ.
    * ලග්න ඒරාශ්ඨකයේ වැඩිම අසුභ බලපෑම ඇති කාලය ලෙස සැලකෙන්නේ ශනි ලග්න ස්ඵුථයේ සිට දෙපස අංශක 60 තුල (ලග්න ස්ථුථයේ සිට ඉදිරියට අංශක 30ක් හා පසුපස අංශක 30) ගමන් කරන වසර 5 කාලයයි.
    * ශනි මහ දශා අතුරු දශා ඇති විට අපලයේ බලපෑම වැඩියි.සදු මහ දශාව ඇති විටද චන්ද්‍ර(ජන්ම) ඒරාශ්ඨක අපල වැඩිය.   
    * ලග්න ,ජන්ම හා ජන්ම,අෂ්ටම ඒරාශ්ඨක දෙකක් එකවර යෙදෙන අවස්ථාවල අපල වැඩියි.මේ අනුව උපතේදී සදු ලග්නයේ සිටින අයට ලග්න ඒරාශ්ඨක කාලයත් උපතේදී සදු අටේ සිටින අයට අෂ්ඨම ඒරාශ්ඨක අපල කාලයත් වැඩි අපල දේ.
    * තුලා,ධනු,මකර,කුම්භ ලග්න ඇසුරින් ඒරාශ්ඨකය හැදෙන විට අපලයේ බලපෑම අඩුවේ.එමෙන්ම උපතේදී ශනි ග්‍රහයා මෙවැනි රාශිවල පිහිටන විටද ස්ථාන වශයෙන් බලවත් වන විටද අපලයේ අසුභ බලපෑම අඩුවේ.
    * කටක රාශිය ඇසුරෙන් ඒරාශ්ඨකය සෑදෙන විට අපල බලපෑම වැඩියි.
    * ලග්න ඒරාශ්ඨකයේ සම්පූර්ණ වසර හතෙන් භනි දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර අනිත් වසර පහට වඩා අපල අඩු වුවත් උපතේදී සදු දෙවැන්නේ සිටින අයට එම වාසිය අඩුයි.
    * උපතේදී සදු තුනේ එකොලහේ සිටින අයට ලග්න ඒරාශ්ඨක අපලයත් හතේ හා නවයේ සිටින අයට අශ්ටම ඒරාශ්ඨකයත් ඇතිවන විට අපල කාලයන් දීර්ඝ වන්නේ චන්ද්‍ර ඒරාශ්ඨකයේ බලපෑමත් අදාළ ඒරාශ්ඨක වලට පෙර හා පසු ඇති වන බැවිනි.
    * ශනි ග්‍රහයා උපතේදී සදු සිටින රාශයෙන් අටවන රාශියේ ගමන් කරන විටද අපල කරදර ඇති විය හැක.

 මෙම විස්තරය කියවූ විට ශනි ඒරාශ්ඨක අපල නැති කාලයක් ඇත්තේම නැති බවත් කුමන හෝ ආකාරයේ ඒරාශ්ඨකයක් සෑම විටම වාගේ යෙදෙන බවට වැරදි වැටහීමක් ඇති වීම පුදුමයක් නොවේ.මිනිසකුගේ ජීවිත කාලය තුල ඉහත සදහන් කල ඒරාශ්ඨක අපල නොයෙදෙන කාල සීමාවන් අඩු මෙන්ම වැඩිපුර ඇත්තේ අපල කාල සීමා මිස හොද කාලයන් නොවේ යැයි ඔබට සිතුනත් ශනි ඒරාශ්ඨකයක් සෑම විටම බල නොපවත්වයි.කෙනකුගේ ඒරාශ්ඨක කාල යෙදෙන්නේ කෙලෙසද ඒවායේ බල දුබලතා කෙසේද? ඉන් ආරක්‍ෂා වීමට කළයුතු වත් පිළිවෙත් මොනවාද යන්න පළපුරුදු දෛවඥයකු ලවා පරීක්‍ෂා උපදෙස් කල යුතුය.මේ පෝස්ට් එක කියවූ පමනින් "අපි දැන් ශනි ඒරාශ්ඨක ගැන දන්නවා,දැන් අපිටම අපේ ඒරාශ්ඨක කාල ඇතිවන අයුරු දැනගත හැකියි" යනුවෙන් සම්පූර්ණ නිගමනයකට කිසිවෙකුට පැමිනිය නොහැක.යම් තරමකින් එය කල හැකිය.

 ශනි ඒරාශ්ඨකය ගැන සදහන් වෙනත් විශේෂ කරුණු.
    * කුඩා කලදී ශනි ඒරාශ්ඨකයක් ලැබූ විට ලෙඩ රෝග පීඩා වැඩිය.අරිෂ්ඨ මුරණ්ඩු කම් වලින් දෙමාපියන්ට කරදරවේ.දෙමාපියන්ට දරුවා එපාවෙන තරමට එය වැඩිවේ.වැටීම් ගැටීම් තුවල අනතුරු අත්පා බිදීම් ඇතිවේ.ශරීරය කෙට්ටුවේ.
    * ඉගෙන ගන්නා වයසේදී ලැබූ විට අධ්‍යාපනය එපාවෙයි.නිවෙස් වලින් පැන යන ළමයින් බොහෝ දෙනා ශනි ඒරාශ්ඨක ගත කරන්නන්ය.උපතේදී අධ්‍යාපන යෝග හා වෙනත් බලවත් යෝග නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් වීමම සිදුවේ.
    * රැකියා කරන තරුණ වයසේදී ලැබූ විට ඒරාශ්ඨකය ලැබූ මොහොතේ සිට රැකියා පීඩා ඉස්මතුවේ.හිතුවක්කාර මුරණ්ඩු ගති නිසා රැකියාව නැති කර ගනී.අමුතු උඩගු ගතියක් ඇතිවේ.රැකියා සොයමින් ඇවිදියි.ශරීරයේ තුවාල වීම්(වම් කකුල) අසනීප ඇතිවේ.ණය වෙයි.සිත් තැවුල් ඇතිකර ගනී.අපලය දරුණු වන විට දිවිහානි කර ගැනීමට සිතුනත් කිසිවිටෙක එසේ නොකරයි.ඒරාශ්ඨකය නිමවෙද්දී ඉබේම රැකියා ධනය දියුණුව ඇතිවේ
     * විවාහයෙන් පසු ඒරාශ්ඨකය ලැබූ විට තමාට මෙන්ම විවාහ සහකරු සහකාරියටද අපල කරයි.බව බෝග වගාවේ සිට සියළු අංශයෙන්ම දියුණුව අඩාල කරයි.විවාහයේ මුල් වසර කීපය තුල ශනි ඒරාශ්ඨක යෙදෙන විට තත්ත්වය බරපතලය.විවාහපේක්‍ෂිත යුවලකගේ විවාහයට සුදුසු කාලය බලන්නේ උක්ත කරුණ හේතුවෙනි.ඒරාශ්ඨකය ගෙවෙන විට කරදරද ක්‍රමයෙන් අඩුවී යයි.
     * අවු 30ට වැඩි වයසේදී ශනි ඒරාශ්ඨක ලබන බොහෝ දෙනෙකු එම ඒරාශ්ටක ලබන්නේ දෙවැනි (හෝ ඊට වැඩි) වරටය.කලින් ඒරාශ්ඨක වලින් බැටකා පදම් වී ඇති නිසා ඒරාශ්ඨක අපලය විඳදරා ගැනීමේ හැකියාවක් ඇත.කෙසේ වුවත් තත්වය බාලවේ.කීර්ති ප්‍රශංසා අඩුවී නින්දා අපහාස වැඩිවේ.වැඩි කල එළි බැසීමක් නැති සැගවී සිටින ස්වභාවයකි.
     * මැදි වයසේදී ශනි ඒරාශ්ඨක ලැබූ විට එක්වර වයසට ගිය කම පෙනේ.ෆෙෂර්,කොලොස්ටරෝල්,දියවැඩියා වැනි ජීවිත කාලයටම බලපෑ හැකි අසනීප සාදයි.ශරීරය අබල දුබල කරයි.උප්පත්තිය බලවත් අයට ඒරාශ්ඨකය ගෙවී යන විට නැවත ඒරාශ්ඨකය ලැබීමට පෙර පැවති තත්ත්වය මෙන් ශරීර සෞඛ්‍ය,ශක්තිය ඇති කරයි.
     * මහළු වයසේදී ඒරාශ්ඨකය ලැබූ විට ඉතා දුක් කරදර පීඩා විදියි.ලෙඩ දුක් වැඩියි.තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගැනීමේ හැකියාවද නැතිව යයි.අත්පා බිදීම් වලින් එක තැන් වීම් ඇති කරයි.

**  ශනි ඒරාශ්ඨක අපල කරදර අඩු කර ගැනීමට කළ යුතු වත් පිළිවෙත් ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

28 comments:

හිස් අහස said...

මටනම් හිතෙන්නෙම මට ශනි ඒරාශ්ඨකය ලබලා කියලයි . ඒත් ඉතින් මම ඉස්සරනම් ඕවා එකක්වත් විස්වාස කලේ නෑ පස්සේ මට අත් දකින්න වෙච්ච සිදුවීමක් හින්දා .. මම ග්‍රහ අපල ගැන ජ්‍යොතිෂය ගැන පොඩ්ඩක් විතර උනන්දු වෙන්න පටන්ගත්තා ..

Anonymous said...

මම සිOහ ලග්නයේ. මට කාලයකට කලින් කිවුවා මේ අවුරුද්ද අන්තිමට 20 අවුරුදු ශනි ඒරාශ්ඨකය ඉවර වෙනව කියල. ඒත් 2010 ජනවාරි ඉඳල ශනි මහ දශාව ලු. මගෙ ශනි නීචලු බලවත්ලු කුජ ස්වක්ශේත්‍ර ලු සඳු සිකුරු උච්ච ලු මට ඉස්සරහට හොඳ වේවිද ?

Anonymous said...

මහත්මයා,

මටත් තිබුනේ ඔබ ඉහලින් සදහන් කර ඈති ශනි ඒරාශ්ඨකයද?
ඔබට මාගේ කේන්දරය මතක අතෑයි කියා සිතමි.

මට තව ගෑටලුවක් තිබෙනවා.එනම් දරුවෙකුගේ උපන් වෙලාව ලෙස සලකන්නේ umbilical cord එක විසන්දි කරන ලද අවස්ථාවද? නෑතිනම් කුමක්ද?ලෝකය පුරාම මේ පිලිබදව සම්මතයක් තිබේද?
මා මීට ඉහතදි ඔඹ සමග සම්බන්ද වූ ලිපිනයේ ගෑටලුවක් ඈති නිසා පිලිතුරු මෙහිම සදහන් කරන්නේ නම් බෙහෙවින් ස්තූතීවන්ත් වෙමි

-Nathan-

Anonymous said...

@ Nathan
මමනම් අහලා තියෙන්නේ දරුවෙකුගේ උපන් වේලව ලෙස සලකන්නේ එම දරුවා පළමු වරට හඩන වෙලාව කියයි.

Anonymous said...

ශනි 4 වෑන්නේ උච්චව හෑසිරෙන කාලය කවර ආකාරයේ
ප්‍රතිඵල බලාපොරොත්තු විය හෑකිද?(ඒරාශ්ඨකය යේදි නෑතිවිට )

Anonymous said...

හෆ්ෆා ශනි ගැන නම් කියල වැඩක් නෑ.පොර මාව නැති කරා.කොටින්ම කිව්වොත් නොමර මැරුව.

Anonymous said...

Anonymous said...
ශනි 4 වෑන්නේ උච්චව හෑසිරෙන කාලය කවර ආකාරයේ
ප්‍රතිඵල බලාපොරොත්තු විය හෑකිද?(ඒරාශ්ඨකය යේදි නෑතිවිට )

__________________________________

සෙනසුරුගේ මහ දසාවේ ගෙවෙන අන්තර් දසාව මොකක්ද?

Anonymous said...

Anonymous said...
මම සිOහ ලග්නයේ. මට කාලයකට කලින් කිවුවා මේ අවුරුද්ද අන්තිමට 20 අවුරුදු ශනි ඒරාශ්ඨකය ඉවර වෙනව කියල. ඒත් 2010 ජනවාරි ඉඳල ශනි මහ දශාව ලු. මගෙ ශනි නීචලු බලවත්ලු කුජ ස්වක්ශේත්‍ර ලු සඳු සිකුරු උච්ච ලු මට ඉස්සරහට හොඳ වේවිද ?
_______________________________________

ශනි කොහොමත් සිංහ ලග්නයට කර බලපෑම අඩුයි මම දන්න විදිහට.ඉතින් ශනි නීච නම් හොඳනෙ.ඒ කියන්නේ ශනිගෙන් ලැබෙන අවදානම් තත්වය ඒ අයුරින්ම ලැබෙන්නේ නෑ කියන එක.ඒ කියන්නේ ශනිගෙන් ලැබෙන බලපෑම අඩුයි කියන එක.මේ කිව්වේ මම දන්න විදිහට.අපේ ජ්‍යෝතීර් වේදී මහත්තය මොනව කියඉද දන්නේ නෑ.උන්නැහැගෙන්ම තමා හරි උත්තරේ ගන්ඩ වෙන්නේ :D :D

jhothishalanka said...

හැමෝම වගේ ප්‍රශ්ණ අහල තියෙන්නේ ඇනෝ ක්‍රමයෙන් නිසා තෝරල බේරල උත්තර දෙන්න අමාරුයි.ඔන්න එක එක ප්‍රශ්නෙට මම දන්න විදියට උත්තර බැදලා ඇති තෝරල බේරල ගන්න.

* 20 අවුරුද්දක් පුරාම ශනි ඒරාශ්ථකයක් ඇදී යන්නේ නැහැ.සමහර වෙලාවට සදුගේ උපන් පිහිටීම අනුව රැල්ල වගේ වරින් වර අඩු වැඩි වෙමින් ඒරාශ්ඨක අපල දිගු කලක් ඇතිවන අවස්ථා තිබෙනවා.ඔබට සුළු පැටලීමක් වී ඇති බව පෙනෙනවා.ශනි මහ දශා කාලය නම් අවු 19ක්.සිංහ ලග්න හිමියාගේ ශනි නීචව සිටින විට ස්ථාන වශයෙන් පිහිටන්නේ නව වැන්නේ.ඔබ දක්වා ඇති විස්තර යමක් පැවසීමට ප්‍රමාණවත් නැති වුවත් ඔබ දෙවනවර කමෙන්ටුවේ දක්වා ඇති අයුරින් සිංහ ලග්නයට ශනි සුභ ග්‍රහයකු නොවෙයි.නමුත් ශනි ග්‍රහයා සිංහ ලග්න හිමියාට විපරීත රාජ යෝග කාරකයෙක්.එලෙස විපරීත රාජ යෝගයක් හෝ උපතේදී නීචව සිටින ශනිගේ නීචය භංග වන අයුරින් නීච භංග රාජ යෝගයක් හෝ පිහිටන විට නිචව සිටියත් ශනි ග්‍රහයාගෙන් සිංහ ලග්න හිමියාට අධික සුභඵල උදා කරනවා.ශනි මහ දශාවේදී මෙම සුභ ඵල හොදින් ඉස්මතු කරනවා.හැබැයි එහෙම සුභඵල උදාවෙන්නේ අර කිව්ව විදියට නීව භංග හෝ විපරීත රාජ යෝග යෙදෙන විටයි.සිංහ ලග්නයට හත් අවුරුදු ශනි ඒරාශ්ඨකය ගෙවෙන්නේ නම් 2011 නොවැම්බර් 15 ආසන්නයේ.

@ Nathan
ඔයාට එකලග චන්ද්‍ර හා අෂ්ඨම ඒරාශ්ඨක දෙකක් ලැබුවා.දැන් චන්ද්‍ර ඒරාශ්ඨකේ ගෙවුනත් නොවැම්බර් 15 දක්වා අෂ්ඨම ඒරාශ්ඨකය ඇත. දරුවෙකුගේ උපන වේලාව ලෙස ගන්නේ පෙකනි වැල කපපු වෙලාව නෙවෙයි.ඉපදුන ගමන් දරුවා හඩන විට හුස්ම වැටීම සිදුවන නිසා හඩන වේලාව තමයි ගන්නේ.මේ සදහා විවිධ අදහස් තර්ක ඇත.

ශනි හතරවැන්නේ උච්චව ගෝචර ගමන යෙදෙන්නේ ලග්නය කටක වන විටයි.සාමාන්‍යයෙන් මෙය සුභ වුවත් උපතේදී ශනිගේ බල දුබලතාව අනුව වෙනස්වේ. දැනට ගතවන මහදශා අන්තර් දශා බැලීම උපන් කේන්ද්‍රයේ විස්තර අනුවයි.

Anonymous said...

හරි අපි හිතමු කුම්භ ලග්න හිමියෙක්ගේ කේදරේ 9 තුලාවේ සෙනසුරු ඉන්නව කියල.ලංකා කේන්දරේත් මම දන්න විදිහට කුම්භ.දැන් සෙනසුරු ඉන්නේ 8 කන්‍යාවේ.නොවැම්බර් වලින් පස්සේ සෙනසුරු 9 තුලාවට මාරු වෙනව.එතකොට කුම්භ ලග්න හිමියන්ගේ 9 සෙනසුරු තියෙන අයට ඒක අෂ්ඨම ඒරාෂ්ඨකයක්ද?

Anonymous said...

මගේ කේන්දරය අනුව මට 2018 සිට 2028 දක්වා චන්ද්‍ර ඒරාශ්ඨකයක් තිබෙන බව ඔයාට මතක ඇති.චන්ද්‍ර ඒරාශ්ඨකයක ස්වාභාවය හා එය පවතින විට වියහැකි විශේෂ කරුණුත් පොඩ්ඩක් පැහැදිලි කරනවද?
....චමන්ත මල්ලී....

jhothishalanka said...

Anonymous ඔයා මේ ලිපිය හරියට තේරුම් ගෙන නැහැ වගේ.ඔය කියන විදියට ශනි නවයට යාම අෂ්ඨම ඒරාශ්ඨකය නෙවෙයි.හැබැයි උපතේදී සදු නවයේ ඉන්න කුම්භ ලග්න හිමියන්ට නොවැම්බර් 15 සිට චන්ද්‍ර ඒරාශ්ඨක අපලය වැඩි වීමක් සිදුවෙනවා. උපන් කේන්ද්‍රයේ ග්‍රහ බල දුබලතා අනුව අපලයත් අඩු වැඩි වෙනවා.ඒවුනත් තුලාව ශනිට උච්ච හා යෝගකාරක නිසා ඉන් තද පීඩාවක් නැහැ.

@චමන්ත මල්ලී
2018 සිට 2028 දක්වා වසර 10 තුල ඔයාට චන්ද්‍ර මහ දශාව ගතවෙනවා.ඔයාගෙ උපතේ සදු 12 වැන්නේ ඒ අනුව ඔයාට චන්ද්‍ර ඒරාශ්ඨකය තදින් තියෙන්නේ 2027 ජුනි වල සිට ඉදිරියට වසර දෙකක් පමණ.තුවාල අනතුරු ආදියෙන් ඒ කාලයේ ප්‍රවේශම් වන්න.(සදු මහ දශාව සමඟ චන්ද්‍ර,ලග්න ඒරාශ්ඨක අපල දෙකක් එකවර යෙද්.)

Unknown said...

ශනි 4 වෑන්නේ උච්චව ඈති අයෙකුගේ (කටක ලග්නය ) 2011 නොවැම්බර් 15 සිට ශනි 4 වෑන්නටම පෑමිණෙන බෑවින් කවර ආකාරයේ ප්‍රතිඵල බලාපොරොත්තු විය හෑකිද?
(ඒරාශ්ඨකය යේදි නෑතිවිට )
ගෙවන මහ දශා ගුරු අතුරු දශා ශනි (2012 ජනවාරි අග දක්වා )

jhothishalanka said...

@Gura
ගේ දොර ඉඩකඩම් බව භෝග වලට ඉතා හොදයි..ගෙවල් හදන්න විශේෂ සුභයි.

යසියා said...

සමාවෙන්න මම මගේ පෞද්ගලික කාරනාවක් අහන්නේ.. තැන් දෙක තුනකින් කිව්ව මම මේ වෙනකොට සවිමත් ප්‍රේම සම්බන්දයක ඉන්න ඕන කියලා.ඒත් තවම එහෙම වුනේ නෑ..එහෙම කියලත් දැන් මාස තුනකට වැඩී.. එහෙම වෙන්නෙ මොකද?

Anonymous said...

ඈයි ශනි දුකටම අධිපති වෙන්නේ. ශනිගෙන් හොදක් ලබන්නම බෑරිද?

Anonymous said...

උපතෙදී ශනි 7 වෑන්නේ තෑන්පත්ව සිටයම මොකඩ වෙන්නේ?. විවාහයට ඈයි ශනි 7තේම කෙනෙක් හොයන්න කියන්නෙ?

jhothishalanka said...

@යසියා
ඉතා කලාතුරකින් කෙනෙකුට කේන්ද්‍රයෙන් කියවෙන පලාඵල විස්තර වෙනස් වෙන්න පුළුවන්.උපන් කේන්ද්‍රයේ වැරදීම් උපනා වේලාවේ වෙනස්කම්,කේන්ද්‍රයේ පලාඵල බලන්නන්ට වැරදීම් පැටලීම් සිදුවීම.නිසි ලෙස ශාස්ත්‍රීය දැනුම නැති කේන්ද්‍රබලන්නන් හමුවීම ආදී කරුනු ගොඩක් මීට හේතු වෙන්න පුළුවන්.

Anonymous
ශනිගෙන් සෑම විටම දුක් ලැබෙන්නේ නැහැ.ශනිගෙන් සැප සම්පත් ලැබෙන අවස්ථාවන්ද ඇත.උපතේදී ශනි එකොලොස් වැන්නේ බලවත්ව සිටින අයට හා ශනි 11 වැන්නේ ගෝචර ගමන ගත කරන අයට ශනිගෙන් ධනය දියුණුව සැප සම්පත් ලැබෙන අවස්ථා තිබෙනවා.උපන් කේන්ද්‍රයේ බල දුබලතාත් මීට විශේෂයි.

උපතේදී කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් හත්වැන්නේ තැන්පත්වූ විට එමගින් හත්වැන්නට පාපාංශක බලපෑමක් ඇති වෙනවා.ස්ත්‍රී පුරුෂ ස්වභාවය,අනිත් ග්‍රහයන්ගේ පිහිටීම,සුභ අසුභ ග්‍රහයන්ගෙන් හත් වැන්නට ඇති වන බලපෑම,එම පාප ග්‍රහයන් හතේ පිහිටි ආකාරය අනුව එමගින් විවාහයට ඇතිවන බලපෑම අඩු වැඩි වෙනවා.මේ පිහිටීම පිරිමි අයට වඩා ගෑනු අයට තමයි බලපාන්නේ.ස්ත්‍රී කේන්ද්‍රයක ශනි හතේ ඇති විට එවැනිම කේන්ද්‍රයක් පොරොන්දම් ගැලපිය යුතු යැයි නියමයක් නැහැ. ඊට ගැලපෙන පාපාංශක යෙදෙන වෙනත් ක්‍රමද ඇත.ඒවා සලකා බලා සුදුසු පිරිමි කේන්ද්‍රයක් ගැලපීම වඩාත් සුභයි.

සංජු said...

මගේ කේන්දරෙත් ජන්ම ඒරාශ්ඨකයක් සහ ලග්න ඒරාශ්ඨකයක් කියලා දෙකක්ම යෙදිලා තියෙනවලු. අර තරුණ කාලෙ සිද්ධ වෙනවයි කියලා තියෙන රැකියා ප්‍රශ්න අදටත් මට ඒ විදියටම තියෙනවා. විවාහ වෙලා නැති එක ගැන නම් මට සතුටුයි ඒ නිසා. මගේ ඒ ඒරාශ්ටක දෙකම මේ අවුරුද්දේ මැයි හා දෙසැම්බර් මාස වල අවසන් වෙනව කියල තියෙනව. ඒ වගේ ඒරාශ්ටක ගෙවෙන්න කිට්ටු වුණාම අපල ගොඩක් වැඩි වෙනව කියල කියන කතාව ඇත්තද?

jhothishalanka said...

@සංජු
සමහර අවස්ථාවල අපල ගෙවී යන විට අපල වැඩි වෙන අවස්ථා ඇත.යන යකා කොරහ පෙරළගෙනම යනවැයි කියල කතාවක් තියෙනවනේ.

paruk said...

මෙලොව නොපෙනෙන බලවේගයන් විස්වාස කරන අය බොහෝමය ඒ අතරින් දෙවියන් සහ බූතයන්, තොවිල් ,කොඩිවින , ජ්‍යොතිෂය සහ හස්ත රේකා, වැනි ඉන් ප්‍රදාන තැනක් ගනියි හිතවත හිතවතිය අපිට මේ ලෝකේ නොපෙනෙන බලවේගයන් විසින් මේ වෙන තෙක් කිසිම දෙයක් ලැබිලත් නෑ කරලත් නෑ මෙහි ඇත්ත ගොඩක් ගැඹුරුයි එය තේරුම් ගත හැකි අය ඇත්තේ අතලොස්සකි මේ හැම දෙකින්ම කරනුයේ මිස්නිසුන් මුලාවේ දැමීම පමණී
මෙහි සත්තය පෙන්නුම් කරනු ලැබුවේ ඒබ්‍රහම් ටී කොවුර් මහතායි

jhothishalanka said...

@paruk
මිතුර, ජ්‍යොතිෂය කියන්නේ නොපෙනෙන බලවේගයක් නෙවෙයි.පෙනෙන විද්‍යාවකි.

Anonymous said...

@paruk
කෝවුර්ට ශබ්දය දෘෂ්‍ය විදිහට පේනවද?රේඩාර් කිරන කෝවුර්ගේ ඇස්දෙකට පෙනිල වගේ හරියට කතා කරන්නේ.ඒ වුනාට ඒ නොපෙනෙන රේඩාර් එකෙන් අපි කොයි තරම් වැඩ ගන්නවද?කෙනෙක් කතාවක් කිව්ව පළියට හැම එකම පිළි ගන්න එකත් මෝඩයෝ නොපිළිගන්න එකත් මෝඩයෝ.බුද්ධියෙන් විමසල තීරණය කරන්නේ නැතුව.

Anonymous said...

ශනිගෙන් 8 වැන්නේ රාහු හිටියම මොකද වෙන්නේ?. ඒක විවාහයට බලපැම් අතිකරනවද?.

jhothishalanka said...

Anonymou ශනිගෙන් අටේ රාහු සිටීම විවාහයට විශේෂ බලපෑමක් ලෙස දක්වා නැත.කටක සිංහ ලග්න කාරයින්ට මේක විවාහයට තරමක් අසුභ පිහිටීමක් ලොකු අවුලක් නැහැ.

මුතු said...

මම ඉගෙන ගෙන ඇත්තේ ශනි දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර අනිත් වසර පහට වඩා අපල වැඩි බවයි. එය වැරදිද?

ශරීරයේ තුවාල වීම්(වම් කකුල) අසනීප ඇතිවේ - හරියටම මම දන්නා කෙනෙක් ඉන්නවා ඒරාෂ්ටක නම් නෙමෙයි එයාට ශනි මහ දසාව ලබපු ගමන්ම වගේ ජීවිතේටම හොඳ කරන්න බැරි කකුලේ ඉදිමීමක් ඇතිවෙලා තිබුන. එකත් වම් කකුලේම තමයි. Lymph oedema . පවු කොල්ලට වයස දැන් 22 යි. 20 දී විතර හැදිලා තිබුනෙත්.

* ශනි ග්‍රහයා උපතේදී සදු සිටින රාශයෙන් අටවන රාශියේ ගමන් කරන විටද අපල කරදර ඇති විය හැක.- ඒක නම් සම්පුර්ණ ඇත්ත.
මාව නැතිකළේ චන්ද්‍ර අෂ්ටම එරාෂ්ටකයක් තමයි. දැන් යන්නෙත් ලග්න අෂ්ටම එරාෂ්ටකයක්. කරුමේ තමයි. හොදම වැඩේ ඒක නෙමෙයි අයියේ ලග්නෙ කුම්භ, ශනි ඉන්නේ තුලාවේ. ඒත් පුදුම කරුමයක් ගෙවන්නේ. පුදුම හිත් වේදනාවකින් ඉන්නේ. හිතමයි රිදවන්නේ. දැනුත් මේ අයියගේ පොස්ට් බලන්නේ හිත් වේදනාව තුනී කරගන්න. මට හිතාගන්න බැරි ඇයි එහෙම වෙන්නේ. පුළුවන් නම් උත්තරයක් දෙන්න අයියේ.

jhothishalanka said...

@මුතු
ශනි දෙවැන්නේ ගමන් කරන කාලය සමහරුන්ට තද අපල කරන වෙලාවලුත් තියෙනවා.දේපල වස්තු නැති කිරීම අතින් ශනි දෙවැන්නේ ගමන් කාලය අපල වැඩියි.සෞඛ්‍ය පීඩා තුවලා අනතුරු අවදානමට වැඩිය ධනය දියුණුව අතින් දෙවැන්නේ ගමන් කාලය අපල කරන වේලාවන් තිබෙනවා.
ජ්‍යොතිෂය තියෙන්නේ තමන්ට එන අපල දැනගෙන හිත කලකිරවාගන්න නෙවෙයි.අපල කරදර දැනගෙන ඒවාට මුහුණ දෙන්න.බුදු දහමේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියලා හදුන්නල තියෙන්නේ නිසි කලට ධනය දියණුව විවාහය හා රැකියාව සිදුවන එකට සමහර අයට මේ තුනේ අඩුපාඩු තිබෙනවා.ඒත් ඒවා විදදරාගෙන ජීවිතයට මුහුණ දෙන එක තමයි නියම ක්‍රමේ.තමන් ඉතා හොදට ධාර්මිකව ජීවත් වුනත් තමන්ට නිතර කරදර පැමිනීම හා නරක දුර්ජන නපුරු මිනිස්සුන්ට සෑම අතින්ම යහපත් ප්‍රතිඵල පැමිනෙන අයුරු දුටුවහම සමහර වෙලාවට දෙවියන් බුදුන් යහපත් ධර්ම ගැනත් එක එක සිතුවිලි එන්න පුළුවන්.ඒත් හොදට හොදත් නරකට නරකත් ලැබෙනවාමයි.ලග්නාධිපති ශනි පුන්‍යස්ථානයේ යෝගකාරක හා උච්ච බලයෙන් සිටීම පෙරපින් බලය පෙන්වන පිහිටීමක්.සමහර අවස්ථා වලදී මාර්ගඵල ආසන්න පින් ඇති අයට තමන් පෙර කරපු ප්‍රාර්ථනා අනුව ලෞකික සැප සම්පත් වලින් තරමක් ඈත් කර තබනවා.ඉතින් ඒ අය හිතන්නේ තමන්ට සැප විදින්න පින් නෑ කියලා.

මුතු said...

පිළිතුරට ඔබට තුති....!!!

නිසි කලට ධනය දියණුව විවාහය හා රැකියාව... ඒ එකක්වත් මට ඒ විදියට නෑ. ඒවා විදදරා ගන්න ශක්තියත් නෑ. මමත් පුළුවන් උපරිමෙන් ධාර්මිකව ජීවත් වෙන්නේ ඒත් මට වෙන්නෙම මගේ හිත රිදවන දේවල්මයි. නරක මිනිස්සුන්ට සෑම අතින්ම යහපත් ප්‍රතිඵල ලැබෙනවා දකිද්දී මටත් මගේ ආගම දහම ගැන මටම කලකිරෙනවා.

දැනටත් මට රැකියාවක් නොමැත. අනික් කරුණු ද කිසිවක් තවම නැත. විවාහයට වුවද පෙරනිමිත්තක්වත් නැත. ජීවිතය ගැන ඇත්තේ ලොකු කලකිරීමකි. මට හිතන්නේම සැප විදින්න නැතත් ප්‍රධාන අවශ්‍යතා සපුරා ගැනීමටවත් පින් නැති ලෙසකි. වයස අනුව දෙමවුපියන්ටද හිතට විශාල බරක් වී ඇත. ( මව දන්නා හැම තැනකින්ම මාගේ හදහන බලන්නීය. ජ්‍යෝතිෂවේදීන් කියන්නේද බොරු යයි මට සිතේ.) ඉතින් මා හට කුමන පෙර පිනක් ද ? මටම සිතාගත නොහැක. මේ පිලිබදව ඔබ තුමන් හට පහදා දීමට හැකිනම් (මේ අවස්ථාවේදී හිත හදාගනිමටවත්) එය පිනකි.

මගේ වයස ගැන දල අදහසක් ඔබ තුමාට ඇති. ගුරු 10 කොටුවේ පිහිටා ඇත. ඒ අනුව නිවැරදිව වයස අනුමාන කල හැකි බව මම දනිමි. ඒ නිසා ඔබ තුමන් හට අයියා ලෙසින් ඇමතීම වැරදි නම් කිව මැනවි.

Related Posts Plugin for WordPress, Blogger...